"නිල් කටරොලු" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(litoria ternatec). ක්ලිටෝරියා ටර්නේටියා යන විද්‍යාත්මක...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
21 පේළිය: | 21 පේළිය: | ||
මුල්වල පොතුවල පිෂ්ටය, ටැනින් හා රෙසින අඩංගු වෙයි. ඖෂධීය පැලෑටියකි. කුඩු කරන ලද බීජ ඉඟුරු විරේකයක් වශයෙන් භාවිත කෙරේ. | මුල්වල පොතුවල පිෂ්ටය, ටැනින් හා රෙසින අඩංගු වෙයි. ඖෂධීය පැලෑටියකි. කුඩු කරන ලද බීජ ඉඟුරු විරේකයක් වශයෙන් භාවිත කෙරේ. | ||
− | (කර්තෘ: [[ඒ. කරුණාසිංහ]] | + | (කර්තෘ: [[ඒ. කරුණාසිංහ]]) |
(සංස්කරණය නොකළ) | (සංස්කරණය නොකළ) | ||
− | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: උද්භිද විද්‍යාව]] |
− | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: න]] |
11:46, 27 පෙබරවාරි 2024 වන විට නවතම සංශෝධනය
(litoria ternatec). ක්ලිටෝරියා ටර්නේටියා යන විද්‍යාත්මක නාමයෙන් හැඳින්වෙන නිල් කටරොලු ලෙගුම්නොසේ (leguminosae) කුලයේ, පැපිලියොනාසේ (Papilionacea) උපකුලයට අයත් වෙයි.
ඉන්දියාව, ශ්‍රී ලංකාව, බුරුමය, මැලේසියාව, පිලිප්පීන් දූපත් වැනි නිර්තන ප්‍රදේශවල දක්නට ඇත. ශ්‍රී ලංකාවේ වියලි කලාපයේ සුලභ වන අතර, බොහෝ ප්‍රදේශවල වගාකර ඇත.
බහුවාර්ෂික අකාෂ්ඨිය ආරෝහකයිකි. මෙය වල්ලිය (twiner) ලෙස හැඳින්වෙන ධාරක ශාක මත එහි වැඩෙන ආරෝහකයකි.
පත්‍ර අසමපක්ෂවන් සංයුක්ත පත්‍රයි. ඒකාන්තර පත්‍ර වින්‍යාසයක් දක්වයි. උපපත්‍ර (stipules) සහිතයි. පත්රීකාවල හැඩය ඕවාලාකාර හෝ අණ්ඩාකාර - ඕවලාකාරයි. පත්‍රීකා කෙටි වෘත්ත සහිතයි.
පුෂ්ප - දෙසැම්බර් සිට ජනවාරි දක්වා පුෂ්ප පිපේ. තනි තනි වශයෙන් ඇත. පුෂ්ප අක්‍රමවත් ද්විලිංගිකයි. නිල් හෝ සුදුයි. විශාලයි. විශාල නිපත්‍ර දෙකක් දරයි.
මණිය - දිගයි. නාලාකාරයි. මණි පත්‍ර 5යි.
මුකුටය - දල 5, අවරෝහණ අසමාවෘතයි (decending imbricate) පතාන අලය විශාලයි. මුකුටය සමනාලාකාරයි.
පූමාංගය - රේනු 10යි. ද්විකලාපිකයි.
ඡායාංගය - ඩිම්බකෝෂය උත්තරයි. ඒකාණ්ඩපිකයි. ඒක කෝෂ්ඨිකයි. දාර ඩිම්බ න්‍යාසයක් සහිතයි කීලය පැතලියි.
ඵලය - රනිලයක්. පත්‍රවල හා බීජවල ඇල්කොලොයිඩයන් අඩංගු වෙයි. ඊට අමතරව ග්ලූකෝස් හා ටැනින් අම්ලයද අඩංගු වෙයි.
මුල්වල පොතුවල පිෂ්ටය, ටැනින් හා රෙසින අඩංගු වෙයි. ඖෂධීය පැලෑටියකි. කුඩු කරන ලද බීජ ඉඟුරු විරේකයක් වශයෙන් භාවිත කෙරේ.
(කර්තෘ: ඒ. කරුණාසිංහ)
(සංස්කරණය නොකළ)