"අංකෝර්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('කාම්බෝජයේ නෂ්ටාවශිෂ්ට පැරණි ආගමික ගොඩනැඟිලි...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 4ක්)
1 පේළිය: 1 පේළිය:
කාම්බෝජයේ නෂ්ටාවශිෂ්ට පැරණි ආගමික ගොඩනැඟිලිවලින් ගහන වූ ප්‍රදේශයකි. මෙය අටවන සියවස පමණේ සිට ශතවර්ෂ පහකට අධික කාලයක් තුළ ක්මේර් (කාම්බෝජ) රජුන්ගේ රාජධානිය විය. මීකොං නදිය හා සීයම් රියප් ගංගාව අසල පිහිටියේය. නවවන සියවසේ පටන් පසළොස්වන සියවසේ මැද භාගය දක්වා මෙහි සංස්කෘතික හා ආගමික දියුණුවක් ද විශාල ආර්ථික දියුණුවක් ද පැවැත්තේය. එකල අංකෝර්හි ජනගහනය 20,00,000 පමණ විය. විශාල වැව් හා ගංගා මාර්ගයෙන් ජලය ලැබීම නිසා ජනතාවට අවශ්‍ය ධාන්‍ය හා ආහාර වර්ග එහි ම සපයාගත හැකි විය.
+
කාම්බෝජයේ නෂ්ටාවශිෂ්ට පැරණි ආගමික ගොඩනැඟිලිවලින් ගහන වූ ප්‍රදේශයකි. මෙය අටවන සියවස පමණේ සිට ශතවර්ෂ පහකට අධික කාලයක් තුළ ක්මේර් (කාම්බෝජ) රජුන්ගේ රාජධානිය විය. මීකොං නදිය හා සීයම් රියප් ගංගාව අසල පිහිටියේ ය. නවවන සියවසේ පටන් පසළොස්වන සියවසේ මැද භාගය දක්වා මෙහි සංස්කෘතික හා ආගමික දියුණුවක් ද විශාල ආර්ථික දියුණුවක් ද පැවැත්තේ ය. එකල අංකෝර්හි ජනගහනය 2,000,000 පමණ විය. විශාල වැව් හා ගංගා මාර්ගයෙන් ජලය ලැබීම නිසා ජනතාවට අවශ්‍ය ධාන්‍ය හා ආහාර වර්ග එහි ම සපයාගත හැකි විය.
කාම්බෝජ රජුන් විසින් වරින්වර තනවන ලද ආගමික ගොඩනැඟිලි මාලිගා ආදියෙන් පිරී පැවති නගර කිහිපයක් නිසා අංකෝර් රාජධානිය විශේෂයෙන් වැදගත් වේ. හින්දු බෞද්ධ ආගම්වල සංකලනයක් හා ඒ ඇසුරින් නිපන් ''දේවරාජ" භක්තියත් මෙහි ප්‍රචලිතව පැවැති බව ඒ ඒ ගොඩනැඟිලි පරීක්ෂා කිරීමේ දී පෙනී යයි. ක්මේර් කලා ශිල්පයන් පිළිබඳ ශ්‍රේෂ්ඨ යුගය උදාවූයේ අංකෝර් රාජධානි කාලයේ දී ය.
+
 
ක්මේර් රාජවංශයට අයත් දෙවන ජයවර්මන් රජු (802 – 854) විසින් ප්‍රථමයෙන් ම අංකෝර් රාජධානිය පිහිටුවන ලදි. සීයම් රියප් ගඟ අසබඩ ඔහු විසින් පිහිටුවන ලද නගරය මහේන්ද්‍ර පුර නම් විය. මෙ රජුන් විසින් නිමවන ලද රජ මාලිගයක් හා වැදගත් ආගමික ගොඩනැඟිලි කිහිපයක් ද අංකෝර් නෂ්ටාවශේෂ අතර වේ. දැවයෙන් නිමවූ මෙම ගොඩනැඟිලි සියල්ලක් ම පාහේ විනාශයට පත් වී තිබේ.
+
කාම්බෝජ රජුන් විසින් වරින්වර තනවන ලද ආගමික ගොඩනැඟිලි මාලිගා ආදියෙන් පිරී පැවති නගර කිහිපයක් නිසා අංකෝර් රාජධානිය විශේෂයෙන් වැදගත් වේ. හින්දු බෞද්ධ ආගම්වල සංකලනයක් හා ඒ ඇසුරින් නිපන් 'දේවරාජ' භක්තියත් මෙහි ප්‍රචලිතව පැවැති බව ඒ ඒ ගොඩනැඟිලි පරීක්ෂා කිරීමේ දී පෙනී යයි. ක්මේර් කලා ශිල්පයන් පිළිබඳ ශ්‍රේෂ්ඨ යුගය උදාවූයේ අංකෝර් රාජධානි කාලයේ දී ය.
නවවන සියවස අවසානයේ දී පළමුවන යශෝවර්මන් රජු (889 – 910) විසින් යශෝධරපුර නමින් නගරයක් ඉදිකරන ලදි. මෙය පැරණි නගර සැලැස්ම සම්පූර්ණ කිරීමක් වශයෙන් නිමවන ලද්දක් හෝ පැරණි නගරය පිහිටි ස්ථානයේ ම පසුව ඉදිකරන ලද්දක් හෝ විය හැක. පුරාවිද්‍යාත්මක කැණීම්වල දී සොයා ගන්නා ලද්දාවූත් හඳුනා ගැනීමට දුෂ්කරවූත් ගොඩනැඟිලි රාශියක් මේ නගරයේ පිහිටා තිබේ. නගර මධ්‍යයේ පිහිටි බාඛෙං ප්‍රාසාදය (බ.), වී ගොවිතැන සඳහා ජලය සැපයූ යශෝධර තටාකය, පීමේනකස් ප්‍රාසාදය (බ.) හා තාකිඕ ප්‍රාසාදය යශෝවර්මන් රජු විසින් නිමවන ලද වැදගත් නිර්මාණයෝයි. බාඛෙං ප්‍රාසාදය වටා පිහිටි චතුරස්‍ර ප්‍රාකාරයේ අංශවල මධ්‍යයේ සිට විහිදී ගිය ප්‍රධාන වීථි සතර නගර වාර සතර කරා වැටී තිබීම නිසා නගරය කොටස් සතරකට බෙදී ඇත. ඒ ඒ කොටස්වල වෙන් වෙන් තරාතිරම්වලට අයත් නගරවැස්සෝ විසූහ. ක්මේර වාසීන් තුළ නගර නිර්මාණය පිළිබඳ පුළුල් අවබෝධයක් තුබූ බැව් යශෝධරපුර සැලැස්මෙන් පැහැදිලි වේ.
+
 
සිව්වන ජයවර්මන් රජුගේ (929 – 941) කාලයේ දී ක්මේර් රාජධානිය කෝකේර් පෙදෙස කරා ගෙන යන ලදි. අනතුරුව 952 වර්ෂයේ දී රාජේන්ද්‍රවර්මන් රජ (944 – 969) නැවතත් අංකෝර්හි රාජධානිය පිහිටුවිය. මෙතැන් සිට ක්මේර් කලාශිල්ප ශීඝ්‍රයෙන් වැඩිදියුණු විය. ම්බොන්, ප්‍රී රැප් (බ.) බන්ටියායි ශ්‍රී (බ.) වැනි උසස් නිර්මාණ මේ වකවානුවට අයත් වේ. ඊශ්වරපුර නමින් හැඳින්වූ බන්ටියායි ශ්‍රී ප්‍රසදය පස්වන ජයවර්මන් රජු (965-1002) විසින් 969 වර්ෂයේ දී නිමවන ලදි. පූජ්‍යස්ථාන කිහිපයක් එක් කිරීමෙන් තනවනු ලැබූ මෙය ක්මේර් ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ ක්‍රම විකාසයක් දක්වයි.
+
ක්මේර් රාජවංශයට අයත් දෙවන ජයවර්මන් රජු (802 – 854) විසින් ප්‍රථමයෙන් ම අංකෝර් රාජධානිය පිහිටුවන ලදි. සීයම් රියප් ගඟ අසබඩ ඔහු විසින් පිහිටුවන ලද නගරය මහේන්ද්‍ර පුර නම් විය. මෙ රජුන් විසින් නිමවන ලද රජ මාළිගයක් හා වැදගත් ආගමික ගොඩනැඟිලි කිහිපයක් ද අංකෝර් නෂ්ටාවශේෂ අතර වේ. දැවයෙන් නිමවූ මෙම ගොඩනැඟිලි සියල්ලක් ම පාහේ විනාශයට පත් වී තිබේ.
සූර්යවර්මන් රජුගේ (1002 – 1049) කාලයේ දී නිමවන ලද ප්‍රා ඛාන් ප්‍රාසාදය (බ.) හා උදයාදිත්‍යවර්මන් රජු (1049-1065) විසින් ඉදිකරවන ලදැයි සැලකෙන බාfපුඕන් ප්‍රසාදය (බ.) ද ක්මේර් ගෘහනිර්මාණ සම්ප්‍රදායේ ක්‍රමවත් සංවර්ධනය හෙළි කරන වැදගත් නිර්මාණයෝ වෙති.
+
 
ක්මේර් ගෘහනිර්මාණ සම්ප්‍රදායේ විශිෂ්ටතම නිර්මාණය වනුයේ අංකෝර් වාට් (බ.) ප්‍රාසාදය වේ. මෙය ආරම්භ කරන ලද්දේ දෙවන සූර්යවර්මන් රජුගේ (1112 – 1152) කාලයේ දී ය. පෙර අපරදෙදිග පුරාවිද්‍යාඥයන්ගේ පටන් සාමාන්‍ය කලා විචාරකයන් දක්වා සියල්ලන් ම පුදුමයෙන් පුදුමයට පත් කරවන මෙම වෛෂ්ණව ප්‍රාසාදය ලෝකයේ විශාල ම ආගමික ගොඩනැඟිලිවලින් එකකි. විශාල නගරයක් බඳු වූ අංකෝර් වාට් ප්‍රාසාදය ක්මේර් ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ ශ්‍රේෂ්ඨ යුගයට අයත් අත්‍යුත්කෘෂ්ට කලා කෘතිය වේ.
+
නවවන සියවස අවසානයේ දී පළමුවන යශෝවර්මන් රජු (889 – 910) විසින් යශෝධරපුර නමින් නගරයක් ඉදිකරන ලදි. මෙය පැරණි නගර සැලැස්ම සම්පූර්ණ කිරීමක් වශයෙන් නිමවන ලද්දක් හෝ පැරණි නගරය පිහිටි ස්ථානයේ ම පසුව ඉදිකරන ලද්දක් හෝ විය හැක. පුරාවිද්‍යාත්මක කැණීම්වල දී සොයා ගන්නා ලද්දාවූත් හඳුනා ගැනීමට දුෂ්කරවූත් ගොඩනැඟිලි රාශියක් මේ නගරයේ පිහිටා තිබේ. නගර මධ්‍යයේ පිහිටි [[බාඛෙං ප්‍රාසාදය]] (බ.), වී ගොවිතැන සඳහා ජලය සැපයූ යශෝධර තටාකය, [[ෆීමේනකස් ප්‍රාසාදය]] (බ.) හා තාකිඕ ප්‍රාසාදය යශෝවර්මන් රජු විසින් නිමවන ලද වැදගත් නිර්මාණයෝයි. බාඛෙං ප්‍රාසාදය වටා පිහිටි චතුරස්‍ර ප්‍රාකාරයේ අංශවල මධ්‍යයේ සිට විහිදී ගිය ප්‍රධාන වීථි සතර නගර ද්වාර සතර කරා වැටී තිබීම නිසා නගරය කොටස් සතරකට බෙදී ඇත. ඒ ඒ කොටස්වල වෙන් වෙන් තරාතිරම්වලට අයත් නගරවැස්සෝ විසූහ. ක්මේර වාසීන් තුළ නගර නිර්මාණය පිළිබඳ පුළුල් අවබෝධයක් තුබූ බැව් යශෝධරපුර සැලැස්මෙන් පැහැදිලි වේ.
අංකෝර්හි ප්‍රසිද්ධ ම නගරය වූයේ අංකෝර් තෝම් (මහා නගර) ය. මෙය සත්වන ජයවර්මන් රජු (1181 – 1201) විසින් ඉදි කරවන ලද්දකි. බයොන් ප්‍රාසාදය (බ.) මෙහි කේන්ද්‍රස්ථානය වේ. නගරයට ඇතුළත් වූ භූමි ප්‍රමාණය වර්ග සැතැපුම් පහකට අධිකය. නගරය තැනීමට පෙර හා පසුව ඉදිකරන ලද ගොඩනැඟිලි රාශියක නෂ්ටාවශේෂ මෙහි දක්නා ලැබේ. නගරය වටා දිවෙන මහා ප්‍රාකාරය කබොක් ගලින් නිමැවිණ. මෙහි සිව් දිසාවට මුහුණ ලා විශාල දොරටු සතරෙක් වෙයි. රජු විසූ මාලිගයට පිවිසෙන තවත් දොරටුවක් නැගෙනහිර පාර්ශ්වයෙහි පිහිටා තිබේ. ද්වාර ශිඛර ක්මේර් ශෛලිය අනුව ගලින් නෙළන ලද විශාල ''ලෝකේශ්වර" බෝධිසත්ව හිස්වලින් සැරසිණි. ප්‍රාකාරයට පිටතින් දිය අගළ හරහා වැටුණු දෙපැත්තේ ගල් වැටවල් සහිත වීථි පිහිටා තිබේ. මෙම වැටවල විශාල නාගයකු (වාසුකී) අල්ලාගෙන සිටින සේ ගලින් නෙළන ලද යෝධ ප්‍රතිරූප දක්නා ලැබේ. මෙයින් ක්ෂීරසාර මථනය නිරූපණය වන බැව් සැලකේ.
+
 
අංකෝර් තෝම් නගරයේ හරි මැද පිහිටි බයොන් ප්‍රාසාදය ක්මේර් ගෘහ නිර්මාණ සම්ප්‍රදායට අයත් විශිෂ්ට ගොඩනැඟිල්ලකි. මෙය ජයවර්මන් රජු විසින් පැරණි ප්‍රාසාද පදනමක් මත ඉදිකරවන ලදි. ප්‍රාසාද ශිඛර සමූහය ''ලෝකේශ්වර"" බෝධිසත්ව හිස්වලින් විසිතුරු වේ. අලංකාර ගල් කැටයමින් හෙබි බායොන් ප්‍රාසාදය නිර්මාණය අතින් දෙවැනි වන්නේ අංකෝර් වාට් ප්‍රාසාදයට පමණි.
+
සිව්වන ජයවර්මන් රජුගේ (929 – 941) කාලයේ දී ක්මේර් රාජධානිය කෝකේර් පෙදෙස කරා ගෙන යන ලදි. අනතුරුව 952 වර්ෂයේ දී රාජේන්ද්‍රවර්මන් රජ (944 – 969) නැවතත් අංකෝර්හි රාජධානිය පිහිටුවිය. මෙතැන් සිට ක්මේර් කලාශිල්ප ශීඝ්‍රයෙන් වැඩිදියුණු විය. ම්බොන්, [[ප්‍රී රුප්]] (බ.) [[බන්ටියායි ශ්‍රී]] (බ.) වැනි උසස් නිර්මාණ මේ වකවානුවට අයත් වේ. ඊශ්වරපුර නමින් හැඳින්වූ බන්ටියායි ශ්‍රී ප්‍රාසාදය පස්වන ජයවර්මන් රජු (965-1002) විසින් 969 වර්ෂයේ දී නිමවන ලදි. පූජ්‍යස්ථාන කිහිපයක් එක් කිරීමෙන් තනවනු ලැබූ මෙය ක්මේර් ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ ක්‍රම විකාසයක් දක්වයි.
නීක් පින් (බ.) බන්ටියායි චිමාර් වැනි ගොඩනැඟිලි ලද ජයවර්මන් රජුගේ උසස් කෘතීහු වෙත්.
+
 
කාම්බෝජ ගෘහ නිර්මාණ ශිල්පය හා මූර්ති කලාව පිළිබඳ උසස් නිර්මාණයන්ගෙන් යුක්ත වූ ආංකෝර් රාජධානිය පසළොස්වන සියවස තෙක් සියලු යස ඉසුරින් ආඪ්‍යව පැවැතිණි. 1296 වැනි වර්ෂයේ දී මෙහි පැමිණි චූ තා කුවාං නමැති චීන දේශාටකයා අංකෝර් රාජධානිය පිළිබඳව වැදගත් විස්තරයක් කර තිබේ.
+
සූර්යවර්මන් රජුගේ (1002 – 1049) කාලයේ දී නිමවන ලද [[ප්‍රා ඛාන් ප්‍රාසාදය]] (බ.) හා උදයාදිත්‍යවර්මන් රජු (1049 - 1065) විසින් ඉදිකරවන ලදැයි සැලකෙන [[බාෆුඕන් ප්‍රාසාදය]] (බ.) ද ක්මේර් ගෘහනිර්මාණ සම්ප්‍රදායේ ක්‍රමවත් සංවර්ධනය හෙළි කරන වැදගත් නිර්මාණයෝ වෙති.
අංකෝර්හි උන්නතිය මෙන් අවනතිය ද ශීඝ්‍රයෙන් සිදුවූවකි. පසළොස්වන සියවසේ දී තායි ජාතිකයන්ගේ ආක්‍රමණ හේතුකොටගෙන ක්මේර් රාජධානිය අංකෝර් පෙදෙසින් ඉවත්කොට ලොවෙක්, නොම් පෙන් (Phnom Penh) සහ උඩෝං යන ස්ථානවල පිහිටුවන ලදි. අංකෝර් ප්‍රදේශය ශීඝ්‍රයෙන් ජනශූන්‍ය බවට පත්විය. ඝන කැළයෙන් වැසී යෑමෙන් ද ගස්මුල් කරණකොටගෙන බිත්ති දෙදරා යෑමෙන් ද සියලු ම ‍ගොඩනැඟිලි ජරාවාස විය.
+
 
අංකෝර් පිළිබඳව යුරෝපීයයන්ගේ සැලකිල්ල යොමුවූයේ දහනවවන සියවසේ මැද භාගයේ සිටය. 1805 දී ෂාල් බුයියවෝ නමැති මිෂනාරිවරයාට අංකෝර් පෙදෙස අහම්බෙන් සම්බ විය. එහෙත් අංකෝර් නෂ්ටාවශේෂ පිළිබඳව ලෝකයාට තරමක අව‍‍බෝධයක් ලබාගත හැකි වූයේ 1863 දී මෙහි පැමිණි ආංරි මූහෝ නමැති ප්‍රාණිවිද්‍යාඥයා විසින් වාර්තා කිහිපයක් පළ කිරීමෙන් පසුය. අනතුරුව මෙහි වරින් වර ප්‍රංස පුරාවිද්‍යාඥයන් විසින් පර්යේෂණ පවත්වන ලදි. 1794 සිට සියම් (තායි) රජයට අයත්ව තුබූ අංකෝර් ප්‍රදේශය 1907 දී නැවතත් කාම්බෝජ රාජ්‍යය වෙත පැවරිණි. 1898 දී ආරම්භ කරන ලද ඈත පෙරදිග ප්‍රංශ විද්‍යාපීඨය මගින් අංකෝර් නෂ්ටාවශේෂ පිළිබඳව විද්‍යානුකූල පරීක්ෂණ පැවැත්වීම පටන් ගන්නා ලදි. අංකෝර් සංරක්ෂණ හා ප්‍රතිසංස්කරණ කටයුතු 1907 දී ආරම්භ විය.
+
ක්මේර් ගෘහනිර්මාණ සම්ප්‍රදායේ විශිෂ්ටතම නිර්මාණය වනුයේ [[අංකෝර් වාට්]] (බ.) ප්‍රාසාදය වේ. මෙය ආරම්භ කරන ලද්දේ දෙවන සූර්යවර්මන් රජුගේ (1112 – 1152) කාලයේ දී ය. පෙර අපර දෙදිග පුරාවිද්‍යාඥයන්ගේ පටන් සාමාන්‍ය කලා විචාරකයන් දක්වා සියල්ලන් ම පුදුමයෙන් පුදුමයට පත් කරවන මෙම වෛෂ්ණව ප්‍රාසාදය ලෝකයේ විශාල ම ආගමික ගොඩනැඟිලිවලින් එකකි. විශාල නගරයක් බඳු වූ අංකෝර් වාට් ප්‍රාසාදය ක්මේර් ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ ශ්‍රේෂ්ඨ යුගයට අයත් අත්‍යුත්කෘෂ්ට කලා කෘතිය වේ.
(කාම්බෝජය ලිපිය ද බ.)
+
 
පොත්පත් :  
+
අංකෝර්හි ප්‍රසිද්ධ ම නගරය වූයේ අංකෝර් තෝම් (මහා නගර) ය. මෙය සත්වන ජයවර්මන් රජු (1181 – 1201) විසින් ඉදි කරවන ලද්දකි. [[බායොන් ප්‍රාසාදය]] (බ.) මෙහි කේන්ද්‍රස්ථානය වේ. නගරයට ඇතුළත් වූ භූමි ප්‍රමාණය වර්ග සැතැපුම් පහකට අධික ය. නගරය තැනීමට පෙර හා පසුව ඉදිකරන ලද ගොඩනැඟිලි රාශියක නෂ්ටාවශේෂ මෙහි දක්නා ලැබේ. නගරය වටා දිවෙන මහා ප්‍රාකාරය කබොක් ගලින් නිමැවිණ. මෙහි සිව් දිසාවට මුහුණ ලා විශාල දොරටු සතරෙක් වෙයි. රජු විසූ මාළිගයට පිවිසෙන තවත් දොරටුවක් නැගෙනහිර පාර්ශ්වයෙහි පිහිටා තිබේ. ද්වාර ශිඛර ක්මේර් ශෛලිය අනුව ගලින් නෙළන ලද විශාල 'ලෝකේශ්වර' බෝධිසත්ව හිස්වලින් සැරසිණි. ප්‍රාකාරයට පිටතින් දිය අගළකි. නගරයට ඇතුළුවීම සඳහා දිය අගල හරහා වැටුණු දෙපැත්තේ ගල් වැටවල් සහිත වීථි පිහිටා තිබේ. මෙම වැටවල විශාල නාගයකු (වාසුකී) අල්ලාගෙන සිටින සේ ගලින් නෙළන ලද යෝධ ප්‍රතිරූප දක්නා ලැබේ. මෙයින් ක්ෂීරසාගර මථනය නිරූපණය වන බැව් සැලකේ.
 +
 
 +
අංකෝර් තෝම් නගරයේ හරි මැද පිහිටි බයොන් ප්‍රාසාදය ක්මේර් ගෘහ නිර්මාණ සම්ප්‍රදායට අයත් විශිෂ්ට ගොඩනැඟිල්ලකි. මෙය ජයවර්මන් රජු විසින් පැරණි ප්‍රාසාද පදනමක් මත ඉදිකරවන ලදි. ප්‍රාසාද ශිඛර සමූහය 'ලෝකේශ්වර' බෝධිසත්ව හිස්වලින් විසිතුරු වේ. අලංකාර ගල් කැටයමින් හෙබි බායොන් ප්‍රාසාදය නිර්මාණය අතින් දෙවැනි වන්නේ අංකෝර් වාට් ප්‍රාසාදයට පමණි.
 +
 
 +
[[නීක් පින්]] (බ.), බන්ටියායි චිමාර් වැනි ගොඩනැඟිලි ජයවර්මන් රජුගේ උසස් කෘතීහු වෙත්.
 +
 
 +
කාම්බෝජ ගෘහ නිර්මාණ ශිල්පය හා මූර්ති කලාව පිළිබඳ උසස් නිර්මාණයන්ගෙන් යුක්ත වූ අංකෝර් රාජධානිය පසළොස්වන සියවස තෙක් සියලු යස ඉසුරින් ආඪ්‍යව පැවැතිණි. 1296 වැනි වර්ෂයේ දී මෙහි පැමිණි චූ තා කුවාං නමැති චීන දේශාටකයා අංකෝර් රාජධානිය පිළිබඳව වැදගත් විස්තරයක් කර තිබේ.
 +
 
 +
අංකෝර්හි උන්නතිය මෙන් අවනතිය ද ශීඝ්‍රයෙන් සිදුවූවකි. පසළොස්වන සියවසේ දී තායි ජාතිකයන්ගේ ආක්‍රමණ හේතුකොටගෙන ක්මේර් රාජධානිය අංකෝර් පෙදෙසින් ඉවත්කොට ලොවෙක්, නොම් පෙන් (Phnom Penh) සහ උඩෝං යන ස්ථානවල පිහිටුවන ලදි. අංකෝර් ප්‍රදේශය ශීඝ්‍රයෙන් ජනශූන්‍ය බවට පත්විය. ඝන කැළයෙන් වැසී යෑමෙන් ද ගස්මුල් කරණකොටගෙන බිත්ති දෙදරා යෑමෙන් ද සියලු ම ‍ගොඩනැඟිලි ජරාවාස විය.
 +
 
 +
අංකෝර් පිළිබඳව යුරෝපීයයන්ගේ සැලකිල්ල යොමුවූයේ දහනවවන සියවසේ මැද භාගයේ සිට ය. 1805 දී ෂාල් බුයියවෝ නමැති මිෂනාරිවරයාට අංකෝර් පෙදෙස අහම්බෙන් සම්බ විය. එහෙත් අංකෝර් නෂ්ටාවශේෂ පිළිබඳව ලෝකයාට තරමක අව‍‍බෝධයක් ලබාගත හැකි වූයේ 1863 දී මෙහි පැමිණි ආංරි මූහෝ නමැති ප්‍රාණිවිද්‍යාඥයා විසින් වාර්තා කිහිපයක් පළ කිරීමෙන් පසු ය. අනතුරුව මෙහි වරින් වර ප්‍රංස පුරාවිද්‍යාඥයන් විසින් පර්යේෂණ පවත්වන ලදි. 1794 සිට සියම් (තායි) රජයට අයත්ව තුබූ අංකෝර් ප්‍රදේශය 1907 දී නැවතත් කාම්බෝජ රාජ්‍යය වෙත පැවරිණි. 1898 දී ආරම්භ කරන ලද ඈත පෙරදිග ප්‍රංශ විද්‍යාපීඨය මගින් අංකෝර් නෂ්ටාවශේෂ පිළිබඳව විද්‍යානුකූල පරීක්ෂණ පැවැත්වීම පටන් ගන්නා ලදි. අංකෝර් සංරක්ෂණ හා ප්‍රතිසංස්කරණ කටයුතු 1907 දී ආරම්භ විය.
 +
 
 +
([[කාම්බෝජය]] ලිපිය ද බ.)
 +
 
 +
'''පොත්පත්:'''
 +
 
 
Groslier, B. Angkor, Art and civilization.  
 
Groslier, B. Angkor, Art and civilization.  
 +
 
Parmentier. The History of Khmer Architecture, Eastern Art III.
 
Parmentier. The History of Khmer Architecture, Eastern Art III.
 +
 
Briggs, L. P. The Ancient Khmer Empire.
 
Briggs, L. P. The Ancient Khmer Empire.
 +
 
Brown, P. Indian Architecture (Buddhist and Hindu Period)
 
Brown, P. Indian Architecture (Buddhist and Hindu Period)
 +
 
Wells, H. G. Towards Angkor.
 
Wells, H. G. Towards Angkor.
 +
 +
(සංස්කරණය:1963)
 +
 
[[ප්‍රවර්ගය:අ]]
 
[[ප්‍රවර්ගය:අ]]

16:08, 18 ඔක්තෝබර් 2023 වන විට නවතම සංශෝධනය

කාම්බෝජයේ නෂ්ටාවශිෂ්ට පැරණි ආගමික ගොඩනැඟිලිවලින් ගහන වූ ප්‍රදේශයකි. මෙය අටවන සියවස පමණේ සිට ශතවර්ෂ පහකට අධික කාලයක් තුළ ක්මේර් (කාම්බෝජ) රජුන්ගේ රාජධානිය විය. මීකොං නදිය හා සීයම් රියප් ගංගාව අසල පිහිටියේ ය. නවවන සියවසේ පටන් පසළොස්වන සියවසේ මැද භාගය දක්වා මෙහි සංස්කෘතික හා ආගමික දියුණුවක් ද විශාල ආර්ථික දියුණුවක් ද පැවැත්තේ ය. එකල අංකෝර්හි ජනගහනය 2,000,000 පමණ විය. විශාල වැව් හා ගංගා මාර්ගයෙන් ජලය ලැබීම නිසා ජනතාවට අවශ්‍ය ධාන්‍ය හා ආහාර වර්ග එහි ම සපයාගත හැකි විය.

කාම්බෝජ රජුන් විසින් වරින්වර තනවන ලද ආගමික ගොඩනැඟිලි මාලිගා ආදියෙන් පිරී පැවති නගර කිහිපයක් නිසා අංකෝර් රාජධානිය විශේෂයෙන් වැදගත් වේ. හින්දු බෞද්ධ ආගම්වල සංකලනයක් හා ඒ ඇසුරින් නිපන් 'දේවරාජ' භක්තියත් මෙහි ප්‍රචලිතව පැවැති බව ඒ ඒ ගොඩනැඟිලි පරීක්ෂා කිරීමේ දී පෙනී යයි. ක්මේර් කලා ශිල්පයන් පිළිබඳ ශ්‍රේෂ්ඨ යුගය උදාවූයේ අංකෝර් රාජධානි කාලයේ දී ය.

ක්මේර් රාජවංශයට අයත් දෙවන ජයවර්මන් රජු (802 – 854) විසින් ප්‍රථමයෙන් ම අංකෝර් රාජධානිය පිහිටුවන ලදි. සීයම් රියප් ගඟ අසබඩ ඔහු විසින් පිහිටුවන ලද නගරය මහේන්ද්‍ර පුර නම් විය. මෙ රජුන් විසින් නිමවන ලද රජ මාළිගයක් හා වැදගත් ආගමික ගොඩනැඟිලි කිහිපයක් ද අංකෝර් නෂ්ටාවශේෂ අතර වේ. දැවයෙන් නිමවූ මෙම ගොඩනැඟිලි සියල්ලක් ම පාහේ විනාශයට පත් වී තිබේ.

නවවන සියවස අවසානයේ දී පළමුවන යශෝවර්මන් රජු (889 – 910) විසින් යශෝධරපුර නමින් නගරයක් ඉදිකරන ලදි. මෙය පැරණි නගර සැලැස්ම සම්පූර්ණ කිරීමක් වශයෙන් නිමවන ලද්දක් හෝ පැරණි නගරය පිහිටි ස්ථානයේ ම පසුව ඉදිකරන ලද්දක් හෝ විය හැක. පුරාවිද්‍යාත්මක කැණීම්වල දී සොයා ගන්නා ලද්දාවූත් හඳුනා ගැනීමට දුෂ්කරවූත් ගොඩනැඟිලි රාශියක් මේ නගරයේ පිහිටා තිබේ. නගර මධ්‍යයේ පිහිටි බාඛෙං ප්‍රාසාදය (බ.), වී ගොවිතැන සඳහා ජලය සැපයූ යශෝධර තටාකය, ෆීමේනකස් ප්‍රාසාදය (බ.) හා තාකිඕ ප්‍රාසාදය යශෝවර්මන් රජු විසින් නිමවන ලද වැදගත් නිර්මාණයෝයි. බාඛෙං ප්‍රාසාදය වටා පිහිටි චතුරස්‍ර ප්‍රාකාරයේ අංශවල මධ්‍යයේ සිට විහිදී ගිය ප්‍රධාන වීථි සතර නගර ද්වාර සතර කරා වැටී තිබීම නිසා නගරය කොටස් සතරකට බෙදී ඇත. ඒ ඒ කොටස්වල වෙන් වෙන් තරාතිරම්වලට අයත් නගරවැස්සෝ විසූහ. ක්මේර වාසීන් තුළ නගර නිර්මාණය පිළිබඳ පුළුල් අවබෝධයක් තුබූ බැව් යශෝධරපුර සැලැස්මෙන් පැහැදිලි වේ.

සිව්වන ජයවර්මන් රජුගේ (929 – 941) කාලයේ දී ක්මේර් රාජධානිය කෝකේර් පෙදෙස කරා ගෙන යන ලදි. අනතුරුව 952 වර්ෂයේ දී රාජේන්ද්‍රවර්මන් රජ (944 – 969) නැවතත් අංකෝර්හි රාජධානිය පිහිටුවිය. මෙතැන් සිට ක්මේර් කලාශිල්ප ශීඝ්‍රයෙන් වැඩිදියුණු විය. ම්බොන්, ප්‍රී රුප් (බ.) බන්ටියායි ශ්‍රී (බ.) වැනි උසස් නිර්මාණ මේ වකවානුවට අයත් වේ. ඊශ්වරපුර නමින් හැඳින්වූ බන්ටියායි ශ්‍රී ප්‍රාසාදය පස්වන ජයවර්මන් රජු (965-1002) විසින් 969 වර්ෂයේ දී නිමවන ලදි. පූජ්‍යස්ථාන කිහිපයක් එක් කිරීමෙන් තනවනු ලැබූ මෙය ක්මේර් ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ ක්‍රම විකාසයක් දක්වයි.

සූර්යවර්මන් රජුගේ (1002 – 1049) කාලයේ දී නිමවන ලද ප්‍රා ඛාන් ප්‍රාසාදය (බ.) හා උදයාදිත්‍යවර්මන් රජු (1049 - 1065) විසින් ඉදිකරවන ලදැයි සැලකෙන බාෆුඕන් ප්‍රාසාදය (බ.) ද ක්මේර් ගෘහනිර්මාණ සම්ප්‍රදායේ ක්‍රමවත් සංවර්ධනය හෙළි කරන වැදගත් නිර්මාණයෝ වෙති.

ක්මේර් ගෘහනිර්මාණ සම්ප්‍රදායේ විශිෂ්ටතම නිර්මාණය වනුයේ අංකෝර් වාට් (බ.) ප්‍රාසාදය වේ. මෙය ආරම්භ කරන ලද්දේ දෙවන සූර්යවර්මන් රජුගේ (1112 – 1152) කාලයේ දී ය. පෙර අපර දෙදිග පුරාවිද්‍යාඥයන්ගේ පටන් සාමාන්‍ය කලා විචාරකයන් දක්වා සියල්ලන් ම පුදුමයෙන් පුදුමයට පත් කරවන මෙම වෛෂ්ණව ප්‍රාසාදය ලෝකයේ විශාල ම ආගමික ගොඩනැඟිලිවලින් එකකි. විශාල නගරයක් බඳු වූ අංකෝර් වාට් ප්‍රාසාදය ක්මේර් ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳ ශ්‍රේෂ්ඨ යුගයට අයත් අත්‍යුත්කෘෂ්ට කලා කෘතිය වේ.

අංකෝර්හි ප්‍රසිද්ධ ම නගරය වූයේ අංකෝර් තෝම් (මහා නගර) ය. මෙය සත්වන ජයවර්මන් රජු (1181 – 1201) විසින් ඉදි කරවන ලද්දකි. බායොන් ප්‍රාසාදය (බ.) මෙහි කේන්ද්‍රස්ථානය වේ. නගරයට ඇතුළත් වූ භූමි ප්‍රමාණය වර්ග සැතැපුම් පහකට අධික ය. නගරය තැනීමට පෙර හා පසුව ඉදිකරන ලද ගොඩනැඟිලි රාශියක නෂ්ටාවශේෂ මෙහි දක්නා ලැබේ. නගරය වටා දිවෙන මහා ප්‍රාකාරය කබොක් ගලින් නිමැවිණ. මෙහි සිව් දිසාවට මුහුණ ලා විශාල දොරටු සතරෙක් වෙයි. රජු විසූ මාළිගයට පිවිසෙන තවත් දොරටුවක් නැගෙනහිර පාර්ශ්වයෙහි පිහිටා තිබේ. ද්වාර ශිඛර ක්මේර් ශෛලිය අනුව ගලින් නෙළන ලද විශාල 'ලෝකේශ්වර' බෝධිසත්ව හිස්වලින් සැරසිණි. ප්‍රාකාරයට පිටතින් දිය අගළකි. නගරයට ඇතුළුවීම සඳහා දිය අගල හරහා වැටුණු දෙපැත්තේ ගල් වැටවල් සහිත වීථි පිහිටා තිබේ. මෙම වැටවල විශාල නාගයකු (වාසුකී) අල්ලාගෙන සිටින සේ ගලින් නෙළන ලද යෝධ ප්‍රතිරූප දක්නා ලැබේ. මෙයින් ක්ෂීරසාගර මථනය නිරූපණය වන බැව් සැලකේ.

අංකෝර් තෝම් නගරයේ හරි මැද පිහිටි බයොන් ප්‍රාසාදය ක්මේර් ගෘහ නිර්මාණ සම්ප්‍රදායට අයත් විශිෂ්ට ගොඩනැඟිල්ලකි. මෙය ජයවර්මන් රජු විසින් පැරණි ප්‍රාසාද පදනමක් මත ඉදිකරවන ලදි. ප්‍රාසාද ශිඛර සමූහය 'ලෝකේශ්වර' බෝධිසත්ව හිස්වලින් විසිතුරු වේ. අලංකාර ගල් කැටයමින් හෙබි බායොන් ප්‍රාසාදය නිර්මාණය අතින් දෙවැනි වන්නේ අංකෝර් වාට් ප්‍රාසාදයට පමණි.

නීක් පින් (බ.), බන්ටියායි චිමාර් වැනි ගොඩනැඟිලි ද ජයවර්මන් රජුගේ උසස් කෘතීහු වෙත්.

කාම්බෝජ ගෘහ නිර්මාණ ශිල්පය හා මූර්ති කලාව පිළිබඳ උසස් නිර්මාණයන්ගෙන් යුක්ත වූ අංකෝර් රාජධානිය පසළොස්වන සියවස තෙක් සියලු යස ඉසුරින් ආඪ්‍යව පැවැතිණි. 1296 වැනි වර්ෂයේ දී මෙහි පැමිණි චූ තා කුවාං නමැති චීන දේශාටකයා අංකෝර් රාජධානිය පිළිබඳව වැදගත් විස්තරයක් කර තිබේ.

අංකෝර්හි උන්නතිය මෙන් අවනතිය ද ශීඝ්‍රයෙන් සිදුවූවකි. පසළොස්වන සියවසේ දී තායි ජාතිකයන්ගේ ආක්‍රමණ හේතුකොටගෙන ක්මේර් රාජධානිය අංකෝර් පෙදෙසින් ඉවත්කොට ලොවෙක්, නොම් පෙන් (Phnom Penh) සහ උඩෝං යන ස්ථානවල පිහිටුවන ලදි. අංකෝර් ප්‍රදේශය ශීඝ්‍රයෙන් ජනශූන්‍ය බවට පත්විය. ඝන කැළයෙන් වැසී යෑමෙන් ද ගස්මුල් කරණකොටගෙන බිත්ති දෙදරා යෑමෙන් ද සියලු ම ‍ගොඩනැඟිලි ජරාවාස විය.

අංකෝර් පිළිබඳව යුරෝපීයයන්ගේ සැලකිල්ල යොමුවූයේ දහනවවන සියවසේ මැද භාගයේ සිට ය. 1805 දී ෂාල් බුයියවෝ නමැති මිෂනාරිවරයාට අංකෝර් පෙදෙස අහම්බෙන් සම්බ විය. එහෙත් අංකෝර් නෂ්ටාවශේෂ පිළිබඳව ලෝකයාට තරමක අව‍‍බෝධයක් ලබාගත හැකි වූයේ 1863 දී මෙහි පැමිණි ආංරි මූහෝ නමැති ප්‍රාණිවිද්‍යාඥයා විසින් වාර්තා කිහිපයක් පළ කිරීමෙන් පසු ය. අනතුරුව මෙහි වරින් වර ප්‍රංස පුරාවිද්‍යාඥයන් විසින් පර්යේෂණ පවත්වන ලදි. 1794 සිට සියම් (තායි) රජයට අයත්ව තුබූ අංකෝර් ප්‍රදේශය 1907 දී නැවතත් කාම්බෝජ රාජ්‍යය වෙත පැවරිණි. 1898 දී ආරම්භ කරන ලද ඈත පෙරදිග ප්‍රංශ විද්‍යාපීඨය මගින් අංකෝර් නෂ්ටාවශේෂ පිළිබඳව විද්‍යානුකූල පරීක්ෂණ පැවැත්වීම පටන් ගන්නා ලදි. අංකෝර් සංරක්ෂණ හා ප්‍රතිසංස්කරණ කටයුතු 1907 දී ආරම්භ විය.

(කාම්බෝජය ලිපිය ද බ.)

පොත්පත්:

Groslier, B. Angkor, Art and civilization.

Parmentier. The History of Khmer Architecture, Eastern Art III.

Briggs, L. P. The Ancient Khmer Empire.

Brown, P. Indian Architecture (Buddhist and Hindu Period)

Wells, H. G. Towards Angkor.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අංකෝර්&oldid=3985" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි