"ඩෙකාන්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Deccan). ඉන්දියාවේ පිහිටි ප්‍රදේශයක් මේ නමින් හැඳ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

08:44, 11 ජනවාරි 2024 වන විට නවතම සංශෝධනය

(Deccan). ඉන්දියාවේ පිහිටි ප්‍රදේශයක් මේ නමින් හැඳින්වේ. දළ වශයෙන් ඇතැම් විට නර්මදා ගංගාවට දකුණින් පිහිටි සම්පුර්ණ ඉන්දීය අර්ධද්වීපය මේ නමින් හඳුන්වනු ලැබූවත්, භූගෝලීය විද්‍යාත්මක ව ඩෙකාන් යන නමින් හඳුන්වනු ලබන්නේ නර්මදා හා තුංගභද්‍රා-ක්‍රිෂ්ණ ගංගාවන් අතර පිහිටි උස් වූ සාපේක්‍ෂ වශයෙන් සෞම්‍ය දේශගුණයක් පවතින ඩෙකාන් සානුවයි (Deccan plateau). ඇතැම් විට මයිසෝර් සානූව ද මෙයට ම අයත් ලෙස සළකනු ලැබේ. පළාත් වශයෙන් ගත් කල මෙයට මයිසොර් ප්‍රදේශය, දකුණු හයිද්‍රාබාද්, ගිණිකොණ දිග බොම්බාය හා වයඹ දිග මදුරාසිය යන පළාත් අයත් වේ. පැලියොලිනික හා නියොලිනික යුගයන්ට අයත් නෂ්ටාවශේෂ මේ පෙදෙසේ බහුල ව වශයෙන් දක්නට ලැබේ.

මෙම ප්‍රදේශයේ දක්නට ලැබෙන යමහල් පස කපු වගාවට ඉතා යෝග්‍ය වේ. ඩෙකාන් ප්‍රදේශයේ ඛනිජ සම්පත් බහුල වශයෙන් දක්නට ලැබේ. එහෙයින් අතීතයේ පටන් ම පල්ලව ආදි පාලකයෝ මෙම ප්‍රදේශය යටත් කර ගැනීමට මහත් සේ උනන්දු වූහ.

අවසාන මෝගල් අධිරාජයා වු අමුරන්ග්ශිබ් (1683-1707) මේ ප්‍රදේශය යටත් කර ගැනීමට මහත් උත්සහයක් ගත්ත ද එය නිෂ්ඵල විය.18 වැනි සියවස මුල් කාලයේ දී මහාරාෂ්ට්‍රයේ පාලකයා වු සිවාජී (Sivagi) යටතේ හින්දූහු දේශපාලන හා හමුදාමය බලය නැවත තහවුරු කර ගත්තේ ද ඩෙකානයේ දී ය. 18 වැනි සියවස අගාභාගයේ දී ඉන්දියාවේ පාලනය අත්පත් කර ගැනීම සඳහා වූ අරගලයේ දී බ්‍රිතාන්‍ය හමුදා අතින් ප්‍රංශ හමුදාවත් පරාජයට පත්වීම ද මෙහි දී සිදුවිය.

(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර: 2001)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඩෙකාන්&oldid=4412" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි