"සිංහල ආණ්ඩුවේ නිලධාරීහු" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ලංකාද්වීපයේ ජයවර්ධනපුරය අගනුවර කොට ශ්‍රී පරා...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:37, 15 දෙසැම්බර් 2023 තෙක් සංශෝධනය
ලංකාද්වීපයේ ජයවර්ධනපුරය අගනුවර කොට ශ්‍රී පරාක්‍රමබාහු මහරජු රාජ්‍යය හොබවන කල්හි සිංහල නිලධාරීන්ගේ පන්ති පිළිවෙළ මෙහිලා සංග්‍රහ කෙරේ.
ජයවර්ධනපුර කාලයෙහි උතුරු මායා රට, දක්ෂිණ ලංකාව, සබරගමුව, සතර කෝරළය නමින් මහා දිසා සතරක් විය. පුත්තලම, හලාවත, කොත්මලය, කෝරළ තුන, මොරවක, දෙවුන්දර, ගිරුවාය යන උප දිසා අටක් ද විය. ගාල්ල, මාතර, පයාගල, කැළණිය යනාදිය පළාත් රටවල් ලෙස ද සියනෑ කෝරළය, අලුත්කූරු කෝරළය හා පිටිගම් කෝරළය යනාදිය කෝරළ වශයෙන් ද, පත්තු නියම්ගම් වශයෙන් බෙදනු ලැබ නිලධාරීහු පත් කරණු ලැබුවෝ ය.
මහදිසාවලට මහාදිසාපතිවරු ද උපදිසාවලට දෙවනි දිසාපතිවරු ද රටවලට රටේ රාල්ලා ද රටේ අදිකාරම්වර ද කෝරළවලට මුදලි මුහන්දිරම්වරු ද පත්තුවලට කෝරාල්ලා ද ගම්වලට ආරච්චිවරු හා ඇතැම් ගම්වලට දුරයන් ද යනාදී තනතුරු දෙනු ලැබූහ.
අග-යුවමැති ආදී මන්ත්‍රිශ්වරයන්ට අධිකාරම්වරු සහ මහනිලමවරු කියා ව්‍යවහාර වූයේ සිංහල ආණ්ඩුව පටන් ගැණිමේ සිට ය. වංග රටේ ද එම නාම ව්‍යවහාර වූ බැව් කියති. අධිකාරම් යනු අධිකරණ යන්නෙන් සෑදුණේ වෙන්ට ඇති. සලාවත ජයපාල මන්ත්‍රිශ්වරයා ගැන ගුත්තිල කාව්‍යයෙහි 'අදිකරණෙහි පසිඳු' යනාදි කවිය කියා ඇත්තේ අධිකරණ නායක තනතුර ද රජ ඇමතින්ට තිබුණු නිසා විය හැකි ය. දෙමළ 'අදිකාරන්' හෝ සංස්කෘත 'අධිකාරන්' යන්න ද විය හැකි ය. රජු විසින් දෙනු ලබන නිල වන මන්ත්‍රී ධුරය සෙසු නිලවලට වඩා උසස් නිසා එම නිල ලත් උතුමන්ට මහනිලමේ කියා ව්‍යවහාර කෙරේ. මහාමාත්‍යයාගේ - අධිකාරම් නිලමෙතුමාගේ සිට අන්තිම සුළු මුලාදෑනියා දක්වා ඒ ඒ මුලැදෑනි පංක්ති - දෙපාර්තමේන්තු අනුපිළිවෙළට මෙහි බහාලනු ලැබේ.
1. අමාත්‍ය මණ්ඩලය:
මහාමාත්‍යයා - මහ අධිකාරම් නිලමේ
යුවඅමාත්‍යයා - දෙවනි අධිකාරම් නිලමේ
රාජගුරු අමාත්‍යයා - අග්‍ර පුරෝහිතයා
2. සතරමහ දිසාපතිතුමෝ:
උතරු මායා රටේ මහාදිසාපතිතුමා
දක්ෂිණ ලංකාවේ මහදිසාපතිතුමා
සබරගමුවේ මහා දිසාපතිතුමා
සතර කෝරළයේ මහාදිසාපතිතුමා
3. අට දිසාපතිතුමෝ:
පුත්තලමේ උපදිසපතිතුමා
හලාවත උපදිසපතිතුමා
ගිරුවායේ උපදිසපතිතුමා
මාගම උපදිසපතිතුමා
මොරවක උපදිසපතිතුමා
දෙවුන්දර උපදිසපතිතුමා
කොත්මලේ උපදිසපතිතුමා
කෝරළ තුනේ උපදිසපතිතුමා
4. අතපත්තුවේ නිලධාරීහු:
අතපත්තුවේ ලේකම් මහත්තයා
අතපත්තුවේ මුදියන්සේ රාළ
අතපත්තුවේ මුහන්දිරම් රාළ
අතපත්තුවේ ආරච්චිල
අතපත්තුවේ විදානේ
5. ගම්පත්තුවේ නිලධාරීහු:
ගම්පත්තුවේ ලේකම් මහත්තයා
ගම්පත්තුවේ මුදියන්සේ රාළ
ගම්පත්තුවේ මුහන්දිරම් රාළ
ගම්පත්තුවේ කෝරාළ
ගම්පත්තුවේ ආරච්චි රාළ
ගම්පත්තුවේ ගමරාළ
ගම්පත්තුවේ කන්කානම
ගම්පත්තුවේ දුරයා
6. සාරාමාරුවේ නිලධාරීහු:
සාරාමරුවේ ලේකම් මහත්තයා
සාරාමරුවේ මුදියන්සේ රාළ
සාරාමරුවේ මුහන්දිරම් රාළ
සාරාමරුවේ ආරච්චිල
සාරාමරුවේ ගමරාළ
සාරාමරුවේ කන්කානම
සාරාමරුවේ දුරයා
7. කූරුවේ නිලධාරීහු:
කූරුවේ ලේකම් මහත්තයා
කූරුවේ මුදියන්සේ රාළ
කූරුවේ මුහන්දිරම් රාළ
කූරුවේ ආරච්චිල
කූරුවේ ගමරාළ
කූරුවේ කන්කානම
කූරුවේ දුරයා
8. රට කරවන නිලධාරීහු:
රටේ අදිකාරම - රටේ මහත්තයා
රටේ මුදියන්සේ - කෝරළේ රාළ
රටේ මුහන්දිරම් රාළ
රටේ කෝරාළ
රටේ ගමරාළ
රටේ කන්කානම
රටේ දුරයා
9. හස්ති බන්ධන නිලධාරීහු:
ගජ නායක රාළ
ගජ නායක ලේකම් මහත්තයා
ගජ නායක මුදියන්සේ රාළ
ගජ නායක මුහන්දිරම් රාළ
ගජ නායක ආරච්චිල
ගජ නායක ගමරාළ
ගජ නායක කන්කානම
ගජ නායක දුරයා
10. ඇත් පන්තියේ දුරයා:
ඇත් පංක්තියේ ලේකම්
ඇත් පංක්තියේ මුදියන්සේ රාළ
ඇත් පංක්තියේ මුහන්දිරම් රාළ
ඇත් පංක්තියේ ආරච්චිල
ඇත් පංක්තියේ ගම රාළ
ඇත් පංක්තියේ කන්කානම
ඇත් පංක්තියේ විදානේ
ඇත් පංක්තියේ දුරයා
11. කොඩිතුවක්කු නිලධාරීහු:
කොඩිතුවක්කු ලේකම්
කොඩිතුවක්කු මුදියන්සේ රාළ
කොඩිතුවක්කු ආරච්චිල
කොඩිතුවක්කු ගම රාළ
කොඩිතුවක්කු කන්කානම
කොඩිතුවක්කු විදානේ
කොඩිතුවක්කු දුරයා
12. ලන්සකාර නිලධාරීහු:
ලන්සකාර ලේකම්
ලන්සකාර මුදියන්සේ රාළ
ලන්සකාර මුහන්දිරම් රාළ
ලන්සකාර ආරච්චිල
ලන්සකාර ගමරාළ
ලන්සකාර කන්කානම
13. පඩිකාර නිලධාරීහු:
පඩිකාර ලේකම්
පඩිකාර මුදියන්සේ රාළ
පඩිකාර මුහන්දිරම් රාළ
පඩිකාර ආරච්චිල
පඩිකාර ගමරාළ
පඩිකාර කන්කානම
14. රාජ පණිවිඩේ නිලධාරීහු:
පණිවිඩකාර ලේකම්
පණිවිඩකාර මුදියන්සේ රාළ
පණිවිඩකාර මුහන්දිරම් රාළ
පණිවිඩකාර ආරච්චිල
පණිවිඩකාර ගමරාළ
පණිවිඩකාර කන්කානම
පණිවඩකාර දුරයා
15. කසකාර පණිවිඩේ නිලධාරීහු:
කසකාර ලේකම්
කසකාර මුදියන්සේ රාළ
කසකාර මුහන්දිරම් රාළ
කසකාර ආරච්චිල
කසකාර ගමරාළ
කසකාර කන්කානම
කසකාර දුරයා
16. කුරුල්ලන් මඩුවේ නිලධාරීහු:
කුරුල්ලන් මඩුවේ ලේකම්
කුරුල්ලන් මඩුවේ මුදියන්සේ රාළ
කුරුල්ලන් මඩුවේ මුහන්දිරම් රාළ
කුරුල්ලන් මඩුවේ ආරච්චිල
කුරුල්ලන් මඩුවේ ගමරාළ
කුරුල්ලන් මඩුවේ කන්කානම
කුරුල්ලන් මඩුවේ දුරයා
17. අශ්ව පන්තියේ නිලධාරීහු:
අශ්ව පන්තියේ ලේකම්
අශ්ව පන්තියේ මුදියන්සේ රාළ
අශ්ව පන්තියේ මුහන්දිරම් රාළ
අශ්ව පන්තියේ ආරච්චිල
අශ්ව පන්තියේ ගමරාළ
අශ්ව පන්තියේ කන්කනාම
අශ්ව පන්තියේ විදානේ
අශ්ව පන්තියේ දුරයා
18. සිංගාරක්කාර මඩුවේ නිලධාරීහු:
සිංගාරක්කාර මඩුවේ ලේකම්
සිංගාරක්කාර මඩුවේ මුදියන්සේ රාළ
සිංගාරක්කාර මඩුවේ මුහන්දිරම් රාළ
සිංගාරක්කාර මඩුවේආරච්චිල
සිංගාරක්කාර මඩුවේ ගමරාළ
සිංගාරක්කාර මඩුවේ කන්කනාම
සිංගාරක්කාර මඩුවේ දුරයා
19. මහ අරමුදලේ නිලධාරීහු:
මහ අරමුදලේ ලේකම්
මහ අරමුදලේ මුදියන්සේ රාළ
මහ අරමුදලේ මුහන්දිරම් රාළ
මහ අරමුදලේ ආරච්චිල
මහ අරමුදලේ ගම රාළ
මහ අරමුදලේ කන්කානම
මහ අරමුදලේ විදානේ
මහ අරමුදලේ දුරයා
20. තවලම් පංක්තියේ නිලධාරීහු:
ගොන්කාර ලේකම්
ගොන්කාර මුදියන්සේ රාළ
ගොන්කාර මුහන්දිරම් රාළ
ගොන්කාර ආරච්චිල
ගොන්කාර ගමරාළ
ගොන්කාර කන්කානම
ගොන්කාර විදානේ
ගොන්කාර දුරයා
21. අන්දෝරු මඩුවේ නිලධාරීහු:
අන්දෝරු මඩුවේ ලේකම්
අන්දෝරු මඩුවේ මුදියන්සේ රාළ
අන්දෝරු මඩුවේ මුහන්දිරම්
අන්දෝරු මඩුවේ ආරච්චිල
අන්දෝරු මඩුවේ ගමරාළ
අන්දෝරු මඩුවේ කන්කානම
අන්දෝරු මඩුවේ විදානේ
අන්දෝරු මඩුවේ දුරයා
22. හම්බා පණිවිඩේ නිලධාරීහු:
මහ හම්බා පණිවිඩේ ලේකම්
මහ හම්බා පණිවිඩේ මුදියන්සේ රාළ
මහ හම්බා පණිවිඩේ මුහන්දිරම් රාළ
මහ හම්බා පණිවිඩේ ආරච්චිල
මහ හම්බා පණිවිඩේ ගමරාළ
මහ හම්බා පණිවිඩේ කන්කානම
මහ හම්බා පණිවිඩේ විදානේ
මහ හම්බා පණිවිඩේ දුරයා
23. සාරාමාරුවේ හම්බා පණිවිඩේ නිලධාරීහු:
සාරාමාරුවේ හම්බා පණිවිඩේ ලේකම්
සාරාමාරුවේ හම්බා පණිවිඩේ මුදියන්සේ රාළ
සාරාමාරුවේ හම්බා පණිවිඩේ මුහන්දිරම් රාළ
සාරාමාරුවේ හම්බා පණිවිඩේ ආරච්චිල
සාරාමාරුවේ හම්බා පණිවිඩේ ගමරාළ
සාරාමාරුවේ හම්බා පණිවිඩේ කන්කානම
සාරාමාරුවේ හම්බා පණිවිඩේ විදානේ
සාරාමාරුවේ හම්බා පණිවිඩේ දුරයා
24. මහ කටුපුල්ලේ නිලධාරීහු:
මහ කටුපුල්ලේ ලේකම්
මහ කටුපුල්ලේ මුදියන්සේ රාළ
මහ කටුපුල්ලේ මුහන්දිරම් රාළ
මහ කටුපුල්ලේ ආරච්චිල
මහ කටුපුල්ලේ කන්කානම
25. සාරාමාරුවේ කටුපුල්ලේ නිලධාරීහු:
සාරාමාරුවේ කටුපුල්ලේ ලේකම්
සාරාමාරුවේ කටුපුල්ලේ මුදියන්සේ රාළ
සාරාමාරුවේ කටුපුල්ලේ මුහන්දිරම් රාළ
සාරාමාරුවේ කටුපුල්ලේ ආරච්චිල
සාරාමාරුවේ කටුපුල්ලේ කන්කානම
26. කඩවතේ මුර මඩුවේ නිලධාරීහු:
කඩවතේ මුර මඩුවේ ලේකම්
කඩවතේ මුර මඩුවේ මුදියන්සේ රාළ
කඩවතේ මුර මඩුවේ මුහන්දිරම් රාළ
කඩවතේ මුර මඩුවේ සේනානායක රාළ
කඩවතේ මුර මඩුවේ ආරච්චිල
කඩවතේ මුර මඩුවේ කන්කානම
කඩවතේ මුර මඩුවේ විදානේ
කඩවතේ මුර මඩුවේ දුරයා
27. මහ ගබඩා පට්ට්යේ නිලධාරීහු:
ගෝපාල ලේකම්
ගෝපාල මුදියන්සේ
ගෝපාල මුහන්දිරම්
ගෝපාල ආරච්චි
ගෝපාල ගමරාළ
ගෝපාල කන්කානම
ගෝපාල විදානේ
ගෝපාල දුරයා
28. හුංකිරි පට්ට්යේ නිලධාරීහු:
හුංකිරි පට්ට්යේ ලේකම්
හුංකිරි පට්ට්යේ මුදියන්සේ
හුංකිරි පට්ට්යේ මුහන්දිරම්
හුංකිරි පට්ට්යේ ආරච්චිල
හුංකිරි පට්ට්යේ ගමරාළ
හුංකිරි පට්ට්යේ කන්කානම
හුංකිරි පට්ට්යේ විදානේ
හුංකිරි පට්ට්යේ දුරයා
29. ගබඩාගමේ නිලධාරීහු:
ගබඩාගමේ ලේකම්
ගබඩාගමේ මුදියන්සේ
ගබඩාගමේ මුහන්දිරම්
ගබඩාගමේ ගමරාළ
ගබඩාගමේ ආරච්ච්ල
ගබඩාගමේ කන්කානම
ගබඩාගමේ විදානේ
ගබඩාගමේ දුරයා
30. රන් කැත්ත පණිවිඩේ නිලධාරීහු:
රන් කැත්ත පණිවිඩේ මුදියන්සේ
රන් කැත්ත පණිවිඩේ මුහන්දිරම්
රන් කැත්ත පණිවිඩේ මෙහොට්ටාල
රන් කැත්ත පණිවිඩේ ගමරාළ
රන් කැත්ත පණිවිඩේ ආරච්චිල
රන් කැත්ත පණිවිඩේ විදානේ
රන් කැත්ත පණිවිඩේ දුරයා
31. සුදු හකුරු පණිවිඩේ නිලධාරීහු:
සුදු හකුරු පණිවිඩේ ලේකම්
සුදු හකුරු පණිවිඩේ මුදියන්සේ
සුදු හකුරු පණිවිඩේ මුහන්දිරම්
සුදු හකුරු පණිවිඩේ ආරච්චිල
සුදු හකුරු පණිවිඩේ ගමරාළ
සුදු හකුරු පණිවිඩේ කන්කානම
සුදු හකුරු පණිවිඩේ විදානේ
සුදු හකුරු පණිවිඩේ දුරයා
32. සුදු පැණි පණිවිඩේ නිලධාරීහු:
සුදු පැණි පණිවිඩේ මුසියන්සේරාළ
සුදු පැණි පණිවිඩේ මුහම්දිරම්රාළ
සුදු පැණි පණිවිඩේ මෙහොට්ටාල
සුදු පැණි පණිවිඩේ ගමරාළ
සුදු පැණි පණිවිඩේ කණ්කානම
සුදු පැණි පණිවිඩේ ආරච්චිල
සුදු පැණි පණිවිඩේ විදානේ
සුදු පැණි පණිවිඩේ දුරයා
33. තටුකොල පණිවිඩේ නිලධාරීහු:
තටුකොල පණිවිඩේ රාළ
තටුකොල පණිවිඩේ මුදියන්සේරාළ
තටුකොල පණිවිඩේ මුහම්දිරම්රාළ
තටුකොල පණිවිඩේ මොහොට්ටාල
තටුකොල පණිවිඩේ ගමරාළ
තටුකොල පණිවිඩේ ආරච්චිල
තටුකොල පණිවිඩේ විදානේ
තටුකොල පණිවිඩේ දුරයා
34. දළුමුර පණිවඩේ නිලධාරීහු:
දළුමුර පණිවඩේ සෙප්පුවේරාළ
දළුමුර පණිවඩේ මොහොට්ටාල
දළුමුර පණිවඩේ කණ්කානම
දළුමුර පණිවඩේ විදානේ
35. කොටියා/පුවක්/බද්දේ නිලධාරීහු:
කොටියා බද්දේ රාළ
කොටියා බද්දේ මොහොට්ටාල
කොටියා බද්දේ කන්කානම
කොටියා බද්දේ විදානේ
36. මල්ගම්මන නිලධාරීහු:
මල්ගම්මන රාළ
මල්ගම්මන මොහොට්ටාල
මල්ගම්මන කන්කානම
මල්ගම්මන විදානේ
37. පොළුමස් පණිවිඩේ නිලධාරීහු:
පොළුමස් පණිවිඩේ මුදියන්සේ
පොළුමස් පණිවිඩේ මුහම්දිරම්
පොළුමස් පණිවිඩේ මෙහොට්ටාල
පොළුමස් පණිවිඩේ ගමරාළ
පොළුමස් පණිවිඩේ කන්කානම
පොළුමස් පණිවිඩේ විදානේ
පොළුමස් පණිවිඩේ දුරයා
පොළුමස් පණිවිඩේ ආරච්චිල
38. කුම්භකාර නිල:
බද්දේ විදානේ
ජ්‍යෙෂ්ඨ කුම්භකාරයා
39. සළුගෙය ‘රදාගෙයි’ නිල:
සළුවඩන හේනයා
සළුවඩන බද්දේ විදානේ
සළුවඩන පේඬියා
සළුවඩන සිංගප්පූලයා
සළුවඩන අසරප්පූලයා
40. සළුමණ්ඩපේ නිලධාරීහු:
සළුවඩන රාළ
සළුමණ්ඩපේ මුදියන්සේ රාළ
සළුමණ්ඩපේ මුහම්දිරම් රාළ
සළුමණ්ඩපේ මොහොට්ටාල
සළුවඩන හේනයා
සළුවඩන විදානේ
41. කුනම්මඩුවේ නිලධාරීහු:
කුනම්මඩුවේ මුදියන්සේ රාළ
කුනම්මඩුවේ මුහම්දිරම් රාඝ
කුනම්මඩුවේ මෙහොට්ටාල
කුනම්මඩුවේ කණ්කානම
කුනම්මඩුවේ විදානේ
42. යක්දුර මඩුවේ නිලධාරීහු:
යක්දුර මඩුවේ මුදියන්සේ රාළ
යක්දුර මඩුවේ මුහම්දිරම් රාළ
යක්දුර මඩුවේ කන්කානම
යක්දුර මඩුවේ අප්පුලා
43. කවිකාර මඩුවේ නිලධාරීහු:
කවිකාර මඩුවේ මුදියන්සේ රාළ
කවිකාර මඩුවේ මුහම්දිරම් රාළ
කවිකාර මඩුවේ කන්කානම
කවිකාර මඩුවේ අප්පුලා
44. කංචතලාමේ සහ පන්කේමඩුවේ නිලධාරීහු:
කඤ්චතාලමේ මුදියන්සේ රාළ
කඤ්චතාලමේ මුහම්දිරම් රාළ
කඤ්චතාලමේ කන්කානම
කඤ්චතාලමේ ආරච්චිල
කඤ්චතාලමේ අප්පුලා
45. පිලිස්සුන් පණිවිඩේ නිලධාරීහු:
පිලිස්සුන් පණිවිඩේ මුදියන්සේ
පිලිස්සුන් පණිවිඩේ මුහම්දිරම් රාළ
පිලිස්සුන් පණිවිඩේ ආරච්චිල
පිලිස්සුන් පණිවිඩේ කණ්කානම
පිලිස්සුන් පණිවිඩේ විදානේ
46. දළුමුර සේප්පුවේ නිලධාරීහු:
දළුමුර සේප්පුවේ රාළ
දළුමුර සේප්පුවේ මුදියන්සේ
දළුමුර සේප්පුවේ මුහම්දිරම් රාළ
දළුමුර සේප්පුවේ ආරච්චිල
දළුමුර සේප්පුවේ විදානේ
47. දකිනාමණ්ඩපේ නිලධාරීහු:
දකිනාමණ්ඩපේ රාල
දකිනාමණ්ඩපේ මුදියන්සේ රාළ
දකිනාමණ්ඩපේ මුහම්දිරම් රාළ
දකිනාමණ්ඩපේආරච්චිල
දකිනාමණ්ඩපේ කන්කානම
දකිනාමණ්ඩපේ විදානේ
48. වටිනාගෙයි නිලධාරීහු:
වටිනාගෙයි රාළ
වටිනාගෙයි මුදියන්සේ රාළ
වටිනාගෙයි මුහම්දිරම් රාළ
වටිනාගෙයි කන්කානම
වටිනාගෙයි විදානේ
49. මහ වාසල නිලධාරීහු:
මහ වාසල දියවඩන රාළ
මහ වාසල මුදියන්සේ රාළ
මහ වාසල මුහම්දිරම් රාළ
මහ වාසල ආරච්චිල
මහ වාසල අප්පුහාමිල්ලා
50. මහ ගබඩාවේ නිලධාරීහු:
මහ ගබඩාවේ රාළ
මහ ගබඩාවේ අරමුදලේ ලේකම්
මහ ගබඩාවේ මුදියන්සේ රාළ
මහ ගබඩාවේ මුහම්දිරම් රාළ
මහ ගබඩාවේ ආරච්චිල
මහ ගබඩාවේ කන්කානම
51. පල්ලේ වහල ගබඩාවේ නිලධාරීහු:
පල්ලේ වහල ගබඩාවේ රාල
පල්ලේ වහල ගබඩාවේ මුදියන්සේ රාළ
පල්ලේ වහල ගබඩාවේ මුහම්දිරම් රාළ
පල්ලේ වහල ගබඩාවේ ආරච්චිල
පල්ලේ වහල ගබඩාවේ කන්කානම
පල්ලේ වහල ගබඩාවේ අරමුදලේ ලේකම්
52. බංඩාර ගම්වල නිලධාරීහු:
බංඩාර ගබඩා රාල
බංඩාර ගබඩා අරමුදලේ ලේකම්
බංඩාර ගබඩා මුදියන්සේ රාළ
බංඩාර ගබඩා මුහම්දිරම් රාළ
බංඩාර ගබඩා ආරච්චිල
බංඩාර ගබඩාකන්කානම
53. මහ වාසල මුළුතැන් ගේ වඩන නිලධාරීහු:
මහ වාසල පණිවිඩ කරන රාළ
මහ වාසල මුළුතැන්ගෙයි රාළ
මහ වාසල කන්කානම් රාළ
මහ වාසල බත් වචන රාළ
මහ වාසල අගුබලන්නා 'රස බලන්නා'
54. දළදා මණ්දිරයේ නිලධාරීහු:
දළදා මාළිගවේ දිය වඩන රාළ
දළදා මාළිගවේ වට්ටෝරු කරන්නා 'වට්ටබු'
දළදා මාළිගවේ ගෙපළුමීකරන්නා
දළදා මාළිගවේ කාරිය කරන්නා
දළදා මාළිගවේ තේවාා කරන්නා
55. දිසානායක නිලධාරීහු:
දිසානායක මුහම්දිරම් රාළ
දිසානායක මුදියන්සේ රාළ
දිසානායක අප්පුහාමිල්ලා
දිසානායක ආරච්චිල
දිසානායක කන්කානම
56. නම් පටබඳින නිලධාරීහු:
නම් පටබඳින ලේකම්
නම් පටබඳින මුසියන්සේ රාළ
නම් පටබඳින මුහම්දිරම් රාළ
නම් පටබඳින අප්පුහාමිල්ලා
57. බස්නායක නිලධාරීහු:
බස්නායක රාළ
බස්නායක මුදියන්සේ රාළ
බස්නායක මුහම්දිරම් රාළ
58. රජවාසල දුග්ගන්නා නිලධාරීහු:
මහ ලේකම් රාළ
මහ ලේකම් මුදියන්සේ රාළ
මහ ලේකම් මුහම්දිරම් රාළ
මහ ලේකම් ස්ත්‍රීවරු
මුහුප්පු නිලමේ
ආලන්තියේ මහත්මයිල්ලා
දුග්ගන්නා මහත්මයිල්ලා
59. නගරගුන්තික නිලධාරීහු:
නගරගුන්තික ලේකම්රාළ
60. ගම්සභා අධිකරණ අමාත්‍ය:
ගම්සභා අධිකරණ මෙහොට්ටාල
61. කම්කරු මෙහෙයේ නිල:
ආබරණ පට්ටලේ මුදියන්සේ
ආබරණ පට්ටලේ මුහම්දිරම්
62. සිංහාසන පට්ලේ මුදියන්සේ:
සිංහාසන පට්ටලේ මුහම්දිරම්
63. ඔටුනු පට්ටලේ මුදියන්සේ:
ඔටුනු පට්ටලේ මුහම්දිරම්
64. චිත්‍රකම්ම පට්ටලේ මුදියන්සේ :
චිත්‍රකර්ම පට්ටලේ මුහම්දිරම්
65. රන්කඩු පට්ටලේ මූලාචාරියා:
රන්කඩු පට්ටලේ මහ හංගිලියා
රන්කඩු පට්ටලේ අතු හංගිලියා
රන්කඩු පට්ටලේ රටමැද හංගිලියා
රන්කඩු පට්ටලේ ගල්ලද්දා
රන්කඩු පට්ටලේරට මැද ගල්ලද්දා
66. බණ්ඬාර අටුවේ නිල:
බණ්ඬාර අටුවේ මොහොට්ටාල
බණ්ඬාර අටුවේ ගමරාළ
බණ්ඬාර අටුවේ කන්කානම
බණ්ඬාර අටුවේ මනන්නා
බණ්ඬාර අටුවේ දුරයා
(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස හිමි: 1961)
(සංස්කරණය නොකළ)