"සිලෝන් හෙරල්ඩ්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(The Ceylon Herald). ලංකාවේ ඉංග්‍රීසි පුවත්පත් ඉතිහාසයේ ව...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

10:21, 19 දෙසැම්බර් 2023 වන විට නවතම සංශෝධනය

(The Ceylon Herald). ලංකාවේ ඉංග්‍රීසි පුවත්පත් ඉතිහාසයේ වැදගත් තැනක් හිමි 'ද සිලොන් හෙරල්ඩ්' ප්‍රවෘත්ති පත්‍රය ආරම්භ වූයේ 1838 සැප්තැම්බර මස 7 වෙනි දා ය. සතියට දෙවරක් අඟහරුවාදා සහ සිකුරාදා යන දිනයන්හි මෙය පළ විය. එම පත්‍රයේ ආරම්භක කර්තෘවරයා වූයේ මැකන්සි රෝස් (Mackenzie Ross) ය. මෙම පුවත්පතේ සහෝදර ප්‍රවෘත්ති පත්‍රයක් වශයෙන් 'ද ඕවරලන්ඩ් හෙරල්ඩ්' The Overland Herald ප්‍රවෘත්ති පත්‍රය ප්‍රකාශයට පත් විය.

එකල ලංකාණ්ඩුකාර ධුරය දැරූ ස්ටුවට් මැකන්සි (Stewart-Mackenzie) තුමාට අපහාස ගෙනදෙන අන්දමේ ලිපියක් පළ කළේ යැයි මැකන්සි රෝස්ට විරුද්ධව නඩුවක් පවරන ලදී. ඒ නඩුව විමසන ලද්දේ ශ්‍රේෂඨාධිකරණයේ විනිශ්චයකාර ඇන්තනි ඔලිෆන්ට් (Anthony Oliphant) විසිනි. ඒ නඩුවෙන් විත්තිකරු නිදහස් විය. ආණ්ඩුකාරයාගේ ක්‍රියා කලාපය නිරන්තරයෙන් දෝෂ දර්ශනයට ලක් කිරීම මෙම පත්‍රයේ සිරිතක් විය. පෙර'පර දේශීය භාෂා උගත් සුප්‍රකට ජේම්ස් ද අල්විස් තුමා ද රිචර්ඩ් මෝර්ගන් මහතා ද එම කර්තෘ මණ්ඩලයේ සේවය කළහ. අපහාස නඩුවෙන් පසු සිලෝන් හෙරල්ඩ් පත්‍රයේ කර්තෘ වූයේ විලියම් නයිටන් ය. එහෙත් වැඩි කාලයක් පත්‍රය පවත්වා ගෙන යාම දුෂ්කර විය. එහි අවසාන මුද්‍රණය නිකුත් වූයේ 1846 ජුනි මස 30 වෙනි දා ය. 1840 ජූලි මාසයේ දී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණන ලද අතර ලංකා ටයිම්ස් පත්‍ර සමාගම එය පවුම් 450කට ගති.

(කර්තෘ: හපුගොඩ සුමනතිස්ස ස්ථවිර: 1956)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=සිලෝන්_හෙරල්ඩ්&oldid=4243" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි