"සළඹ සාන්තිය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('වින දොස් පහකිරීම සඳහා ආතුරයන්ට සළම් සැලීම් වශ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

13:13, 18 දෙසැම්බර් 2023 වන විට නවතම සංශෝධනය

වින දොස් පහකිරීම සඳහා ආතුරයන්ට සළම් සැලීම් වශයෙන් කරනු ලබන සාන්ති කර්ම විශේෂය 'සළඹ සාන්තිය' නමින් හැඳින්වේ. එම සාන්තිය සඳහා කපුවන්ට පාඩම් කර ගැනීමට රචනා කරන ලද කවි 43කින් සමන්විත ග්‍රන්ථය ද 'සළඹ සාන්තිය' නමින් හැඳින්වේ. සිරසපාදයක් වශයෙන් එහි දී කියන කවි පන්තියක් මෙහි ඇතුළත් ව තිබේ. මෙහි සෑම කවියකින් ම පැවැසෙන්නේ පත්තිනි දෙවියන්ගේ අනුසස් ය. මුද්‍රිත පොතෙහි සළඹ සාන්තිය අගට වීදි කතා සාන්තිය නම් පද්‍ය 78කින් යුත් සාන්තිකාව්‍ය පන්තියක් යොදා තිබේ. රුවන් සුතුරේ අනුහස් මුල්කොට උණ බැස්සීමට කියැවෙන එය ද සිරසපාදයෙකි.

(කර්තෘ: ඩී.සී. දිසානායක: 1956)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=සළඹ_සාන්තිය&oldid=4214" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි