"නවදුන් කෝරළය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('නවදත් කෝරළේ. සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

12:11, 18 ජනවාරි 2024 වන විට නවතම සංශෝධනය

නවදත් කෝරළේ. සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයට අයත් කෝරළයකි. මෙය ගම් 10කින් යුක්ත උඩපත්තුව, ගම් 10කින් යුත් මැදපත්තුව, ගම් 06කින් යුත් පල්ලේපත්තුව යන කොටස්වලින් සංයුක්ත වී තිබිණ.

නමේ නිරුක්තිය

දිගින් සරසින් නව නව යොදුන් වූ නිසා පුරාණයේ දී මේ පෙදෙස ‘නවයොත්ත රට’ යනුවෙන් ද හඳුන්වා ඇත. එසේ ම මෙම රාජ්‍යයේ යොදුනෙන් යොදුනට නයින් වැනි රූප කොටන ලද ගල්කණු සොළොස් කොණ පිහිටුවන ලද බවට සඳහන් ව ඇත.

වංශකථාවල ‘යෝජන රට්ඨ’ යනුවෙන් ද මෙය හඳුන්වා තිබේ. මහාපරාක්‍රමබාහු රජු නවයොදුන් රට අල්ලා ගැනීමට පෙර යුධ ගණනාවක් ම සිදු කර තිබේ. දෙනවක සිට ‘නවයොදුන් රටට’ දුර්ග මාර්ගයක් ද පුරාණයේ විය. 12 වැනි සියවසේ දී ‘නවයොදුන් රට’ යනුවෙන් හඳුන්වා දුන් ප්‍රදේශයට නවදුන්, කුකුළු, මොරවක් යන කෝරළ හා හිමඳුම් පත්තුව ද ඇතුළත් ව තිබිණ. නවයොදුන් රට යන භාවිතය 14 වැනි සියවසේ දී ආරම්භ වී ඇතැයි කිව හැකි ය. එහෙත් වර්තමාන රත්නපුරේ නවදුන් කෝරළයට නම් එතරම් විශාල ප්‍රදේශයක් අයත් ව තිබුණු බවට සාධක නැත.

(කර්තෘ: එච්.එම්.එස්. තුන්දෙණිය:)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=නවදුන්_කෝරළය&oldid=4479" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි