"අමරාවතී-2" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 9ක්) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
− | බෞද්ධ පුරාවස්තුවලින් ගහන, සුප්‍රසිද්ධ ඉන්දියානු නගරයක් වූ මෙය මදුරාසියේ ගුන්තූර් දිස්ත්‍රික්කයේ කෘෂ්ණ නදියේ දකුණු තීරය අසබඩ පිහිටියේය. ගංමෝයේ සිට අමරාවතියට දුර සැතපුම් 60ක් පමණ වේ. වෙංගි නම් වූ පැරණි ආන්ධ්‍ර බෞද්ධ රාජ්‍යයේ ප්‍රධාන නගරය අමරාවතිය විය. විශාල මැටි පවුරකින් වට වූ පැරණි අමරාවති නගරය ධාන්‍යකටක (ධරණිකොට්) නමින් ද හැඳින්විණි. එය වර්තමාන අමරාවතී නගරයට සැතපුම් බාගයක් පමණ බටහිරින් පිහිටියේය. මෙහි පුරාවස්තු අතර ඉතා වැදගත් වන්නේ අමරාවතී ස්තූපයයි. | + | [[ගොනුව:646.jpg|300px|right]]බෞද්ධ පුරාවස්තුවලින් ගහන, සුප්‍රසිද්ධ ඉන්දියානු නගරයක් වූ මෙය මදුරාසියේ ගුන්තූර් දිස්ත්‍රික්කයේ කෘෂ්ණ නදියේ දකුණු තීරය අසබඩ පිහිටියේය. ගංමෝයේ සිට අමරාවතියට දුර සැතපුම් 60ක් පමණ වේ. වෙංගි නම් වූ පැරණි ආන්ධ්‍ර බෞද්ධ රාජ්‍යයේ ප්‍රධාන නගරය අමරාවතිය විය. විශාල මැටි පවුරකින් වට වූ පැරණි අමරාවති නගරය ධාන්‍යකටක (ධරණිකොට්) නමින් ද හැඳින්විණි. එය වර්තමාන අමරාවතී නගරයට සැතපුම් බාගයක් පමණ බටහිරින් පිහිටියේය. මෙහි පුරාවස්තු අතර ඉතා වැදගත් වන්නේ අමරාවතී ස්තූපයයි. |
ක්‍රිස්තු පූර්ව 200 පමණේ සිට ම අමරාවතිය ඉන්දියාවේ ප්‍රධාන බෞද්ධ නගරයක් විය. එවක අමරාවතියෙහි ථෙරවාදී බුද්ධාගම ප්‍රචලිතව පැවැති බැව් පෙනේ. ක්‍රි.ව.දෙවන සියවස පමණේ දී ආන්ධ්‍ර දේශයෙහි වැඩවිසූ, මහායාන ධර්මයෙහි ආරම්භකයා වූ, නාගාර්ජුනයන් නිසා අමරාවතියේ මහායාන බුද්ධධර්මය පැතිරිණි. සත්වන සියවසේ මුල්භාගයේ දී හියුං සාං නැමති සුප්‍රසිද්ධ චීන දේශාටකයා මෙහි පැමිණෙන විට, අමරාවතියේ බුදුසමය බොහෝ සෙයින් පරිහාණියට පත්ව තිබුණ බැව් ඔහුගේ වාර්තාවන්ගෙන් පැහැදිලි වේ. එහෙත් එකල පවා මහායානික භික්ෂූන් දහස් ගණනක් විසූ විහාරාරාම විස්සක් පමණ තිබුණු බැව් සඳහන් වේ. එසේ වුව ද අමරාවතී ස්තූපය ගැන හියුං සාං වාර්තා නොකරයි. අමරාවතිය ශතවර්ෂ කිහිපයක් ම බෞද්ධ මධ්‍යස්ථානයක්ව පැවැති බැව් එහි තිබී සොයාගනු ලැබූ ලෝකඩ හා සෙල්මුවා බුද්ධබෝධිසත්ව ප්‍රතිමාවලින් පෙනේ. මේවා සවන හා එකොළොස් වන සියවස් අතර කාලයට අයත් සේ සැලකේ. | ක්‍රිස්තු පූර්ව 200 පමණේ සිට ම අමරාවතිය ඉන්දියාවේ ප්‍රධාන බෞද්ධ නගරයක් විය. එවක අමරාවතියෙහි ථෙරවාදී බුද්ධාගම ප්‍රචලිතව පැවැති බැව් පෙනේ. ක්‍රි.ව.දෙවන සියවස පමණේ දී ආන්ධ්‍ර දේශයෙහි වැඩවිසූ, මහායාන ධර්මයෙහි ආරම්භකයා වූ, නාගාර්ජුනයන් නිසා අමරාවතියේ මහායාන බුද්ධධර්මය පැතිරිණි. සත්වන සියවසේ මුල්භාගයේ දී හියුං සාං නැමති සුප්‍රසිද්ධ චීන දේශාටකයා මෙහි පැමිණෙන විට, අමරාවතියේ බුදුසමය බොහෝ සෙයින් පරිහාණියට පත්ව තිබුණ බැව් ඔහුගේ වාර්තාවන්ගෙන් පැහැදිලි වේ. එහෙත් එකල පවා මහායානික භික්ෂූන් දහස් ගණනක් විසූ විහාරාරාම විස්සක් පමණ තිබුණු බැව් සඳහන් වේ. එසේ වුව ද අමරාවතී ස්තූපය ගැන හියුං සාං වාර්තා නොකරයි. අමරාවතිය ශතවර්ෂ කිහිපයක් ම බෞද්ධ මධ්‍යස්ථානයක්ව පැවැති බැව් එහි තිබී සොයාගනු ලැබූ ලෝකඩ හා සෙල්මුවා බුද්ධබෝධිසත්ව ප්‍රතිමාවලින් පෙනේ. මේවා සවන හා එකොළොස් වන සියවස් අතර කාලයට අයත් සේ සැලකේ. | ||
6 පේළිය: | 6 පේළිය: | ||
තුදුස්වන සියවසේ පටන් අටළොස්වන සියවස දක්වා ප්‍රාදේශික ශිලා ලිපිවල ධාන්‍යකටකය ගැන සඳහන් වෙතත්, බෞද්ධ ගොඩනැඟිලි ගැන කිසි තොරතුරක් ඇතුළත් නොවේ. | තුදුස්වන සියවසේ පටන් අටළොස්වන සියවස දක්වා ප්‍රාදේශික ශිලා ලිපිවල ධාන්‍යකටකය ගැන සඳහන් වෙතත්, බෞද්ධ ගොඩනැඟිලි ගැන කිසි තොරතුරක් ඇතුළත් නොවේ. | ||
− | + | [[ගොනුව:647.jpg|800px|center]] | |
අමරාවතිය කෙරේ නැවත ලෝකයාගේ සැලකිල්ල යොමුවූයේ ක'නල් මැකෙන්සි මහතා විසින් 1816දී එහි පුරාවස්තු පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුය. මෙම පරීක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් අමරාවතී ස්තූපයේ සැලැස්මක් සකස් කරගැනීමට ද කැටයම් පුවරු, ශිලා ලිපි, ස්තම්භ ආදි අගනා පුරාවස්තු රැසක් සොයා ගැනීමට ද හැකිවිය. අනතුරුව මෙහි පුරාවස්තු සෙවීමෙහි නිරත වූ සර් වොල්ටර් එලියට් මහතා විසින් "දාගැබ් ගොඩැල්ල" කැණීමෙන් විසිතුරු කැටයමින් හෙබි කිරිගරුඞ' පුවරු කැබලි සිය ගණනක් සොයා ගන්නා ලදි. මෙම පුවරු දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කොට තිබේ. නැවත 1877දී දාගැබ් ගොඩැල්ල කැණීමේ දී රොබට් සුවල් මහතා විසින් කැටයම් රාශියක් සොයාගනු ලැබීය. | අමරාවතිය කෙරේ නැවත ලෝකයාගේ සැලකිල්ල යොමුවූයේ ක'නල් මැකෙන්සි මහතා විසින් 1816දී එහි පුරාවස්තු පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුය. මෙම පරීක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් අමරාවතී ස්තූපයේ සැලැස්මක් සකස් කරගැනීමට ද කැටයම් පුවරු, ශිලා ලිපි, ස්තම්භ ආදි අගනා පුරාවස්තු රැසක් සොයා ගැනීමට ද හැකිවිය. අනතුරුව මෙහි පුරාවස්තු සෙවීමෙහි නිරත වූ සර් වොල්ටර් එලියට් මහතා විසින් "දාගැබ් ගොඩැල්ල" කැණීමෙන් විසිතුරු කැටයමින් හෙබි කිරිගරුඞ' පුවරු කැබලි සිය ගණනක් සොයා ගන්නා ලදි. මෙම පුවරු දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කොට තිබේ. නැවත 1877දී දාගැබ් ගොඩැල්ල කැණීමේ දී රොබට් සුවල් මහතා විසින් කැටයම් රාශියක් සොයාගනු ලැබීය. | ||
− | + | [[ගොනුව:648.jpg|800px|center]] | |
මේ වකවානුවේ දී සොයා ගනු ලැබූ පුරාවස්තු මදුරාසියේ ආණ්ඩුවේ කෞතුකාගාරයෙහි තැන්පත් කරන ලදි. අනතුරුව මදුරාසියේ ආණඩුකාර ධූරය ඉසුලූ බකිංහැම්හි ආදිපාදතුමා විසින් "දාගැබ් ගොඩැල්ල" සම්පූර්ණයෙන් ම හාරවා දැමීම නිසා අමරාවතී ස්තූපය සහමුලින් ම විනාශයට පත් විය. | මේ වකවානුවේ දී සොයා ගනු ලැබූ පුරාවස්තු මදුරාසියේ ආණ්ඩුවේ කෞතුකාගාරයෙහි තැන්පත් කරන ලදි. අනතුරුව මදුරාසියේ ආණඩුකාර ධූරය ඉසුලූ බකිංහැම්හි ආදිපාදතුමා විසින් "දාගැබ් ගොඩැල්ල" සම්පූර්ණයෙන් ම හාරවා දැමීම නිසා අමරාවතී ස්තූපය සහමුලින් ම විනාශයට පත් විය. | ||
− | + | [[ගොනුව:649.jpg|800px|center]] | |
'''ස්තූපය:''' ආන්ධ්‍රා දේශයට අයත් නාගාර්ජුන කොණ්ඩ, භට්ටිප්‍රෝලු, ඝණ්ටශාල, ගුමදිදිරු ආදි ස්ථානවල පිහටි බෞද්ධ ස්තූප අතුරෙහි උසස් ම නිර්මාණය වනුයේ අමරාවතී ස්තූපයයි. චෛත්‍ය ස්ථානයෙන් සොයාගනු ලැබූ ශිලා ලිපිවල මෙය මහාචෛත්‍යය නමින් හැඳින්විණ. එහි සැලැස්ම හා නිර්මාණය පිළිබඳ කරුණු දතහැක්කේ සම්පූර්ණයෙන් විනාශ වීමට පෙර ස්තූප ගොඩැල්ල දුටු මැකෙන්සි, සුවල් ආදීන්ගේ වාර්තාවන් ද ආන්ධ්‍රා දේශයේ පිහිටි අනෙක් ස්තූපවල ආකෘතීන් ද අමරාවතී ස්තූපයෙන් සොයා ගනු ලැබූ කැටයම් පුවරුවල දැක්වෙන චෛත්‍ය ලක්ෂණයන් ද අනුසාරයෙනි. මෙහි ලා කැටයම් පුවරු විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. | '''ස්තූපය:''' ආන්ධ්‍රා දේශයට අයත් නාගාර්ජුන කොණ්ඩ, භට්ටිප්‍රෝලු, ඝණ්ටශාල, ගුමදිදිරු ආදි ස්ථානවල පිහටි බෞද්ධ ස්තූප අතුරෙහි උසස් ම නිර්මාණය වනුයේ අමරාවතී ස්තූපයයි. චෛත්‍ය ස්ථානයෙන් සොයාගනු ලැබූ ශිලා ලිපිවල මෙය මහාචෛත්‍යය නමින් හැඳින්විණ. එහි සැලැස්ම හා නිර්මාණය පිළිබඳ කරුණු දතහැක්කේ සම්පූර්ණයෙන් විනාශ වීමට පෙර ස්තූප ගොඩැල්ල දුටු මැකෙන්සි, සුවල් ආදීන්ගේ වාර්තාවන් ද ආන්ධ්‍රා දේශයේ පිහිටි අනෙක් ස්තූපවල ආකෘතීන් ද අමරාවතී ස්තූපයෙන් සොයා ගනු ලැබූ කැටයම් පුවරුවල දැක්වෙන චෛත්‍ය ලක්ෂණයන් ද අනුසාරයෙනි. මෙහි ලා කැටයම් පුවරු විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ. | ||
− | + | [[ගොනුව:650.jpg|400px|right]] | |
අමරාවතී ස්තූපය ඉදිකරන ලද්දේ ක්‍රි.පූ.200 පමණේ දීය. මුල් චෛත්‍යය සාංචි ස්තූපය මෙන් චාම් වුව ද, පසු කාලයේ දී මෙය විශාල කොට කැටයම් පුවරුවලින් වසා ස්තූපය වටා ගරාදි කැටයම් පුවරුවලින් වසා ස්තූපය වටා ගරාදි වැටක් තනනු ලැබීය. මේ නවකම් ක්‍රි.ව.150 හා 200 අතර කාලයට අයත් බැව් ශිලා ලිපිවලින් පෙනේ. අර්ධගෝලාකාර ගර්භයකින් යුත් ස්තූපය ගඩොළින් බැඳ මතුපිට බදාම ගා සකස් කනර ලද්දකි. ස්තූපය වටා වූ ගරාදි වැට දොරටු සතරකින් යුක්තය. ස්තම්භ, සූචි හා උෂ්ණීෂ යන කොටස්වලින් යුක්ත වූ මෙම ගරාදිවැට පද්ම, මාලාදාම ආදි සැරසිලි මෝස්තරවලින් හා බුද්ධ චරිතය නිරූපණය කෙරෙන කැටයම්වලින් අලංකාර වේ. එක් එක් දොරටුවේ දෙපාර්ශවයෙහි සිංහ ස්තම්භ යොදා ඇත. සාඤ්චියේ මෙන් තොරන් මෙහි නොදක්නා ලැබේ. ස්තූප පාදය හා ගරාදි වැට අතර වූ කොටස ප්‍රදක්ෂිණාපථය විය. ස්තූප ගර්භයේ විෂ්කම්භය අඩි 160ක් පමණ වේ. එහි පහත කොටසෙහි උස් වේදිකාවක් වෙයි. ගරාදි වැටකින් ආවරණය වූ මෙය දෙවන ප්‍රදක්ෂිණා පථයක් ලෙස ගැණේ. ප්‍රදක්ෂිණාපථය, සිවු දෙසින් ඉදිරියට නෙරා සිටින සේ ඉදිකළ "[[ආයක]]" (බ.) නම් වූ වේදිකා සතරකින් යුක්ත වේ. එක් එක් ආයකයක් මත අටපට්ටම් ස්තම්භ පයක් බැගින් සිටුවා ඇත. මේවාට ආයක ඛම්භ (ආයක ස්තම්භ යන නම යෙදේ. චෛත්‍ය ගර්භයෙන් ඉදිරියට නෙරා සිටීම නිසා, ආයකය ලංකාවේ චෛත්‍යයන්හි දක්නා වාහල්කඩට තරමක් සාමානය. එහෙත් ඒ දෙවර්ගය නිර්මාණය අතින් වෙනස්ය. ([[වාහයල්කඩ]] බ.) ආයකයේ පාමුල අඩ පියුමක ආකාරයෙන් නෙළා ඇති පුවරු ලංකාවේ සඳකඩ පහණවල ප්‍රභවයට හේතුවීයයි ([[සඳකඩ පහණ]] බ.) ඇතැම් පුරාවිද්‍යාඥයෝ කල්පනා කරති. | අමරාවතී ස්තූපය ඉදිකරන ලද්දේ ක්‍රි.පූ.200 පමණේ දීය. මුල් චෛත්‍යය සාංචි ස්තූපය මෙන් චාම් වුව ද, පසු කාලයේ දී මෙය විශාල කොට කැටයම් පුවරුවලින් වසා ස්තූපය වටා ගරාදි කැටයම් පුවරුවලින් වසා ස්තූපය වටා ගරාදි වැටක් තනනු ලැබීය. මේ නවකම් ක්‍රි.ව.150 හා 200 අතර කාලයට අයත් බැව් ශිලා ලිපිවලින් පෙනේ. අර්ධගෝලාකාර ගර්භයකින් යුත් ස්තූපය ගඩොළින් බැඳ මතුපිට බදාම ගා සකස් කනර ලද්දකි. ස්තූපය වටා වූ ගරාදි වැට දොරටු සතරකින් යුක්තය. ස්තම්භ, සූචි හා උෂ්ණීෂ යන කොටස්වලින් යුක්ත වූ මෙම ගරාදිවැට පද්ම, මාලාදාම ආදි සැරසිලි මෝස්තරවලින් හා බුද්ධ චරිතය නිරූපණය කෙරෙන කැටයම්වලින් අලංකාර වේ. එක් එක් දොරටුවේ දෙපාර්ශවයෙහි සිංහ ස්තම්භ යොදා ඇත. සාඤ්චියේ මෙන් තොරන් මෙහි නොදක්නා ලැබේ. ස්තූප පාදය හා ගරාදි වැට අතර වූ කොටස ප්‍රදක්ෂිණාපථය විය. ස්තූප ගර්භයේ විෂ්කම්භය අඩි 160ක් පමණ වේ. එහි පහත කොටසෙහි උස් වේදිකාවක් වෙයි. ගරාදි වැටකින් ආවරණය වූ මෙය දෙවන ප්‍රදක්ෂිණා පථයක් ලෙස ගැණේ. ප්‍රදක්ෂිණාපථය, සිවු දෙසින් ඉදිරියට නෙරා සිටින සේ ඉදිකළ "[[ආයක]]" (බ.) නම් වූ වේදිකා සතරකින් යුක්ත වේ. එක් එක් ආයකයක් මත අටපට්ටම් ස්තම්භ පයක් බැගින් සිටුවා ඇත. මේවාට ආයක ඛම්භ (ආයක ස්තම්භ යන නම යෙදේ. චෛත්‍ය ගර්භයෙන් ඉදිරියට නෙරා සිටීම නිසා, ආයකය ලංකාවේ චෛත්‍යයන්හි දක්නා වාහල්කඩට තරමක් සාමානය. එහෙත් ඒ දෙවර්ගය නිර්මාණය අතින් වෙනස්ය. ([[වාහයල්කඩ]] බ.) ආයකයේ පාමුල අඩ පියුමක ආකාරයෙන් නෙළා ඇති පුවරු ලංකාවේ සඳකඩ පහණවල ප්‍රභවයට හේතුවීයයි ([[සඳකඩ පහණ]] බ.) ඇතැම් පුරාවිද්‍යාඥයෝ කල්පනා කරති. | ||
19 පේළිය: | 19 පේළිය: | ||
'''කැටයම් හා බුදු පිළිම:''' අමරාවතී ස්තූපය මුළු මනින් ම වාගේ කැටයම් කළ කිරිගරුඬ පුවරුවලින් අලංකාර වූ බව යට කියැවිණ. ස්තූපය වටා පිහිටි ගරාදි වැට ද සම්පූර්ණයෙන් ම කැටයමින් හෙබියේයි. මෙම කැටයම්වල බුද්ධ චරිතය සම්බන්ධ කථා වස්තු ද විවිධ ආසනයන්ගෙන් හා මුද්‍රාවලින් යුත් බුද්ධ රූප ද මිනිසුන් හා බහිරවයන් විසින් උසුලාගෙන සිටින අයුරු දැක්වෙන මාලාදාම මෝස්තර ද පුන්කලස්, ත්‍රිශුල ආදි කැටයම් මෝසත්ර ද බහුල ය. | '''කැටයම් හා බුදු පිළිම:''' අමරාවතී ස්තූපය මුළු මනින් ම වාගේ කැටයම් කළ කිරිගරුඬ පුවරුවලින් අලංකාර වූ බව යට කියැවිණ. ස්තූපය වටා පිහිටි ගරාදි වැට ද සම්පූර්ණයෙන් ම කැටයමින් හෙබියේයි. මෙම කැටයම්වල බුද්ධ චරිතය සම්බන්ධ කථා වස්තු ද විවිධ ආසනයන්ගෙන් හා මුද්‍රාවලින් යුත් බුද්ධ රූප ද මිනිසුන් හා බහිරවයන් විසින් උසුලාගෙන සිටින අයුරු දැක්වෙන මාලාදාම මෝස්තර ද පුන්කලස්, ත්‍රිශුල ආදි කැටයම් මෝසත්ර ද බහුල ය. | ||
− | [[ගොනුව:E-1.jpg|400px|left]] | + | [[ගොනුව:E-1.jpg|400px|left]][[ගොනුව:E-2.jpg|400px|right]] |
අමරාවතියේ පැරණි ම කැටයම් ක්‍රි.පූ.දෙවන හෝ පළමුවන සියවස්වලට අයත් වේ. මේවායේ බුද්ධ රූපය නොදක්නා ලැබේ. ඒ වෙනුවට භර්හූත්, සාංචි සම්ප්‍රදායන් අනුව යෙමින් බෝධි වෘක්ෂ, ධර්මචක්‍ර, ස්තූප, ශ්‍රිපාද ආදි සංකේත යෙදිණි. කැටයම්වලින් වැඩි ප්‍රමානයක් ක්‍රි.ව.දෙවන සියවස තුළ දී නිර්මාණය කරන ලද්දේය. ගරාදි වැටෙහි වූ කැටයම් ද ස්තූපයේ ගර්භය සැරසූ කැටයම් ද මේ අවධියට අයත් වේ. ගරාදි වැටෙහි පමණක් වර්ග අඩි 1,700ක ප්‍රමාණයේ කැටයම් තූබු බව කියැවේ. මෙකී දෙවන කාල පරිච්චේදයට අයත් කැටයම්වල බුද්ධ රූපය සුලභය. | අමරාවතියේ පැරණි ම කැටයම් ක්‍රි.පූ.දෙවන හෝ පළමුවන සියවස්වලට අයත් වේ. මේවායේ බුද්ධ රූපය නොදක්නා ලැබේ. ඒ වෙනුවට භර්හූත්, සාංචි සම්ප්‍රදායන් අනුව යෙමින් බෝධි වෘක්ෂ, ධර්මචක්‍ර, ස්තූප, ශ්‍රිපාද ආදි සංකේත යෙදිණි. කැටයම්වලින් වැඩි ප්‍රමානයක් ක්‍රි.ව.දෙවන සියවස තුළ දී නිර්මාණය කරන ලද්දේය. ගරාදි වැටෙහි වූ කැටයම් ද ස්තූපයේ ගර්භය සැරසූ කැටයම් ද මේ අවධියට අයත් වේ. ගරාදි වැටෙහි පමණක් වර්ග අඩි 1,700ක ප්‍රමාණයේ කැටයම් තූබු බව කියැවේ. මෙකී දෙවන කාල පරිච්චේදයට අයත් කැටයම්වල බුද්ධ රූපය සුලභය. | ||
12:42, 2 ඔක්තෝබර් 2023 වන විට නවතම සංශෝධනය
බෞද්ධ පුරාවස්තුවලින් ගහන, සුප්‍රසිද්ධ ඉන්දියානු නගරයක් වූ මෙය මදුරාසියේ ගුන්තූර් දිස්ත්‍රික්කයේ කෘෂ්ණ නදියේ දකුණු තීරය අසබඩ පිහිටියේය. ගංමෝයේ සිට අමරාවතියට දුර සැතපුම් 60ක් පමණ වේ. වෙංගි නම් වූ පැරණි ආන්ධ්‍ර බෞද්ධ රාජ්‍යයේ ප්‍රධාන නගරය අමරාවතිය විය. විශාල මැටි පවුරකින් වට වූ පැරණි අමරාවති නගරය ධාන්‍යකටක (ධරණිකොට්) නමින් ද හැඳින්විණි. එය වර්තමාන අමරාවතී නගරයට සැතපුම් බාගයක් පමණ බටහිරින් පිහිටියේය. මෙහි පුරාවස්තු අතර ඉතා වැදගත් වන්නේ අමරාවතී ස්තූපයයි.ක්‍රිස්තු පූර්ව 200 පමණේ සිට ම අමරාවතිය ඉන්දියාවේ ප්‍රධාන බෞද්ධ නගරයක් විය. එවක අමරාවතියෙහි ථෙරවාදී බුද්ධාගම ප්‍රචලිතව පැවැති බැව් පෙනේ. ක්‍රි.ව.දෙවන සියවස පමණේ දී ආන්ධ්‍ර දේශයෙහි වැඩවිසූ, මහායාන ධර්මයෙහි ආරම්භකයා වූ, නාගාර්ජුනයන් නිසා අමරාවතියේ මහායාන බුද්ධධර්මය පැතිරිණි. සත්වන සියවසේ මුල්භාගයේ දී හියුං සාං නැමති සුප්‍රසිද්ධ චීන දේශාටකයා මෙහි පැමිණෙන විට, අමරාවතියේ බුදුසමය බොහෝ සෙයින් පරිහාණියට පත්ව තිබුණ බැව් ඔහුගේ වාර්තාවන්ගෙන් පැහැදිලි වේ. එහෙත් එකල පවා මහායානික භික්ෂූන් දහස් ගණනක් විසූ විහාරාරාම විස්සක් පමණ තිබුණු බැව් සඳහන් වේ. එසේ වුව ද අමරාවතී ස්තූපය ගැන හියුං සාං වාර්තා නොකරයි. අමරාවතිය ශතවර්ෂ කිහිපයක් ම බෞද්ධ මධ්‍යස්ථානයක්ව පැවැති බැව් එහි තිබී සොයාගනු ලැබූ ලෝකඩ හා සෙල්මුවා බුද්ධබෝධිසත්ව ප්‍රතිමාවලින් පෙනේ. මේවා සවන හා එකොළොස් වන සියවස් අතර කාලයට අයත් සේ සැලකේ.
ස්තූපය ඇතුළු අනෙකුත් විහාරාරාම වරින් වර සැදැහැවතුන් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද බැව් ශිලා ලිපි අනුසාරයෙන් දත හැකිය. මහනුවර දිස්ත්‍රික්කයට අයත් ගඩලාදෙණියේ සද්ධර්මතිලක විහාරය කරවූ ධර්මකීර්ති නම් මහා ස්ථවිරපාදයන් විසින් ධාන්‍යකටක (අමරාවති) යෙහි පිහිටි දෙමහල් ගල් විහාරය ප්‍රකෘතිමත් කරවූ බව 1344 වර්ෂයට අයත් ගඩලාදෙණි සන්නසෙහි සඳහන්වේ.
තුදුස්වන සියවසේ පටන් අටළොස්වන සියවස දක්වා ප්‍රාදේශික ශිලා ලිපිවල ධාන්‍යකටකය ගැන සඳහන් වෙතත්, බෞද්ධ ගොඩනැඟිලි ගැන කිසි තොරතුරක් ඇතුළත් නොවේ.
අමරාවතිය කෙරේ නැවත ලෝකයාගේ සැලකිල්ල යොමුවූයේ ක'නල් මැකෙන්සි මහතා විසින් 1816දී එහි පුරාවස්තු පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුය. මෙම පරීක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් අමරාවතී ස්තූපයේ සැලැස්මක් සකස් කරගැනීමට ද කැටයම් පුවරු, ශිලා ලිපි, ස්තම්භ ආදි අගනා පුරාවස්තු රැසක් සොයා ගැනීමට ද හැකිවිය. අනතුරුව මෙහි පුරාවස්තු සෙවීමෙහි නිරත වූ සර් වොල්ටර් එලියට් මහතා විසින් "දාගැබ් ගොඩැල්ල" කැණීමෙන් විසිතුරු කැටයමින් හෙබි කිරිගරුඞ' පුවරු කැබලි සිය ගණනක් සොයා ගන්නා ලදි. මෙම පුවරු දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කොට තිබේ. නැවත 1877දී දාගැබ් ගොඩැල්ල කැණීමේ දී රොබට් සුවල් මහතා විසින් කැටයම් රාශියක් සොයාගනු ලැබීය.
මේ වකවානුවේ දී සොයා ගනු ලැබූ පුරාවස්තු මදුරාසියේ ආණ්ඩුවේ කෞතුකාගාරයෙහි තැන්පත් කරන ලදි. අනතුරුව මදුරාසියේ ආණඩුකාර ධූරය ඉසුලූ බකිංහැම්හි ආදිපාදතුමා විසින් "දාගැබ් ගොඩැල්ල" සම්පූර්ණයෙන් ම හාරවා දැමීම නිසා අමරාවතී ස්තූපය සහමුලින් ම විනාශයට පත් විය.
ස්තූපය: ආන්ධ්‍රා දේශයට අයත් නාගාර්ජුන කොණ්ඩ, භට්ටිප්‍රෝලු, ඝණ්ටශාල, ගුමදිදිරු ආදි ස්ථානවල පිහටි බෞද්ධ ස්තූප අතුරෙහි උසස් ම නිර්මාණය වනුයේ අමරාවතී ස්තූපයයි. චෛත්‍ය ස්ථානයෙන් සොයාගනු ලැබූ ශිලා ලිපිවල මෙය මහාචෛත්‍යය නමින් හැඳින්විණ. එහි සැලැස්ම හා නිර්මාණය පිළිබඳ කරුණු දතහැක්කේ සම්පූර්ණයෙන් විනාශ වීමට පෙර ස්තූප ගොඩැල්ල දුටු මැකෙන්සි, සුවල් ආදීන්ගේ වාර්තාවන් ද ආන්ධ්‍රා දේශයේ පිහිටි අනෙක් ස්තූපවල ආකෘතීන් ද අමරාවතී ස්තූපයෙන් සොයා ගනු ලැබූ කැටයම් පුවරුවල දැක්වෙන චෛත්‍ය ලක්ෂණයන් ද අනුසාරයෙනි. මෙහි ලා කැටයම් පුවරු විශේෂයෙන් ප්‍රයෝජනවත් වේ.
අමරාවතී ස්තූපය ඉදිකරන ලද්දේ ක්‍රි.පූ.200 පමණේ දීය. මුල් චෛත්‍යය සාංචි ස්තූපය මෙන් චාම් වුව ද, පසු කාලයේ දී මෙය විශාල කොට කැටයම් පුවරුවලින් වසා ස්තූපය වටා ගරාදි කැටයම් පුවරුවලින් වසා ස්තූපය වටා ගරාදි වැටක් තනනු ලැබීය. මේ නවකම් ක්‍රි.ව.150 හා 200 අතර කාලයට අයත් බැව් ශිලා ලිපිවලින් පෙනේ. අර්ධගෝලාකාර ගර්භයකින් යුත් ස්තූපය ගඩොළින් බැඳ මතුපිට බදාම ගා සකස් කනර ලද්දකි. ස්තූපය වටා වූ ගරාදි වැට දොරටු සතරකින් යුක්තය. ස්තම්භ, සූචි හා උෂ්ණීෂ යන කොටස්වලින් යුක්ත වූ මෙම ගරාදිවැට පද්ම, මාලාදාම ආදි සැරසිලි මෝස්තරවලින් හා බුද්ධ චරිතය නිරූපණය කෙරෙන කැටයම්වලින් අලංකාර වේ. එක් එක් දොරටුවේ දෙපාර්ශවයෙහි සිංහ ස්තම්භ යොදා ඇත. සාඤ්චියේ මෙන් තොරන් මෙහි නොදක්නා ලැබේ. ස්තූප පාදය හා ගරාදි වැට අතර වූ කොටස ප්‍රදක්ෂිණාපථය විය. ස්තූප ගර්භයේ විෂ්කම්භය අඩි 160ක් පමණ වේ. එහි පහත කොටසෙහි උස් වේදිකාවක් වෙයි. ගරාදි වැටකින් ආවරණය වූ මෙය දෙවන ප්‍රදක්ෂිණා පථයක් ලෙස ගැණේ. ප්‍රදක්ෂිණාපථය, සිවු දෙසින් ඉදිරියට නෙරා සිටින සේ ඉදිකළ "ආයක" (බ.) නම් වූ වේදිකා සතරකින් යුක්ත වේ. එක් එක් ආයකයක් මත අටපට්ටම් ස්තම්භ පයක් බැගින් සිටුවා ඇත. මේවාට ආයක ඛම්භ (ආයක ස්තම්භ යන නම යෙදේ. චෛත්‍ය ගර්භයෙන් ඉදිරියට නෙරා සිටීම නිසා, ආයකය ලංකාවේ චෛත්‍යයන්හි දක්නා වාහල්කඩට තරමක් සාමානය. එහෙත් ඒ දෙවර්ගය නිර්මාණය අතින් වෙනස්ය. (වාහයල්කඩ බ.) ආයකයේ පාමුල අඩ පියුමක ආකාරයෙන් නෙළා ඇති පුවරු ලංකාවේ සඳකඩ පහණවල ප්‍රභවයට හේතුවීයයි (සඳකඩ පහණ බ.) ඇතැම් පුරාවිද්‍යාඥයෝ කල්පනා කරති.
අමරාවතී ස්තූපයේ පහත කොටස බුද්ධරූපවලින් ද බුද්ධ චරිතය හා ජාතකයන් නිරූපණය වන කැටයම්වලින් ද ගරභයේ ඉහළ කොටස පුන්කලස්වලින් හා මල්කම් ලියකම් මෝස්තරවලින් ද අලංකාර වේ. අමරාවතී කැටයම්වල දැක්වෙන පරිදි, ස්තූපයේ මුදුන් කොටස ගරාදි වැටකින් ආවරණය වූ සතරැස් කොටුවකින් (හර්මිකාවකින්) යුක්ත විය. මෙය බුදුපිළිම ආදි පූජා වස්තු නිදන් කිරීම සඳහා යොදන ලදැයි ඇතැම් විශාරදයෝ සලකති. සතරැස් කොටුව මධ්‍යයෙහි ආයක ඛම්භයක ආකාරයක ගත් අටපට්ටම් ස්තම්භයක් වේ. ඒ වටා ඡත්‍ර, ධජ ආදිය ඉසුලූ කුඩා තොරතුරක් දත නොහැකිය. දකුණු ඉන්දියාවේ හා ලංකාවේ පැරණි ස්තූප නිර්මාණය හැදෑරීම පිණිස අමරාවතී ස්තූපය බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
කැටයම් හා බුදු පිළිම: අමරාවතී ස්තූපය මුළු මනින් ම වාගේ කැටයම් කළ කිරිගරුඬ පුවරුවලින් අලංකාර වූ බව යට කියැවිණ. ස්තූපය වටා පිහිටි ගරාදි වැට ද සම්පූර්ණයෙන් ම කැටයමින් හෙබියේයි. මෙම කැටයම්වල බුද්ධ චරිතය සම්බන්ධ කථා වස්තු ද විවිධ ආසනයන්ගෙන් හා මුද්‍රාවලින් යුත් බුද්ධ රූප ද මිනිසුන් හා බහිරවයන් විසින් උසුලාගෙන සිටින අයුරු දැක්වෙන මාලාදාම මෝස්තර ද පුන්කලස්, ත්‍රිශුල ආදි කැටයම් මෝසත්ර ද බහුල ය.
අමරාවතියේ පැරණි ම කැටයම් ක්‍රි.පූ.දෙවන හෝ පළමුවන සියවස්වලට අයත් වේ. මේවායේ බුද්ධ රූපය නොදක්නා ලැබේ. ඒ වෙනුවට භර්හූත්, සාංචි සම්ප්‍රදායන් අනුව යෙමින් බෝධි වෘක්ෂ, ධර්මචක්‍ර, ස්තූප, ශ්‍රිපාද ආදි සංකේත යෙදිණි. කැටයම්වලින් වැඩි ප්‍රමානයක් ක්‍රි.ව.දෙවන සියවස තුළ දී නිර්මාණය කරන ලද්දේය. ගරාදි වැටෙහි වූ කැටයම් ද ස්තූපයේ ගර්භය සැරසූ කැටයම් ද මේ අවධියට අයත් වේ. ගරාදි වැටෙහි පමණක් වර්ග අඩි 1,700ක ප්‍රමාණයේ කැටයම් තූබු බව කියැවේ. මෙකී දෙවන කාල පරිච්චේදයට අයත් කැටයම්වල බුද්ධ රූපය සුලභය.
මේ හැර. කිරිගරුඬ ගලින් නෙළන ලද බුද්ධ ප්‍රතිමා කිහිපයක් ද අමරාවතී ස්තූපය අසලින් සොයා ගනු ලැබිණ. මේවා ක්‍රි.ව.දෙවන හෝ තෙවන සියවස්වල දී නිමවන ලදැයි සැලකේ. මෙම බුදුපිළිම හා අනුරාධපුරයේ රුවන්වැලි චෛත්‍ය අසලින් සොයා ගනු ලැබූ බුදුපිළිම අතර නිර්මාණ ශෛලිය අතින් බලවත් සමාන බවක් දැක්වෙන හෙයින් අමරාවතී බුදුපිළිම ලංකාවේ පැරණි බුදුපිළිම අධ්‍යයනයක දී ඉතා ප්‍රයෝජනවත් වේ.
අමරාවතී ප්‍රතිමා සම්ප්‍රදාය ද චම්පා (ඉන්දුචීනය) හා සෙලිබීස් වැනි ඈත රටවල පවා පැතිර ගිය බව පැහැදිලිය. ඩොං ඩුම්(චම්පා) හා සෙම්පාගා (සෙලිබීස්) යන ස්ථානවලින් සොයාගනු ලැබූ බුදුපිළිම ඊට නිදසුන් වේ. (ඉන්දියානු මූර්ති කලාව ද බ).
වර්තමාන අමරාවතී නගරය දහඅටවන සියවස අවසානයේ දී ප්‍රාදේශීක නායකයකු විසින් ඉදි කරවන ලද්දකි. ඒ කාලයේ දී අමරාවතීයේ හින්දු සමය ව්‍යාප්තව පැවැතිණි. පැරණි බෞද්ධ ගොඩනැඟිලි අතර අමරේශ්වරනාථ නම් වූ ශිව කෝවිල සුප්‍රසිද්ධය.
(සංස්කරණය:1963)