"සර් හෙන්රි මෝර්ටන් ස්ටැන්ලි" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Stanley, Henry Morton) (1841.01.28-1904.05.10). බ්‍රිතාන්‍ය ජාතික ප්‍රසිද...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
1 පේළිය: 1 පේළිය:
(Stanley, Henry Morton) (1841.01.28-1904.05.10). බ්‍රිතාන්‍ය ජාතික ප්‍රසිද්ධ දේශ ගවේෂකයෙකි. ඔහුගේ දේශ ගවේෂණ නිසා අප්‍රිකාවේ ජනපද පිහිටුවීමට මහත් රුකුලක් ලැබී ය.  
+

1841 දී වේල්ස්හි උපන් හෙතෙම අටළොස් වියේ දී නැවක සේවකයෙක් බවට පත්විය. 1861 ඇති වූ ජනපදාන්තර යුද්ධයේ සේවයේ යෙදී පසුව විදේශ පුවත් පත් වර්තාකරුවෙක් විය. අප්‍රිකාවේ දේශ ගවේෂණයේ යෙදී සිටි ඩේවිඩ් ලිවිංස්ටන් පිළිබඳ කිසිදු ආරංචියක් නොදැන සිටි සමයක ඔහු ජීවත් වන්නේ ද නොවන්නේ ද යනු බෙහෝ දෙනාගේ ප්‍රශ්නය විය. නිව්යෝරක් හෙරල්ඩ් පත්‍රයේ අයිතිකරු ගෝර්ඩ්න් බෙන්ට් විසින් ස්ටැන්ලි, එම දේශ ගවේෂකයා සොයනු සඳහා යොදවනු ලදී. ඔහු ඉමහත් පරිශ්‍රම දැරීමෙන් 1871 නොවැම්බර් 10 වැනි දා ලිවිංස්ටන් සොයා ගත්තේ ය. ඉන්පසු දෙදෙනා ම තවදුරටත් දේශ ගවේෂණයේ යෙදීමට පටන් ගත්හ.
+
1841 දී වේල්ස්හි උපන් හෙතෙම අටළොස් වියේ දී නැවක සේවකයෙක් බවට පත්විය. 1861 ඇති වූ ජනපදාන්තර යුද්ධයේ සේවයේ යෙදී පසුව විදේශ පුවත් පත් වර්තාකරුවෙක් විය. අප්‍රිකාවේ දේශ ගවේෂණයේ යෙදී සිටි ඩේවිඩ් ලිවිංස්ටන් පිළිබඳ කිසිදු ආරංචියක් නොදැන සිටි සමයක ඔහු ජීවත් වන්නේ ද නොවන්නේ ද යනු බොහෝ දෙනාගේ ප්‍රශ්නය විය. 'නිව්යෝෝක් හෙරල්ඩ්' පත්‍රයේ අයිතිකරු ගෝර්ඩ්න් බෙන්ට් විසින් ස්ටැන්ලි, එම දේශ ගවේෂකයා සොයනු සඳහා යොදවනු ලදී. ඔහු ඉමහත් පරිශ්‍රම දැරීමෙන් 1871 නොවැම්බර් 10 වැනි දා ලිවිංස්ටන් සොයා ගත්තේ ය. ඉන්පසු දෙදෙනා ම තවදුරටත් දේශ ගවේෂණයේ යෙදීමට පටන් ගත්හ.
  
ඔහු ලිවිංස්ටන් සොයා ගත් ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් ‘How I Found Livingstone’ නමැති තම කෘතියෙහි සඳහන් කොට ඇත. මෙය විශාල වශයෙන් ප්‍රචලිත වූ ග්‍රන්ථයක් ලෙස ගණන් ගනු ලැබේ. එංගලන්ත - ඇමරිකානු ගවේෂණ සංචාර සඳහා බර්න්හැම් ගෝර්ඩන් බෙනට් ආදීන් විසින් අරමුදලක් ආරම්භ කරනු ලැබූයෙන් ස්ටැන්ලි ඒ සංචාරක ගමන්වල මාර්ග දේශකයා ලෙස පත් කරනු ලැබී ය. අප්‍රිකාව පිළිබඳ කෙරුණු අන් හැම ගවේෂණ කටයුත්තකට ම වඩා විශාල සේවයක් මේ සංචාරයන් මගින් සිදුවිය. කොන්ගෝ රාජ්‍යය පිහිටුවීමට තුඩු දුන්නේ ද වැදගත් භූමි ශාස්ත්‍රය ප්‍රශ්න නිරාකරණය කිරීමට පොහොසත් වූ මේ සංචාරයයි. ‘අන්ධකාර මහද්වීපය මැදින්’ (Through the Dark Continent) සහ ‘කොන්ගෝව සහ එම නිදහස් ජනපදයේ පදනය’ (The Congo and the Foundation of its Free State) නමැති ග්‍රන්ථවල මේ පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් අන්තර්ගත වෙයි. රබර් සහ ඇත්දත්වලින් ආඪ්‍ය වූ කොන්ගෝ ප්‍රදේශයෙහි වෙළඳ පහසුකම් දුටු ස්ටැන්ලි බ්‍රිතාන්‍යයන්ගේ සැළකිල්ල යොමු කරවීමට බොහෝ සේ මහන්සි ගත් නමුත් එය බැල්ජියානුවන් විසින් අත් කර ගන්නා ලදි. ඇමරිකාවේ ආරාධනයෙන් තෙවන වරටත් සංචාරයක යෙදුණු නිර්භීත දේශ ගවේෂකයෙකු වූ හෙන්රි සැටැන්ලි තම විවිධ අත්දැකීම් විස්තර කරන ග්‍රන්ථ රාශියක් ම සම්පාදනය කළේ ය. ඔහු තම ජීවිතයේ පසු කාලයේ දී දේශපාලන කටයුතුවල ද නිරත විය. ස්ටැන්ලි හැටතුන් වන වියේ දී එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර්හි දී මිය ගියේ ය.
+
ඔහු ලිවිංස්ටන් සොයා ගත් ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් 'How I Found Livingstone' නමැති තම කෘතියෙහි සඳහන් කොට ඇත. මෙය විශාල වශයෙන් ප්‍රචලිත වූ ග්‍රන්ථයක් ලෙස ගණන් ගනු ලැබේ. එංගලන්ත-ඇමරිකානු ගවේෂණ සංචාර සඳහා බර්න්හැම් ගෝර්ඩන් බෙනට් ආදීන් විසින් අරමුදලක් ආරම්භ කරනු ලැබූයෙන් ස්ටැන්ලි ඒ සංචාරක ගමන්වල මාර්ග දේශකයා ලෙස පත් කරනු ලැබී ය. අප්‍රිකාව පිළිබඳ කෙරුණු අන් හැම ගවේෂණ කටයුත්තකට ම වඩා විශාල සේවයක් මේ සංචාර මගින් සිදුවිය. කොන්ගෝ රාජ්‍යය පිහිටුවීමට තුඩු දුන්නේ ද වැදගත් භූමි ශාස්ත්‍ර ප්‍රශ්න නිරාකරණය කිරීමට පොහොසත් වූ මේ සංචාරයයි. 'අන්ධකාර මහද්වීපය මැදින්' (Through the Dark Continent) සහ 'කොන්ගෝව සහ එහි නිදහස් රජය පිහිටුවීම' (The Congo and the Foundation of its Free State) නමැති ග්‍රන්ථවල මේ පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් අන්තර්ගත වෙයි. රබර් සහ ඇත්දත්වලින් ආඪ්‍ය වූ කොන්ගෝ ප්‍රදේශයෙහි වෙළෙඳ පහසුකම් දුටු ස්ටැන්ලි බ්‍රිතාන්‍යයන්ගේ සැළකිල්ල යොමු කරවීමට බොහෝ සේ මහන්සි ගත් නමුත් එය බැල්ජියානුවන් විසින් අත් කර ගන්නා ලදි. ඇමරිකාවේ ආරාධනයෙන් තෙවන වරටත් සංචාරයක යෙදුණු නිර්භීත දේශ ගවේෂකයෙකු වූ හෙන්රි ස්ටැන්ලි තම විවිධ අත්දැකීම් විස්තර කරන ග්‍රන්ථ රාශියක් ම සම්පාදනය කළේ ය. ඔහු තම ජීවිතයේ පසු කාලයේ දී දේශපාලන කටයුතුවල ද නිරත විය. ස්ටැන්ලි හැටතුන් වන වියේ දී එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර්හි දී මිය ගියේ ය.
  
(කර්තෘ: [[විමල් අබේසුන්දර]])
 
(කර්තෘ: [[විමල් අබේසුන්දර]])

12:11, 5 ජනවාරි 2024 වන විට නවතම සංශෝධනය

(Stanley, Henry Morton) (1841.01.28-1904.05.10). බ්‍රිතාන්‍ය ජාතික ප්‍රසිද්ධ දේශ ගවේෂකයෙකි. ඔහුගේ දේශ ගවේෂණ නිසා අප්‍රිකාවේ ජනපද පිහිටුවීමට මහත් රුකුලක් ලැබී ය.

1841 දී වේල්ස්හි උපන් හෙතෙම අටළොස් වියේ දී නැවක සේවකයෙක් බවට පත්විය. 1861 ඇති වූ ජනපදාන්තර යුද්ධයේ සේවයේ යෙදී පසුව විදේශ පුවත් පත් වර්තාකරුවෙක් විය. අප්‍රිකාවේ දේශ ගවේෂණයේ යෙදී සිටි ඩේවිඩ් ලිවිංස්ටන් පිළිබඳ කිසිදු ආරංචියක් නොදැන සිටි සමයක ඔහු ජීවත් වන්නේ ද නොවන්නේ ද යනු බොහෝ දෙනාගේ ප්‍රශ්නය විය. 'නිව්යෝෝක් හෙරල්ඩ්' පත්‍රයේ අයිතිකරු ගෝර්ඩ්න් බෙන්ට් විසින් ස්ටැන්ලි, එම දේශ ගවේෂකයා සොයනු සඳහා යොදවනු ලදී. ඔහු ඉමහත් පරිශ්‍රම දැරීමෙන් 1871 නොවැම්බර් 10 වැනි දා ලිවිංස්ටන් සොයා ගත්තේ ය. ඉන්පසු දෙදෙනා ම තවදුරටත් දේශ ගවේෂණයේ යෙදීමට පටන් ගත්හ.

ඔහු ලිවිංස්ටන් සොයා ගත් ආකාරය සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් 'How I Found Livingstone' නමැති තම කෘතියෙහි සඳහන් කොට ඇත. මෙය විශාල වශයෙන් ප්‍රචලිත වූ ග්‍රන්ථයක් ලෙස ගණන් ගනු ලැබේ. එංගලන්ත-ඇමරිකානු ගවේෂණ සංචාර සඳහා බර්න්හැම් ගෝර්ඩන් බෙනට් ආදීන් විසින් අරමුදලක් ආරම්භ කරනු ලැබූයෙන් ස්ටැන්ලි ඒ සංචාරක ගමන්වල මාර්ග දේශකයා ලෙස පත් කරනු ලැබී ය. අප්‍රිකාව පිළිබඳ කෙරුණු අන් හැම ගවේෂණ කටයුත්තකට ම වඩා විශාල සේවයක් මේ සංචාර මගින් සිදුවිය. කොන්ගෝ රාජ්‍යය පිහිටුවීමට තුඩු දුන්නේ ද වැදගත් භූමි ශාස්ත්‍ර ප්‍රශ්න නිරාකරණය කිරීමට පොහොසත් වූ මේ සංචාරයයි. 'අන්ධකාර මහද්වීපය මැදින්' (Through the Dark Continent) සහ 'කොන්ගෝව සහ එහි නිදහස් රජය පිහිටුවීම' (The Congo and the Foundation of its Free State) නමැති ග්‍රන්ථවල මේ පිළිබඳ වැදගත් තොරතුරු රාශියක් අන්තර්ගත වෙයි. රබර් සහ ඇත්දත්වලින් ආඪ්‍ය වූ කොන්ගෝ ප්‍රදේශයෙහි වෙළෙඳ පහසුකම් දුටු ස්ටැන්ලි බ්‍රිතාන්‍යයන්ගේ සැළකිල්ල යොමු කරවීමට බොහෝ සේ මහන්සි ගත් නමුත් එය බැල්ජියානුවන් විසින් අත් කර ගන්නා ලදි. ඇමරිකාවේ ආරාධනයෙන් තෙවන වරටත් සංචාරයක යෙදුණු නිර්භීත දේශ ගවේෂකයෙකු වූ හෙන්රි ස්ටැන්ලි තම විවිධ අත්දැකීම් විස්තර කරන ග්‍රන්ථ රාශියක් ම සම්පාදනය කළේ ය. ඔහු තම ජීවිතයේ පසු කාලයේ දී දේශපාලන කටයුතුවල ද නිරත විය. ස්ටැන්ලි හැටතුන් වන වියේ දී එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර්හි දී මිය ගියේ ය.

(කර්තෘ: විමල් අබේසුන්දර)

(සංස්කරණය නොකළ)