"අරලිය" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | [[ගොනුව:2-26-1.jpg| | + | [[ගොනුව:2-26-1.jpg|300px|left]][[ගොනුව:2-25-2.jpg|300px|right]](ප්ලූපමේරියා අභූමිනාටා — Plumtqia acuminata Ait. f). |
මෙය ලංකාවේ බෙහෙවින් දක්නාවූ ද මල් සඳහා වවනු ලබන්නා වූ ද ශාකයකි. | මෙය ලංකාවේ බෙහෙවින් දක්නාවූ ද මල් සඳහා වවනු ලබන්නා වූ ද ශාකයකි. | ||
10:11, 16 ඔක්තෝබර් 2023 වන විට නවතම සංශෝධනය
(ප්ලූපමේරියා අභූමිනාටා — Plumtqia acuminata Ait. f).මෙය ලංකාවේ බෙහෙවින් දක්නාවූ ද මල් සඳහා වවනු ලබන්නා වූ ද ශාකයකි.
අපොසිනාසේ (බ.) කුලයට අයත් වූ මෙය අඩි 15ක් පමණ උසට වැඩෙන කිරි සහිත ගසකි. කොළය අඟල් 18ක් පමණ දිගය; සිනිඳුය; සරලය. සාමාන්‍යයෙන් ප්‍රත්‍යණ්ඩාකාර (obovate) ය. කොළ අග්‍රය මොටය නැතහොත් තරමක් තීව්‍රය. දාරනාරටි ඉතා පැහැදිලිය. කොළවලට වඩා කොට වූ අග්‍රස්ථ බහු අක්ෂවල (cymes) තිබෙන මල් සුදු පාටය. මලේ මැද කහ පාටය. වෙනත් පැහැයෙන් යුත් මල් හටගන්නා අරලිය විශේෂද තිබේ. මල් සුවඳය. හරස් අතට අඟල් දෙකක් හෝ තුනක් පමණ වේ. එහි තරමක් අධර (inferior) ඩිම්බ කෝෂයක් (ovary) ද දෙකකට බෙදුණ කලංකයක් (stigma) ද තිබේ. ඵලය වරා (follicles) දෙකකින් යුත් සමුච්චයකි (etaerio). 40 සෑදෙන්නේ ඉතා කලාතුරකිනි.
ඓතිහාසික සාක්ෂිවලින් පෙනී යන්නේ අරලිය ගස අවර දිග නිවර්තන ප්‍රදේශ වලට අයිති ශාකයක් බවය. ලංකාවට මේ ශාකය ගෙනෙන ලද්දේ මෑත දී යයි සිතිය හැක. ලංකාවට වඩා නැගෙනහිරින් පිහිටි රටවල මේ ශාකය 17 වැනි ශතවර්ෂයේ දී වැවුණු බවට සාක්ෂි තිබේ. කාම්බෝජයේ සිට නැගෙනහිර ඉන්දියානු දූපතක් වූ ඇම්බොයිනා දූපතට මේ ශාකය පළමුවෙන් ගෙනෙන ලද්දේ චීන වෙළඳුන් විසිනි. නැගෙනහිර ඉන්දියානු දූපත් වලින් 1790 දී මේ ශාකය පළමුවරට එංගලන්තයට ගෙන යන ලදී.
වල් ගසක් මෙන් නොවැවෙන මේ බෝකර ගන්නේ කපාපු අතුවලිනි.
ආයුර්වේද මතය: ඇතැම්විට මීට අලරිය යන නම ද ව්‍යවහාර වේ. පොතු සහ මුල් තික්තය; කටුකය; උෂ්ණගුණය ඇත්තේය. වාතය නසයි. රේචනය කෙරේ. කුෂ්ඨ, ව්‍රණාදි චර්මරෝගයන්ට හා ජලෝදර රෝගයන්ට හිතකරය. මේ ගසේ කිරි නළලෙහි ආලේප කිරීමෙන් හිසරදය සුවවේ. මෙහි මුල් සහ පොතු මූත්‍රාබාධ, වාතරෝග, ඉදිමුම්, උපදංශ ආදියට ප්‍රතිකාරයක් වශයෙන් ද විරේචන ඖෂධයක් වශයෙන් ද යුනානි වෛද්‍යවරයන් විසින් යොදනු ලැබේ.