"ඩුවෙයි" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Douai). ඊසාන දිග ප්‍රංශයේ පිහිටි නගරයකි, ඩුවෙයි (Douai...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

08:53, 11 ජනවාරි 2024 වන විට නවතම සංශෝධනය

(Douai). ඊසාන දිග ප්‍රංශයේ පිහිටි නගරයකි, ඩුවෙයි (Douai / Douay or Doway). මෙම නගරය ලිලී (Lille) සිට කි.මී. 40 ද අරාස් (Arras) සිට සිට කි.මී. 25ක් ද දුරින් ස්කාර්ප් (Scarpe River) ගඟබඩ පිහිටා තිබේ. නගරයේ පිහිටීම උතුරු අක්ෂාංශ 50°22′17″ හා නැගෙනහිර දේශාංශ 3°04′48″ අතර ය.

ව.කි.මී.16.88 (ව.සැ.6.52) භූමි භාගයකින් යුත් ඩුවෙයි නගරයෙහි ජනගහනය (2025 දී) 39,989 විය. ඩුවෙයි නගරය ආරම්භ වූයේ කුඩා වෙළදපොළ ජනාවාසයක් ලෙස ය. පසු කලෙක දී එහි ගල් අඟුරු ලැබීම නිසා ඒ ආශ්‍රිත කර්මාන්ත හට ගැණිණ. මෝටර්රථ එකලස් කිරීමේ කර්මාන්තය එහි වැදගත් අංශයකි. පිටුවහල් කරනු ලැබූ ඉංග්‍රීසි ජාතික රෝමනූ කතෝලික පූජකවරුන් විසින් 1568 දී ඩුවෙයි කොලිජිය ආරම්භ කෙරිණ. ඩුවෙයි බයිබලය ද මෙහි දී සකස් කෙරිණ.

(කර්තෘ: එස්මි ජී. ද සිල්වා: 2004)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඩුවෙයි&oldid=4415" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි