"තියොඩෝසියස්-II" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Theodosius II) (10.04.401-28.07.450). පෙරදිග රෝම අධිරාජ්‍යයේ (බයිසැ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 2ක්) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
− | (Theodosius II) (10.04.401-28.07.450). පෙරදිග රෝම අධිරාජ්‍යයේ ([[බයිසැන්ටියාව]] බ.) අධිරාජයා (408-450) ය. තම පියා වූ ආකාඩි අධිරාජයාගේ පාලන සමයේ දී ඔහුගේ සහපාලකයා (402 සිට) වූ මෙතෙමේ පියාගේ අභාවය සිදුවූ 408 සිට බයිසැන්ටියාවේ තනි පාලකයා බවට පත්විය. මනා අධ්‍යාපනයක් ලත්, විද්වත් දැනුමැති, විද්‍යා ශාස්ත‍්‍ර පිළිබඳ උනන්දුමත් වූ මෘදු පාලකයෙක් ලෙස මෙතෙමේ ප‍්‍රකට ය. අලංකාර අත්අකුරු නිසා හේ 'කල්‍යලේඛක' (Calligrapher) නම් අභිදානයෙන් ද හැඳින්වෙන්නට වන. | + | (Theodosius-II). (10.04.401-28.07.450). පෙරදිග රෝම අධිරාජ්‍යයේ ([[බයිසැන්ටියාව]] බ.) අධිරාජයා (408-450) ය. තම පියා වූ ආකාඩි අධිරාජයාගේ පාලන සමයේ දී ඔහුගේ සහපාලකයා (402 සිට) වූ මෙතෙමේ පියාගේ අභාවය සිදුවූ 408 සිට බයිසැන්ටියාවේ තනි පාලකයා බවට පත්විය. මනා අධ්‍යාපනයක් ලත්, විද්වත් දැනුමැති, විද්‍යා ශාස්ත‍්‍ර පිළිබඳ උනන්දුමත් වූ මෘදු පාලකයෙක් ලෙස මෙතෙමේ ප‍්‍රකට ය. අලංකාර අත්අකුරු නිසා හේ 'කල්‍යලේඛක' (Calligrapher) නම් අභිදානයෙන් ද හැඳින්වෙන්නට වන. |
+ | |||
+ | යොවුන් තියොඩෝසියස් වෙනුවෙන් මුලින් ප‍්‍රතිරාජ ව (regent) කටයුතු කළ අන්තිමියස්ගෙන් (Anthemius) පසු අධිරාජයාගේ සොයුරිය වූ පල්කේරියා (Pulcheria) මහේශාක්‍ය (augusta) නමැති ගරු නාමය පටබැඳ ප‍්‍රතිරාජ පදවිය භාර ගති. එතැන් සිට සිය පාලන කාලය නිමා වන තෙක් තම ඥාතිවරුනට සහ ඇමතිවරුනට රාජ්‍ය පාලන කටයුතු කරගෙන යෑමට අවකාශ සලසා දුන් මෙතෙමේ ඔවුනට පහසුවෙන් අවනත ව ක‍්‍රියා කළ පාලකයෙක් විය. | ||
− | + | තම පාලන කාලය තුළ සංග‍්‍රාම කිහිපයක නිරත වීමට මොහුට සිදු විය. 422 දී සහ 447 දී සැස්සේනියානු ආක‍්‍රමණිකයින් පරාජයට පත් කිරීමට මොහුගේ සෙන්පතියන්ට හැකිවුවත්, 429 දී රෝමයට අයත්ව තිබූ අප‍්‍රිකාවේ වැඩි කොටස අල්ලාගත් ම්ලේච්ඡ ජර්මැනික ගෝත‍්‍රිකයින් (vandals) මැඬලීමට ඔවුහු අසමත් වූහ. [[හන්වරු]]න්ගේ (බ.) ප‍්‍රබල නායකයකු වූ ඇටිලා (Attila) සමඟ සාමකාමී ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට මොහු උත්සාහ දැරුව ද එමඟින් 441-443 සහ 447 වශයෙන් දෙවරක දී ඩැනියුබ් නදීබඩ පළාත් ආක‍්‍රමණය කිරීම වළකා ගැනීමට ඔහු අසමත් විය. | |
− | + | 428 දී කොන්ස්තන්තිනෝපලයේ රදගුරු ලෙස මෙතෙමේ විසින් පත්කරන ලද නෙස්ටරියස්ගේ (Nestorius) මිත්‍යාදෘෂ්ටික ඉගැන්වීම් හේතුකොට ගෙන ඇති වූ වාද නිසා ද මොහුගේ පාලන කාලයේ ගැට`එ ඇති විය. ආගමික සභාව විසින් 431 දී නෙස්ටරියස් පදවියෙන් නෙරපනු ලැබිණ. | |
− | |||
− | 428 දී කොන්ස්තන්තිනෝපලයේ රදගුරු ලෙස මෙතෙමේ විසින් පත්කරන ලද නෙස්ටරියස්ගේ (Nestorius) මිත්‍යාදෘෂ්ටික ඉගැන්වීම් හේතුකොට ගෙන ඇති වූ වාද නිසා ද මොහුගේ පාලන කාලයේ | ||
− | වැදගත් ව්‍යාපෘති තුනක් සමඟ මොහුගේ නාමය බැඳී පවතී. එනම්, 413 දී සතුරකුට | + | වැදගත් ව්‍යාපෘති තුනක් සමඟ මොහුගේ නාමය බැඳී පවතී. එනම්, 413 දී සතුරකුට ඇතු`එ නොවිය හැකි වන සේ කොන්ස්තන්තිනෝපල නුවර වටා ප‍්‍රාකාරයක් බැඳවීමත්, 425 දී කොන්ස්තන්තිනෝපල විශ්වවිද්‍යාලයය පිහිටුවීමත්, 'තියොඩෝසියානු නීති සංග‍්‍රහය' (Theodosian Code) ලෙස ප‍්‍රකට වූ, 438 දී එළිදැක්වුණු, 312න් පසු නිකුත් කරන ලද නීති පනත් පරීක්ෂා කරමින් සංග‍්‍රහ කිරීමත් වේ. |
− | කොන්ස්තන්තිනෝපලයේ උපන් මෙතෙමේ දඩයමේ යෙදී සිටිය දී සිදු වූ තුවාල හේතුවෙන් මියගියහයි සඳහන් වේ. කතෝලික සභාව විසින් | + | කොන්ස්තන්තිනෝපලයේ උපන් මෙතෙමේ දඩයමේ යෙදී සිටිය දී සිදු වූ තුවාල හේතුවෙන් මියගියහයි සඳහන් වේ. කතෝලික සභාව විසින් ශාන්තුවරයට පත්කරන ලදි. මොහුගේ දියනිය ලිචීනියා ඊඩොක්සියා (Licinia Eudoxia) බටහිර රෝම අධිරාජයා වූ තුන්වන වැලෙන්ටීනියන් (Valentinian III) (425-455) හා විවාහ වූවා ය. |
කර්තෘ: රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ | කර්තෘ: රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ |
14:30, 11 ඔක්තෝබර් 2023 වන විට නවතම සංශෝධනය
(Theodosius-II). (10.04.401-28.07.450). පෙරදිග රෝම අධිරාජ්‍යයේ (බයිසැන්ටියාව බ.) අධිරාජයා (408-450) ය. තම පියා වූ ආකාඩි අධිරාජයාගේ පාලන සමයේ දී ඔහුගේ සහපාලකයා (402 සිට) වූ මෙතෙමේ පියාගේ අභාවය සිදුවූ 408 සිට බයිසැන්ටියාවේ තනි පාලකයා බවට පත්විය. මනා අධ්‍යාපනයක් ලත්, විද්වත් දැනුමැති, විද්‍යා ශාස්ත‍්‍ර පිළිබඳ උනන්දුමත් වූ මෘදු පාලකයෙක් ලෙස මෙතෙමේ ප‍්‍රකට ය. අලංකාර අත්අකුරු නිසා හේ 'කල්‍යලේඛක' (Calligrapher) නම් අභිදානයෙන් ද හැඳින්වෙන්නට වන.
යොවුන් තියොඩෝසියස් වෙනුවෙන් මුලින් ප‍්‍රතිරාජ ව (regent) කටයුතු කළ අන්තිමියස්ගෙන් (Anthemius) පසු අධිරාජයාගේ සොයුරිය වූ පල්කේරියා (Pulcheria) මහේශාක්‍ය (augusta) නමැති ගරු නාමය පටබැඳ ප‍්‍රතිරාජ පදවිය භාර ගති. එතැන් සිට සිය පාලන කාලය නිමා වන තෙක් තම ඥාතිවරුනට සහ ඇමතිවරුනට රාජ්‍ය පාලන කටයුතු කරගෙන යෑමට අවකාශ සලසා දුන් මෙතෙමේ ඔවුනට පහසුවෙන් අවනත ව ක‍්‍රියා කළ පාලකයෙක් විය.
තම පාලන කාලය තුළ සංග‍්‍රාම කිහිපයක නිරත වීමට මොහුට සිදු විය. 422 දී සහ 447 දී සැස්සේනියානු ආක‍්‍රමණිකයින් පරාජයට පත් කිරීමට මොහුගේ සෙන්පතියන්ට හැකිවුවත්, 429 දී රෝමයට අයත්ව තිබූ අප‍්‍රිකාවේ වැඩි කොටස අල්ලාගත් ම්ලේච්ඡ ජර්මැනික ගෝත‍්‍රිකයින් (vandals) මැඬලීමට ඔවුහු අසමත් වූහ. හන්වරුන්ගේ (බ.) ප‍්‍රබල නායකයකු වූ ඇටිලා (Attila) සමඟ සාමකාමී ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමට මොහු උත්සාහ දැරුව ද එමඟින් 441-443 සහ 447 වශයෙන් දෙවරක දී ඩැනියුබ් නදීබඩ පළාත් ආක‍්‍රමණය කිරීම වළකා ගැනීමට ඔහු අසමත් විය.
428 දී කොන්ස්තන්තිනෝපලයේ රදගුරු ලෙස මෙතෙමේ විසින් පත්කරන ලද නෙස්ටරියස්ගේ (Nestorius) මිත්‍යාදෘෂ්ටික ඉගැන්වීම් හේතුකොට ගෙන ඇති වූ වාද නිසා ද මොහුගේ පාලන කාලයේ ගැට`එ ඇති විය. ආගමික සභාව විසින් 431 දී නෙස්ටරියස් පදවියෙන් නෙරපනු ලැබිණ.
වැදගත් ව්‍යාපෘති තුනක් සමඟ මොහුගේ නාමය බැඳී පවතී. එනම්, 413 දී සතුරකුට ඇතු`එ නොවිය හැකි වන සේ කොන්ස්තන්තිනෝපල නුවර වටා ප‍්‍රාකාරයක් බැඳවීමත්, 425 දී කොන්ස්තන්තිනෝපල විශ්වවිද්‍යාලයය පිහිටුවීමත්, 'තියොඩෝසියානු නීති සංග‍්‍රහය' (Theodosian Code) ලෙස ප‍්‍රකට වූ, 438 දී එළිදැක්වුණු, 312න් පසු නිකුත් කරන ලද නීති පනත් පරීක්ෂා කරමින් සංග‍්‍රහ කිරීමත් වේ. කොන්ස්තන්තිනෝපලයේ උපන් මෙතෙමේ දඩයමේ යෙදී සිටිය දී සිදු වූ තුවාල හේතුවෙන් මියගියහයි සඳහන් වේ. කතෝලික සභාව විසින් ශාන්තුවරයට පත්කරන ලදි. මොහුගේ දියනිය ලිචීනියා ඊඩොක්සියා (Licinia Eudoxia) බටහිර රෝම අධිරාජයා වූ තුන්වන වැලෙන්ටීනියන් (Valentinian III) (425-455) හා විවාහ වූවා ය.
කර්තෘ: රන්ජන දේවමිත‍්‍ර සේනාසිංහ
(සංස්කරණය නොකරන ලද-2022)