"ධෞලි" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(Dhauli or Dhauligiri). ඉන්දියාවේ ඔඩිෂ ප්‍රාන්තයේ භූබනේශ්ව...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
14:41, 5 ජනවාරි 2024 තෙක් සංශෝධනය
(Dhauli or Dhauligiri). ඉන්දියාවේ ඔඩිෂ ප්‍රාන්තයේ භූබනේශ්වර සිට කි.මී. 8ක් දකුණු දෙසට වන්නට ඩයා ගංගාවේ ඉවුරේ පිහිටි කඳු සහිත ප්‍රදේශයකි. අශෝක රජුගේ සුවිශාල මෞර්‍ය අධිරාජ්‍යයේ නැගෙනහිර මායිම සෙල්ලිපි මගින් ඓතිහාසික ලෙස සනාථ කරන මෙම ස්ථානය වර්තමාන ඔරිස්සාවේ පිහිටා ඇත. මෙවැනි ම ස්ථානයක් වන අශෝක සෙල්ලිපි සහිත ජෞගදා නැමති ග්‍රාමය පිහිටා ඇත්තේ ද මීට මඳක් පහළිනි. මෙහි අශෝක රජු විසින් පිහිටුවන ලද සෙල්ලිපියෙහි "සියලු මනුෂ්‍යයෝ මගේ දරුවෝය; ('සවේ මනුසා මම පජා'); මගේ ම දරුවන් කෙරෙහි මෙන් ඒ හැම මිනිසුන්ගේ ම මෙලොව මෙන් ම පරලොව යහපත ද සැපත සඳහා වෙහෙසීමට මම ආසා ඇත්තෙමි" යන සුප්‍රසිද්ධ ප්‍රකාශය සඳහන් වේ.
වර්තමානයේ ජපන් බෞද්ධ සංඝයා හා කාලිංග නිපෝන් බෞද්ධ සංඝයා විසින් කාලිංග යුද්ධය සිහිපත් කරවමින් නිර්මාපිත ධෞලි ශාන්ති ස්තූප නමැති සාම චෛත්‍යය පිහිටා තිබෙන්නේ ද මෙම ධෞලි ප්‍රදේශයේ ය.
(කර්තෘ: ගුණපාල සේනාධීර)
(සංස්කරණය නොකළ)