"සියබස්ලකර" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('සිංහල භාෂාවෙහි කාව්‍ය බන්ධනයෙහි ලා උපයෝගී කර...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
30 පේළිය: 30 පේළිය:
 
සියබස්ලකර - එච්. ජයතිලක 1901
 
සියබස්ලකර - එච්. ජයතිලක 1901
  
  "    - පොල්වත්තේ ශ්‍රී සුදර්ශි 1927
+
"    - පොල්වත්තේ ශ්‍රී සුදර්ශි 1927
  
  "    - හේන්පිටගෙදර  
+
"    - හේන්පිටගෙදර
  
  "    - ඒ.පී. ද සොයිසා
+
"    - ඒ.පී. ද සොයිසා
  
 
(කර්තෘ: [[කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි]]: 1956)
 
(කර්තෘ: [[කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි]]: 1956)

08:49, 18 ජනවාරි 2024 තෙක් සංශෝධනය

සිංහල භාෂාවෙහි කාව්‍ය බන්ධනයෙහි ලා උපයෝගී කර ගන්නා අලංකාරාදි ප්‍රයෝග විස්තර කරමින් පද්‍ය 400කින් යුතු ව රචිත ග්‍රන්ථයයි. 10 වන සියවසට අයත් සේ සැළකෙන, සිංහල භාෂාවෙන් රචිත දැනට තිබෙන ඉතා පැරණි පද්‍ය ග්‍රන්ථය මෙයයි. සියබසින් කළ අලංකාර ග්‍රන්ථයක් හෙයින් මේ පොතට ‘සියබස්ලකර’ යයි නම් කර තිබේ.

කාශ්‍යප නම් ස්වකීය සහෝදර කුමාරයාගේ ආරාධනාවෙන් මෙම කෘතිය රචිත බව කතුවරයා සඳහන් කරයි. සියබස්ලකර රචනා කොට ඇත්තේ නවවන සියවසෙහි ලක් රජය කළ පළමුවැනි සේන රජු ය. සියබස්ලකරෙහි දශප්‍රාණ, අලඞ්කාර, යමක, නව දෝෂ යන මේ කරුණු ඇතුළත් වේ.

දණ්ඩී නම් පඬිවරයා සංස්කෘත භාෂාවෙන් කළ කාව්‍යාදර්ශය ආශ්‍රය කොට පළමුවැනි සේන රජතුමා සියබස්කර පිළියෙල කළ බව පෙනේ. එසේ ද වුවත් ග්‍රන්ථ භාෂාවක් වූ සංස්කෘතයෙහි පෙනෙන හැම කරුණක් ම ව්‍යවහාර භාෂාවක් වූ සිංහලයට අනවශ්‍ය බව වටහාගත් සේන නිරිඳු සිංහලයට අවශ්‍ය ම යයි හැඟුණු කාව්‍ය ලක්ෂණ පමණක් මේ පොතෙහි දැක්වූයේ ය. සියබස්ලකර තැනුවේ අදහස් දෙකක් - ප්‍රයෝජන දෙකක් සලකා ගෙන ය. එනම් පැරණි සිංහල උගතුන් ලුහුඬින් කළ කාව්‍යෝපදේශ ග්‍රන්ථ සවිස්තර ව තේරුම් ගත නොහැකි සිංහල ජනයාගේ ද සංස්කෘත භාෂාව නොදත් සිංහල ජනයා ගේ ද කාව්‍යශාස්ත්‍රඥානය වැඩිදියුණු කිරීම සඳහා ය. මෙහි දෙවෙනි දියෙන් සියබස්ලකරට පෙරත් සිංහල අලංකාර ග්‍රන්ථයක් හෝ ග්‍රන්ථ කිහිපයක් තිබූ බව හැඟෙයි. එහි ‘කව්ලකුණෙක්දෙස්’ යන්නෙන් කාව්‍ය ලක්ෂණ කාව්‍ය ස්වරූපය සියබස්ලකරෙහි විෂය බව හඟවන අතර ම කාව්‍යාදර්ශය ඇසුරු කොට මේ පොත තැනූ බවත් හඟවයි. කාව්‍යාදර්ශයට කාව්‍යලක්ෂණ යයි ද නමක් ඇති හෙයිනි. සියබස්ලකර කතුවරයා කව්ලකුණු කියූ ආචාර්යවරයන් වශයෙන් මහා බ්‍රහ්ම, ශක්‍ර, බ්‍රහස්පති, කාශ්‍යප ඍෂි, වාමන, දණ්ඩ යන මොවුන් හඳුන්වයි (ක්‍රියනෙ කාව්‍යලක්ෂණම්" - කාව්‍යදර්ශ 2 පද්‍ය). බෞද්ධයෙකු වූ සේන නිරිඳු මහා බ්‍රහ්මාදීන්ගෙන් වෛදික ඍෂීන්ට අලංකාර ශාස්ත්‍රය ප්‍රගුණ වීය යන හින්දු මතය සඳහන් කෙළේ අලංකාරිකයන්ගේ මතයට අනුකූල වෙමින් යැයි හැඟේ. සියබස්ලකරෙහි බොහෝ කවි කාව්‍යාදර්ශයේ ම හුදු සිංහල පරිවර්තන වේ. දණ්ඩී කවියා මීමාංසා දර්ශනය අනුව මෙසේ පවසයි.

“දෘඪමන්ධං තමඃ කෘත්සනං ජායෙන භූවනත්‍රයම්,

යදි ශබ්දාහ්වයං ජ්‍යෝතිරාසංසාරං න දීප්‍යතෙ.” (කාව්‍යා දර්ශ 4 පද්‍ය)

මෙම අදහස සියබස්ලකර කතුවරයා මෙසේ සිය ගතට නඟයි.

“මෙතුන් ලෝ සියල් - ඉදි සද වැටුප් රැස් රැස්,

නොදිලියෙත ද බැව් දා - තම කඳ නොකල්තායෙන්.” (සියබස්. 2 පද්‍යය)

සියබස්ලකරෙහි යෙදුවේ දණ්ඩී ආචාර්යවරයා මෙන් ශබ්දබ්‍රහ්ම මතය පිළිගෙන නොව හුදෙක් ශබ්ද මාර්ගයෙන් උගතෙකුට කළ හැකි සේවය ප්‍රකාශ කිරීමට විය හැකි ය. වචනයෙහි බලය, ගුණදෝෂ හැඳිනීම්, පඬුවන්ගේ අගය, කාව්‍යලක්ෂණ හා ප්‍රභේද, කාව්‍යඵල, කාව්‍යයක අගය අඩු වැඩි වීම, දශප්‍රාණ, කාව්‍යරීති යනාදිය මෙහි පළමුවන සර්ගයෙහි 1 - 67 කවිවල ඇතුළත් වේ.

දෙවන සර්ගයෙහි (68 – 377 යන පද්‍යවලින්) ස්වභාවොක්ති, උපමා, රූපක, දීපක, ප්‍රවෘත්ති, ආක්ෂේප, අත්ථාන්තර න්‍යාය, ව්‍යතිරෙක, විභාවනා, සමාස, අතිශයොක්ති, උත්ප්‍රේක්ෂා, හේතු, සුක්ෂ්ම, ලේශ, ක්‍රම, ප්‍රේය ද, රසවත්, අහංකාර, පර්යාය, සමාහිත, උදාක්ත ප්‍රතික්ෂේප, ශ්ලේෂ, විශේෂ, තුල්‍යයෝග, විරුද්ධාර්ථ, අප්‍රස්කුත, ව්‍යාජස්තුති, නිදර්ශන, සහෝක්ති පරිවෘත්ති, ආශීර්වාද, සංකීර්ණි, භාවික යන මේ අලංකාර හඳුන්වා තිබේ. උපමා ආදි අලංකාර අතර ධර්මෝපමා, වස්තූපමා, විපර්යාසාපමා, නියමෝපමා, අනියමෝපමා, සමුච්චයෝපමා, අතිශයෝපමා, උත්ප්‍රේක්ෂිනෝපමා, අද්භූතෝපමා, මෝහූපමා, සංශයෝපමා, නිර්ණයෝපමා, ඒකශ්ලේෂොපමා, සත්තානශ්ලේෂෝපමා, නින්දෝපමා, ප්‍රශංසෝපමා, ආචිඛ්‍යෝසෝපමා, විරුද්ධෝපමා, ප්‍රතිෂ්ටෝපමා, චාටූපමා, තත්වාඛ්‍යානෝපමා, අසාධාරණෝපමා, අභූතෝපමා, බහූපමා, වික්‍රියෝපමා, මාලෝපමා, ඒකේවශබ්දවාඛ්‍යානෝපමා, අනේකේවශබ්දවාක්‍යාර්ථෝපමා, ප්‍රතිවස්තූපමා, තුල්‍යයෝගෝපමා, හේතූපමා යනු වශයෙන් ප්‍රභේද වන අයුරු ද උපමා දෝෂ ද දක්නට ලැබේ. රූපකාදී සෙසු අලංකාරයන්ගේ ප්‍රභේද හා නිදර්ශන මෙහි විස්තර වේ.

තුන්වන සර්ගයෙහි (76 -396) ආද්‍යවිදුර යමක, අන්ත්‍ය පාදදුර, යමකාදී යමක විස්තර හා නිදර්ශන ද දක්වා යමක බන්ධන කළ යුත්තේ නිර්භීත වූ මාර්ග සොයන පරාර්ථයෙහි ඇලුණු පව් නැසූ විනීත සිත් ඇති කවීන් විසින් බවත් සඳහන් කරයි (368). මේ සර්ගයෙහි අග අසම්බන්ධ, විරුද්ධාර්ථ, එ්කාර්ථ, ශංකා, අපක්‍රම, අපශබ්ද, යතිභ්‍රෂ්ට, හින්න ඡන්දෙස්, දේශනාලකලා, ලොක න්‍යාය, ආගම, විරෝධ යන මේ කාව්‍ය දෝෂ ද සඳහන් කරයි (390 – 392).

සියබස්ලකරෙහි 397 සිට 401 දක්වා සඳහන් වන ගී කාව්‍ය කර්තෘ ආරාවක ගුණ ආදිය සඳහා යොදා තිබේ.

රත්නමධු නම් ආචාර්යවරයකු විසින් ලියන ලද මනහර සිංහල සියබස්ලකර ඇත. අලංකාර ග්‍රන්ථ (සිංහල) ද බ. සියබස්ලකර පිළිබඳ කර තිබෙන සංශෝධන හා ව්‍යාඛ්‍යාන නම්:

සියබස්ලකර - එච්. ජයතිලක 1901

" - පොල්වත්තේ ශ්‍රී සුදර්ශි 1927

" - හේන්පිටගෙදර

" - ඒ.පී. ද සොයිසා

(කර්තෘ: කොටහේනේ පඤ්ඤාකිත්ති හිමි: 1956)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=සියබස්ලකර&oldid=4449" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි