"සූවිසි පරිජි" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
(''පරිජි' යනු පාරාජික, පාරාජිකා යන පාලි ශබ්දවලින...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
5 පේළිය: 5 පේළිය:
 
එයින් කීහ, විනයත්ථමඤ්ජුසායෙහි;
 
එයින් කීහ, විනයත්ථමඤ්ජුසායෙහි;
 
'තත්ථ සික්ඛාපදං, යො තං අතික්කමති තං පරාජෙති, තස්මා පාරාංජිකන්ති වුච්චති; පුග්ගලො යස්මා පරාජිතො පරාජයමා'පන්නො, තස්මා පාරාජිකා'ති වුච්චති’'යි.
 
'තත්ථ සික්ඛාපදං, යො තං අතික්කමති තං පරාජෙති, තස්මා පාරාංජිකන්ති වුච්චති; පුග්ගලො යස්මා පරාජිතො පරාජයමා'පන්නො, තස්මා පාරාජිකා'ති වුච්චති’'යි.
 
== පරිජි භේද ==
 
== පරිජි භේද ==
17 පේළිය: 16 පේළිය:
  
5. මෛථුනධර්මපාරාජිකාවට අනුලෝම පරිජි 4
 
5. මෛථුනධර්මපාරාජිකාවට අනුලෝම පරිජි 4
 
== දෙපක්ෂයට සාධාරණ පාරාජිකා 4 ==
 
== දෙපක්ෂයට සාධාරණ පාරාජිකා 4 ==
35 පේළිය: 33 පේළිය:
  
අදින්නාදාන පාරාජිකාව නම් භික්ෂුවක් විසින් නෑ නොනෑ අන් මිනිසෙකුට අයත් පාදයක් (මෙහි පාදයෙක් නම් පස්මඳටක් අමු රන්) අගනා වස්තුවක් සොරසිත් ඇති ව පස්විස් අවහාරයන් අතුරෙන් එක්තරා අවහාරයකින් ගැනීමෙන් සිදු වන පාරාජිකාව (=පරිජි).
 
== පස්විසි අවහාර ==
 
== පස්විසි අවහාර ==
63 පේළිය: 60 පේළිය:
 
මනුස්සවිග්ගහපාරාජිකාව නම් මිනිස්සතකු මවුකුසෙහි පිළිසිඳගත් කල්හි තවන හඹන බෙහෙත්දීම් ආදී ප්‍රයෝගයෙන් හෝ මවුකුසින් බිහි වූ කල්හි සාහත්ථිකාදි ප්‍රයෝගයන් අතුරෙන් එකෙකින් හෝ මරා නම් එයින් සිදුවන පාරාජිකාවය (=පරිජි).
 
== ප්‍රයෝග සය ==
 
== ප්‍රයෝග සය ==

10:51, 18 දෙසැම්බර් 2023 වන විට නවතම සංශෝධනය

'පරිජි' යනු පාරාජික, පාරාජිකා යන පාලි ශබ්දවලින් බිඳී වහරෙහි යෙදෙන වචනයකි. බෞද්ධ විනයට සම්බන්ධ පරාජය වූ බව හැඟවෙන මෙය භික්ෂු-භික්ෂුණීන් සම්බන්ධ ප්‍රධාන ශික්ෂාපද වන පාරාජිකා පිළිබඳ විස්තරයකි.

යමෙක් එය කඩ කරයි ද ඔහු පරදවයි යන අර්ථයෙන් ශික්ෂාපදය පාරාජික නම් වේ. යමෙක් එයට පැමිණෙයි ද ඔහු පරදවයි යන අර්ථයෙන් ආපත්තිය පාරාජිකා නම් වෙයි. යමෙක් එයට පැමිණෙයි ද හෙතෙම පරදවනු ලැබේ යන අර්ථයෙන් පුද්ගලයා පාරාජික නම් වේ. මෙහි වනාහි 'පරිජි' යයි ආපත්තිය කියනු ලැබේ.

එයින් කීහ, විනයත්ථමඤ්ජුසායෙහි; 'තත්ථ සික්ඛාපදං, යො තං අතික්කමති තං පරාජෙති, තස්මා පාරාංජිකන්ති වුච්චති; පුග්ගලො යස්මා පරාජිතො පරාජයමා'පන්නො, තස්මා පාරාජිකා'ති වුච්චති’'යි.

පරිජි භේද

1. භික්ෂු - භික්ෂුණී දෙපක්ෂයට ම සාධාරණ පරිජි 4

2. භික්ෂුණීන්ට පමණක් සාධාරණ පරිජි 4

3. අභව්‍යතා පරිජි 11

4. මෙහෙණකට විභ්‍රමණයෙන් සිදුවන පරිදි 1

5. මෛථුනධර්මපාරාජිකාවට අනුලෝම පරිජි 4

දෙපක්ෂයට සාධාරණ පාරාජිකා 4

මේථුනධම්මපාරාජිකාව, අදින්නාදානපාරාජිකාව, මනුස්සවිග්ගහපාරාජිකාව, උත්තරිමනුස්ස-ධම්මපාරාජිකාව.

මෙයින් මේථුනධම්මපාරාජිකාව නම් ශික්ෂාප්‍රත්‍යබ්‍යානය නොකළ (=උපසපන්බව නොහළ) භික්ෂුවක් මෙවුන්දම් සෙවියටි සිතින් තුන් මඟින් එක මඟෙක තම අඞ්ගජාතය මෙහයා නම් හෝ අනුන්ගේ මෙහෙයීම ඉවසා නම් හෝ එකෙණෙහි සිදුවන පාරාජිකාව (=පරිජි).

මෙයට අයත් අනුලොම් පරිජි සතරෙකි:

1. දික්වූ අඞ්ගජාතය ඇති හෙයින් පැමිණිය හැකි පාරාජිකාව,

2. මෙළොක් වූ විට ඇති හෙයින් පැමිණිය හැකි පාරාජිකාව,

3. මෙරමා අඞ්ගජාතය තම මුවින් ගැනීමෙන් වන පාරාජිකාව,

4. මෙරමා අඞ්ගජාතයෙහි හිඳීමෙන් වන පාරාජිකාව.

අදින්නාදාන පාරාජිකාව නම් භික්ෂුවක් විසින් නෑ නොනෑ අන් මිනිසෙකුට අයත් පාදයක් (මෙහි පාදයෙක් නම් පස්මඳටක් අමු රන්) අගනා වස්තුවක් සොරසිත් ඇති ව පස්විස් අවහාරයන් අතුරෙන් එක්තරා අවහාරයකින් ගැනීමෙන් සිදු වන පාරාජිකාව (=පරිජි).

පස්විසි අවහාර

1. නානාභණ්ඩ පඤ්චකය,

2. එකභණ්ඩ පඤ්චකය,

3. සාහත්ථික පඤ්චකය,

4. පුබ්බපයෝග පඤ්චකය,

5. ථෙය්‍යාවහාර පඤ්චකය.

එහි නානාභණ්ඩ පඤ්චකය නම් ආදියන, හරණ, අවහරණ, ඉරියාපථවිකෝපන, ඨානාවාචනා යන මෙයයි.

එකභණ්ඩ පඤ්චකය නම් ආදියන, හරණ, අවහරණ, ඉරියාපථවිකෝපන, ඨානාවාචනා යන මෙයයි.

මෙහි නානාභණ්ඩ පඤ්චකය සවිඤ්ඤාණක අවිඤ්ඤාණක වස්තූන් පිළිබඳවයි. එ්කභණ්ඩ පඤ්චකය හුදු සවිඤ්ඤාණ වස්තූන් පිළිබඳ වේ.

සාහත්ථිකපඤ්ඤකය නම් සාහත්ථික, ආණත්තික, නිස්සග්ගිය, අත්ථසාධක, ධුරනික්ඛේප යන මෙයයි.

පුබ්බපයෝග පඤ්චකය නම් පුබ්බපයෝග, සහපයෝග, සංව්‍යවහාර, සඞ්කේතකම්ම, නිමිත්තකම්ම යන මෙයයි.

ථෙය්‍යාවහාර පඤ්චකය නම් ථෙව්‍යාවහාර, පසය්‍යාවහාර, පරිකප්පාවහාර, පටිච්ඡන්නවහාර, කුසාවහාර යන මෙයයි.

මනුස්සවිග්ගහපාරාජිකාව නම් මිනිස්සතකු මවුකුසෙහි පිළිසිඳගත් කල්හි තවන හඹන බෙහෙත්දීම් ආදී ප්‍රයෝගයෙන් හෝ මවුකුසින් බිහි වූ කල්හි සාහත්ථිකාදි ප්‍රයෝගයන් අතුරෙන් එකෙකින් හෝ මරා නම් එයින් සිදුවන පාරාජිකාවය (=පරිජි).

ප්‍රයෝග සය

සාහත්ථික,

නිස්සග්ගිය,

ආණත්තික,

ථාවර,

විජ්ජාමය,

ඉද්ධිමය.

උත්තරිමනුස්සධම්ම පාරාජිකාව නම් ශික්ෂාප්‍රත්‍යාඛ්‍යානය නොකළ අධිමාන රහිත මහණෙක් තමා තුළ නැති ප්‍රථමධ්‍යානාදි උතුරුමිනිස්දහමක් තමන් ලබා ඇතැ’යි බුහුමන් කැමැති සිතින් අනිත් නුවණැති මිනිස් කෙනකුන්හට දන්වා නම්, එවිගස ඔහු එය දතහොත් සිදුවන පාරාජිකාව (=පරිජි) ය.

සූවිසි පරිජියෙහි විස්තර සමන්තපාසාදිකා, සාරත්ථදීපනී, කඞ්ඛාවිතරණී, විනයත්ථමඤ්ජුසා, පාළිමුත්තකවිනය යන පොත්වලින් දත හැකි වේ.

(කර්තෘ: ඩී. චන්දවිමල හිමි: 1956)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=සූවිසි_පරිජි&oldid=4204" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි