"සෙල්ජුක්" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(The Seljuk Empire). තුර්කි රාජවංශ කීපයක් ම ආරම්භ කළ ගූස් (Ghu...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | (The Seljuk Empire). තුර්කි රාජවංශ කීපයක් ම ආරම්භ කළ ගූස් (Ghuss) තුර්කි පවුලක් නොහොත් අධිරාජ්‍යයක් මෙනමින් හඳුන්වන ලදී. මෙම පවුලේ නායකයෙකු වශයෙන් සිටි සෙල්ජුක් නම් තැනැත්තාගේ නමින්, මෙහි සාමාජිකයන් ද සෙල්ජුක් යන | + | (The Seljuk Empire). තුර්කි රාජවංශ කීපයක් ම ආරම්භ කළ ගූස් (Ghuss) තුර්කි පවුලක් නොහොත් අධිරාජ්‍යයක් මෙනමින් හඳුන්වන ලදී. මෙම පවුලේ නායකයෙකු වශයෙන් සිටි සෙල්ජුක් නම් තැනැත්තාගේ නමින්, මෙහි සාමාජිකයන් ද සෙල්ජුක් යන නමින් හඳුන්වා තිබේ. |
− | සෙල්ජුක්ගේ මුනුපුරෙකු වූ ටොහ්රුග් බෙග් 1037 දී, | + | සෙල්ජුක්ගේ මුනුපුරෙකු වූ ටොහ්රුග් බෙග් (Togrul Beg) 1037 දී, ඛෝරසාන් (Khorasan) ආක්‍රමණය සඳහා සෙල්ජුක්වරුන් මෙහෙයවී ය. ඔහු 1 වැනි රාජවංශය පිහිටවූයේ ඉන් අනතුරුව ය. බටහිර දෙසට සිය බලය පැතිර වූ ඔහු 1055 දී බෑග්ඩෑඩ් ද අල්ලාගෙන එම ප්‍රදේශයේ සුල්තාන්වරයා බවට පත්විය. අනතුරුව ඔහු බයිසැන්ටයින් කැපැඩෝසියාව (Byzantine Cappadocia) හා ෆ්‍රිජියා (Phrygia) යන ප්‍රදේශ ආක්‍රමණය කළේ ය. ඔහුට පසුව රාජ්‍ය පාලනය භාරගත් ඇල්ප් ආර්සිලාන් (Alp Arslan) පර්සියාව හා ආර්මේනියාව, තුර්කියේ පාලනය යටතට ගත්තේ ය. 1071 මන්සිකර්ට් (Manzikert) යුද්ධයේ දී බයිසැන්ටයින් හමුදාව අන්ත පරාජයට පත්කළ ඔහු සුළු ආසියාව ද තුර්කියට යටත් ප්‍රදේශයක් බවට පත්කර ගත්තේ ය. |
− | වර්ෂ 1072 දී ඔහු මරා දමන ලදින්, ඉන් අනතුරුව රජ වූයේ ඔහුගේ පුත්‍රයා වූ මලික් ෂා ය. ඔහු මෙන් ම ඔහුගේ පියා ද රාජ්‍ය පාලනය සඳහා උපදෙස් ලැබුවේ උගත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ නිසාම්-අල්-මුල්ක් නම් අමාත්‍යවරයාගෙනි. එහෙයින් එම අවධිය සෙල්ජුක් බලයේ උපරිම අවස්ථාව විය. | + | වර්ෂ 1072 දී ඔහු මරා දමන ලදින්, ඉන් අනතුරුව රජ වූයේ ඔහුගේ පුත්‍රයා වූ මලික් ෂා (Malik Shah) ය. ඔහු මෙන් ම ඔහුගේ පියා ද රාජ්‍ය පාලනය සඳහා උපදෙස් ලැබුවේ උගත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ නිසාම්-අල්-මුල්ක් (Nizam-al-Milk) නම් අමාත්‍යවරයාගෙනි. එහෙයින් එම අවධිය සෙල්ජුක් බලයේ උපරිම අවස්ථාව විය. |
1092 දී මලික් ෂා මිය ගියේය. නොබෝ කලකින් නිසාම් අල් මුල්ක් ද මරා දමන ලදී. සෙල්ජුක් අධිරාජ්‍යයේ පරිහානිය ආරම්භ වූයේ ඉන් අනතුරුව ය. | 1092 දී මලික් ෂා මිය ගියේය. නොබෝ කලකින් නිසාම් අල් මුල්ක් ද මරා දමන ලදී. සෙල්ජුක් අධිරාජ්‍යයේ පරිහානිය ආරම්භ වූයේ ඉන් අනතුරුව ය. | ||
− | රාජ්‍යය සඳහා මලික් ෂාගේ පුතුන් අතර සටන් ඇති වූ අතර ඉන් ජය ලැබුවේ බාල පුත්‍රයා වූ සින්ජාර් ය. ඔහුගේ පාලන සමයේ දී ඔහු සෑහෙන තරම් බලසම්පන්න වුවත්, ඔහු මිය යන විට අධිරාජ්‍ය විනාශ මුඛය කරා ගමන් කරමින් තිබුණි. 11 වැනි සියවසේ දී සෙල්ජුක් පවුලේ සාමාජිකයන් විසින් ආරම්භ කරන ලද රාජවංශවලින් වැඩි හරියක් මේ කාලයේ දී විනාශ කර දමනු ලැබී ය. 13 වැනි සියවසේ දී මොංගල් අධිරාජ්‍යයේ පැතිරීමත් සමග සෙල්ජුක් අධිරාජ්‍යයේ බිඳවැටීම සිදුවිය. | + | රාජ්‍යය සඳහා මලික් ෂාගේ පුතුන් අතර සටන් ඇති වූ අතර ඉන් ජය ලැබුවේ බාල පුත්‍රයා වූ සින්ජාර් (Sinjar) ය. ඔහුගේ පාලන සමයේ දී ඔහු සෑහෙන තරම් බලසම්පන්න වුවත්, ඔහු මිය යන විට අධිරාජ්‍ය විනාශ මුඛය කරා ගමන් කරමින් තිබුණි. 11 වැනි සියවසේ දී සෙල්ජුක් පවුලේ සාමාජිකයන් විසින් ආරම්භ කරන ලද රාජවංශවලින් වැඩි හරියක් මේ කාලයේ දී විනාශ කර දමනු ලැබී ය. 13 වැනි සියවසේ දී මොංගල් අධිරාජ්‍යයේ පැතිරීමත් සමග සෙල්ජුක් අධිරාජ්‍යයේ බිඳවැටීම සිදුවිය. |
(කර්තෘ: [[දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර]]: 1980) | (කර්තෘ: [[දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර]]: 1980) |
09:30, 27 දෙසැම්බර් 2023 තෙක් සංශෝධනය
(The Seljuk Empire). තුර්කි රාජවංශ කීපයක් ම ආරම්භ කළ ගූස් (Ghuss) තුර්කි පවුලක් නොහොත් අධිරාජ්‍යයක් මෙනමින් හඳුන්වන ලදී. මෙම පවුලේ නායකයෙකු වශයෙන් සිටි සෙල්ජුක් නම් තැනැත්තාගේ නමින්, මෙහි සාමාජිකයන් ද සෙල්ජුක් යන නමින් හඳුන්වා තිබේ.
සෙල්ජුක්ගේ මුනුපුරෙකු වූ ටොහ්රුග් බෙග් (Togrul Beg) 1037 දී, ඛෝරසාන් (Khorasan) ආක්‍රමණය සඳහා සෙල්ජුක්වරුන් මෙහෙයවී ය. ඔහු 1 වැනි රාජවංශය පිහිටවූයේ ඉන් අනතුරුව ය. බටහිර දෙසට සිය බලය පැතිර වූ ඔහු 1055 දී බෑග්ඩෑඩ් ද අල්ලාගෙන එම ප්‍රදේශයේ සුල්තාන්වරයා බවට පත්විය. අනතුරුව ඔහු බයිසැන්ටයින් කැපැඩෝසියාව (Byzantine Cappadocia) හා ෆ්‍රිජියා (Phrygia) යන ප්‍රදේශ ආක්‍රමණය කළේ ය. ඔහුට පසුව රාජ්‍ය පාලනය භාරගත් ඇල්ප් ආර්සිලාන් (Alp Arslan) පර්සියාව හා ආර්මේනියාව, තුර්කියේ පාලනය යටතට ගත්තේ ය. 1071 මන්සිකර්ට් (Manzikert) යුද්ධයේ දී බයිසැන්ටයින් හමුදාව අන්ත පරාජයට පත්කළ ඔහු සුළු ආසියාව ද තුර්කියට යටත් ප්‍රදේශයක් බවට පත්කර ගත්තේ ය.
වර්ෂ 1072 දී ඔහු මරා දමන ලදින්, ඉන් අනතුරුව රජ වූයේ ඔහුගේ පුත්‍රයා වූ මලික් ෂා (Malik Shah) ය. ඔහු මෙන් ම ඔහුගේ පියා ද රාජ්‍ය පාලනය සඳහා උපදෙස් ලැබුවේ උගත් රාජ්‍ය තාන්ත්‍රිකයකු වූ නිසාම්-අල්-මුල්ක් (Nizam-al-Milk) නම් අමාත්‍යවරයාගෙනි. එහෙයින් එම අවධිය සෙල්ජුක් බලයේ උපරිම අවස්ථාව විය.
1092 දී මලික් ෂා මිය ගියේය. නොබෝ කලකින් නිසාම් අල් මුල්ක් ද මරා දමන ලදී. සෙල්ජුක් අධිරාජ්‍යයේ පරිහානිය ආරම්භ වූයේ ඉන් අනතුරුව ය.
රාජ්‍යය සඳහා මලික් ෂාගේ පුතුන් අතර සටන් ඇති වූ අතර ඉන් ජය ලැබුවේ බාල පුත්‍රයා වූ සින්ජාර් (Sinjar) ය. ඔහුගේ පාලන සමයේ දී ඔහු සෑහෙන තරම් බලසම්පන්න වුවත්, ඔහු මිය යන විට අධිරාජ්‍ය විනාශ මුඛය කරා ගමන් කරමින් තිබුණි. 11 වැනි සියවසේ දී සෙල්ජුක් පවුලේ සාමාජිකයන් විසින් ආරම්භ කරන ලද රාජවංශවලින් වැඩි හරියක් මේ කාලයේ දී විනාශ කර දමනු ලැබී ය. 13 වැනි සියවසේ දී මොංගල් අධිරාජ්‍යයේ පැතිරීමත් සමග සෙල්ජුක් අධිරාජ්‍යයේ බිඳවැටීම සිදුවිය.
(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර: 1980)
(සංස්කරණය නොකළ)