"අංශ ස්වරය" හි සංශෝධන අතර වෙනස්කම්
('මේ වූකලී සංගීතයෙහි ඒ ඒ රාගයන්හි ලැබෙන මුඛ්‍ය ව...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
− | මේ | + | මේ වූකලි සංගීතයෙහි ඒ ඒ රාගයන්හි ලැබෙන මුඛ්‍ය වූ ස්වරයයි. ගැයුමෙහි දී මෙන් ම වැයුමෙහි දී ද එය බහුල වශයෙන් යෙදේ. රාගයෙහි අභිව්‍යක්තිය ඇති වනුයේ මෙයිනි. අංශ ස්වරය ම වාදී ස්වරය යි ද සැලැකේ. ඇතැම් කෙනෙක් ඊට ජීවස්වරය යි ද නම් කෙරෙති. රාගයේ ප්‍රධාන, ප්‍රබල ස්වරය යන අදහසිනි. අංශ ස්වරය රාගයේ ජීවයයි. |
− | + | ||
− | + | පැරැණිතම සංගීතයෙහි ග්‍රහ, න්‍යාස යන ස්වරයන් පිළිබඳ නීති රීති වූ බැවින් එහි නියමතාවක් වූ බව පෙනේ. වර්තමාන සංගීතයෙහි එබන්දක් නැති. එය එසේ වුව ද අංශ ස්වරය පිළිබඳ නියමය වෙනස් නොවීය. එම ස්වරය පැරැණි යුගවල පාලනය වූ නියමයන් යටතේ අදත් පාලනය වේ. දැන් එය ඉඳුරා ම භාවිත කරනුයේ වාදි ස්වරය යනුවෙනි. පැරැණි සංගීතයෙහි ත්‍රයෝදශ රාග ලක්ෂණයන්ගෙන් අංශ ස්වරය ද එකකි. | |
− | + | ||
− | + | ග්‍රහ, අංශ, න්‍යාස යන ස්වර තුනේ යෙදීම තරමක් අවුල් සහිතව පැවැත ආ බව පෙනේ. ඒ ඒ යුගවල නොයෙක් නොයෙක් ආචාර්යවරයන් එම ස්වරයන්ගේ ප්‍රයෝගය නොයෙක් අයුරින් සලකා ඇති බැවිනි. රාගයෙහි පළමුවැනි ස්වරය ග්‍රහ ස්වරය ලෙස ඇතැමෙක් සලකති. එහෙත් ග්‍රහ ස්වරය නම් මූලස්වරය වේ. සමහරු මෙය ගීතයෙහි පළමුවැනි ස්වරය ලෙස ගනිති. එය කවර ස්වරයක් හෝ විය හැකිය. දෙවැනි මතය බොහෝ දෙනාට සාධාරණ වූ ලෙස සැලැකේ. | |
− | (සංස්කරණය:1963) | + | |
− | [[ප්‍රවර්ගය:අ]] | + | භරත මුනිවරයා අංශ ස්වරය යනු ග්‍රහ ස්වරයේ පර්යාය නාමයක් ලෙස ද යොදා ඇති බව පෙනේ. |
+ | |||
+ | අංශ ස්වරය නම් වාදී ස්වරය ම බව මතඞ්ග, ශාර්ඞ්ගදේව, අභිනවගුප්ත ආදීහු ද පිළිගනිති. | ||
+ | |||
+ | (සංස්කරණය: 1963) | ||
+ | |||
+ | [[ප්‍රවර්ගය: අ]] |
12:38, 1 නොවැම්බර් 2023 වන විට නවතම සංශෝධනය
මේ වූකලි සංගීතයෙහි ඒ ඒ රාගයන්හි ලැබෙන මුඛ්‍ය වූ ස්වරයයි. ගැයුමෙහි දී මෙන් ම වැයුමෙහි දී ද එය බහුල වශයෙන් යෙදේ. රාගයෙහි අභිව්‍යක්තිය ඇති වනුයේ මෙයිනි. අංශ ස්වරය ම වාදී ස්වරය යි ද සැලැකේ. ඇතැම් කෙනෙක් ඊට ජීවස්වරය යි ද නම් කෙරෙති. රාගයේ ප්‍රධාන, ප්‍රබල ස්වරය යන අදහසිනි. අංශ ස්වරය රාගයේ ජීවයයි.
පැරැණිතම සංගීතයෙහි ග්‍රහ, න්‍යාස යන ස්වරයන් පිළිබඳ නීති රීති වූ බැවින් එහි නියමතාවක් වූ බව පෙනේ. වර්තමාන සංගීතයෙහි එබන්දක් නැති. එය එසේ වුව ද අංශ ස්වරය පිළිබඳ නියමය වෙනස් නොවීය. එම ස්වරය පැරැණි යුගවල පාලනය වූ නියමයන් යටතේ අදත් පාලනය වේ. දැන් එය ඉඳුරා ම භාවිත කරනුයේ වාදි ස්වරය යනුවෙනි. පැරැණි සංගීතයෙහි ත්‍රයෝදශ රාග ලක්ෂණයන්ගෙන් අංශ ස්වරය ද එකකි.
ග්‍රහ, අංශ, න්‍යාස යන ස්වර තුනේ යෙදීම තරමක් අවුල් සහිතව පැවැත ආ බව පෙනේ. ඒ ඒ යුගවල නොයෙක් නොයෙක් ආචාර්යවරයන් එම ස්වරයන්ගේ ප්‍රයෝගය නොයෙක් අයුරින් සලකා ඇති බැවිනි. රාගයෙහි පළමුවැනි ස්වරය ග්‍රහ ස්වරය ලෙස ඇතැමෙක් සලකති. එහෙත් ග්‍රහ ස්වරය නම් මූලස්වරය වේ. සමහරු මෙය ගීතයෙහි පළමුවැනි ස්වරය ලෙස ගනිති. එය කවර ස්වරයක් හෝ විය හැකිය. දෙවැනි මතය බොහෝ දෙනාට සාධාරණ වූ ලෙස සැලැකේ.
භරත මුනිවරයා අංශ ස්වරය යනු ග්‍රහ ස්වරයේ පර්යාය නාමයක් ලෙස ද යොදා ඇති බව පෙනේ.
අංශ ස්වරය නම් වාදී ස්වරය ම බව මතඞ්ග, ශාර්ඞ්ගදේව, අභිනවගුප්ත ආදීහු ද පිළිගනිති.
(සංස්කරණය: 1963)