"නියම්ජෙටු" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 2ක්) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
+ | == නියම්ජෙටු == | ||
පුරාණ නිල නාමයකි. අර්ථය නිශ්චිත වශයෙන් දෙආකාරයෙකින් බිඳ ආවක් සේ දක්වා ඇත. සංස්කෘත 'නිගම ජේෂ්ඨ' ශබ්දයෙන් වෙළෙඳ පොළෙක ප්‍රධානියා යන අරුත් ද 'නියම ජේෂ්ඨ' යන ශබ්දයෙන් 'නීතිය දත් අය' යන අරුත් ද දෙන බව පෙනේ. | පුරාණ නිල නාමයකි. අර්ථය නිශ්චිත වශයෙන් දෙආකාරයෙකින් බිඳ ආවක් සේ දක්වා ඇත. සංස්කෘත 'නිගම ජේෂ්ඨ' ශබ්දයෙන් වෙළෙඳ පොළෙක ප්‍රධානියා යන අරුත් ද 'නියම ජේෂ්ඨ' යන ශබ්දයෙන් 'නීතිය දත් අය' යන අරුත් ද දෙන බව පෙනේ. | ||
23 පේළිය: | 24 පේළිය: | ||
[[ප්‍රවර්ගය: න]] | [[ප්‍රවර්ගය: න]] | ||
− | == | + | == නියම්ජෙටු == |
සිංහල ආණ්ඩුව ලංකාවේ පැවැති වකවානුවේ දී දේවාල ගම් පාලනය කළ රජයේ සේවය කළ නිලධාරියකු මේ නමින් හැඳින්වේ. මේ නිලය ඉතා පුරාණ යුගයේ සිට පැවැති බවට සාධක ඇත. ඊට උදාහරණයක් වශයෙන් පෙන්විය හැක්කේ මේ නිලය හා සම්බන්ධ තොරතුරු මිහින්තලාවේ අභයගිරි නිකායට අයත් වූ කොටසේ සඳහන් වූ ස්ථාන දක්නට ලැබෙන හෙයිනි. එහි ප්‍රධාන විදානේ යනුවෙන් නියම් ජෙටුවා දක්වා ඇත්තේ ය. | සිංහල ආණ්ඩුව ලංකාවේ පැවැති වකවානුවේ දී දේවාල ගම් පාලනය කළ රජයේ සේවය කළ නිලධාරියකු මේ නමින් හැඳින්වේ. මේ නිලය ඉතා පුරාණ යුගයේ සිට පැවැති බවට සාධක ඇත. ඊට උදාහරණයක් වශයෙන් පෙන්විය හැක්කේ මේ නිලය හා සම්බන්ධ තොරතුරු මිහින්තලාවේ අභයගිරි නිකායට අයත් වූ කොටසේ සඳහන් වූ ස්ථාන දක්නට ලැබෙන හෙයිනි. එහි ප්‍රධාන විදානේ යනුවෙන් නියම් ජෙටුවා දක්වා ඇත්තේ ය. | ||
29 පේළිය: | 30 පේළිය: | ||
මෙම නියම්ජෙටු යන නිලය ගැල් නායක හෝ නැව් නායක යනුවෙන් සලකා ඇතිවන නායක හෙවත් නියාමක යන්න අනුව විහාරයේ ප්‍රධාන කාර්යය කරන නිලධාරියා ද හැඳින්වීමට උපයෝගී කර ගන්නට ඇතැයි ඇතැම්හු කල්පනා කරති. | මෙම නියම්ජෙටු යන නිලය ගැල් නායක හෝ නැව් නායක යනුවෙන් සලකා ඇතිවන නායක හෙවත් නියාමක යන්න අනුව විහාරයේ ප්‍රධාන කාර්යය කරන නිලධාරියා ද හැඳින්වීමට උපයෝගී කර ගන්නට ඇතැයි ඇතැම්හු කල්පනා කරති. | ||
+ | |||
+ | (කර්තෘ: [[ජී.එච්. ආරියසේන]]) | ||
+ | |||
+ | (සංස්කරණය නොකළ) | ||
+ | |||
+ | [[ප්‍රවර්ගය: සිංහල ආණ්ඩුව සහ නිලතල]] | ||
+ | |||
+ | [[ප්‍රවර්ගය: න]] | ||
+ | |||
+ | == නියම්ජෙටු == | ||
+ | පැරණි රජ සමයේ දී රාජකාරියේ යෙදුන පහත් පෙළේ සේවකයන්ට ඔවුන් කළ යුතු ඒ ඒ රාජකාරි නියම කරන ලද්දේ නියමවරු නම් වූ සේවකයන් කොටසකි. එම නියමවරු නම් වූ සේවක කොටස් ප්‍රධානියා නොහොත් ඔවුන්ගේ කටයුතු මෙහෙය වූ තැනැත්තා නියම්ජෙටු නම් විය. | ||
+ | |||
+ | මිහින්තලාවේ අභයගිරි පක්ෂයට අයත් යයි සැලකිය යුතු නාච්චාදූව නම් ගමෙන් සොයාගනු ලැබූ ලිපියක රජුගේ නියමවරුන් යනුවෙන් සඳහනක් දක්නට ලැබේ. ඒ අනුව සලකා බලන කල්හි නියමවරුන් වනාහි රජගෙයි කටයුතු විධානය කරන නිලධාරීන් කොටසක් වේ. | ||
+ | |||
+ | විහාරයෙහි ඒ ඒ කටයුතු සංවිධානය කළ ප්‍රධාන මුලාදෑනියා ද නියම් ජෙටුවා නම් විය. අම්බලන්තොට අසල වූ රම්බා විහාරයෙහි වැඩ විසූ පියදස්සී ස්වාමීන් වහන්සේ රචනා කළ පඤ්ඤසාදන සත්‍යයෙහි දඹදෙනියේ විජයසුන්දරාරාමයෙහි නියාමක ධූරය ආරණ්‍යක මේධංකර ස්වාමීන් වහන්සේ දැරූ බව සඳහන්ව ඇත්තේ ය. | ||
+ | |||
+ | නියම්ජෙටුගේ කාර්යයන් මේ අනුව බැලීමේදී පැහැදිලි වන්නේ ප්‍රධාන විදානේ කෙනෙකුගේ කාර්යයන්ට සමාන බව ය. | ||
+ | |||
+ | ශ්‍රී පාදයේ කටයුතු පාලනය කළ ගිහි ප්‍රධානියා විදානේ කෙනෙකු විය. එලෙසම පැපිළියානේ විහාරය පාලනය කළ නිලධාරී මඩුල්ලේ ප්‍රධානියා ද විදානේ කෙනෙකි. මේ අනුව මිහින්තලා ලිපියෙහි දැක්වෙන නියම්ජෙටු අභයගිරි පක්ෂයට අයත් අංශයේ ප්‍රධාන විදානේ තැන විය හැකි ය. | ||
(කර්තෘ: [[ජී.එච්. ආරියසේන]]) | (කර්තෘ: [[ජී.එච්. ආරියසේන]]) |
12:38, 27 පෙබරවාරි 2024 වන විට නවතම සංශෝධනය
නියම්ජෙටු
පුරාණ නිල නාමයකි. අර්ථය නිශ්චිත වශයෙන් දෙආකාරයෙකින් බිඳ ආවක් සේ දක්වා ඇත. සංස්කෘත 'නිගම ජේෂ්ඨ' ශබ්දයෙන් වෙළෙඳ පොළෙක ප්‍රධානියා යන අරුත් ද 'නියම ජේෂ්ඨ' යන ශබ්දයෙන් 'නීතිය දත් අය' යන අරුත් ද දෙන බව පෙනේ.
සීගිරි ගී අතුරින් 49 වැන්නේ සඳහන් "බුද්ගමු වෙහෙර නියම් පෙට් නා සගය මිලීම්" යන පාඨයට අරුත් දක්වන මහාචාර්ය පරණවිතාන පාළි 'නියගම ජෙට්ඨක' ශබ්දයෙන් විහාර නිලධාරියකු කියැවෙන බව ද මෙකී පාඨයේ සඳහන් වන්නේ බුද්ගමු වෙහෙර ප්‍රධාන පරිපාලකයා බව ද සඳහන් කොට ඇත. හතරවැනි මිහිඳුගේ මිහින්තලා ලිපියේ දෙවැනි කොටසේ ද නියම් ජෙටුවකු ගැන සඳහන් වේ. "නියම් ජෙටක් හට් ජිවෙල් පස් කිරියක් ඉසා..." ආදි වැ එකී පාඨ ගැන අදහස් දක්වන මහාචාර්ය පරණවිතාන මෙකී ශිලාලේඛනයෙන් විහාරස්ථානයක පරිපාලනය ගැන කෙරෙන මහා විස්තරය සලකා නියම (විධානය) කරන්නා යන අරුත් දී ඇත.
සුමංගල ශබ්ද කෝෂයේ ද නියම් ජෙට් යනු නියම කිරීමේ ප්‍රධානියා ය යන අරුත් දී ඇත. මහාචාර්ය පරණවිතානගේ මතය තහවුරු කිරීමට ස්ථිර වශයෙන් නියම යන්නෙන් 'නීතිය' අදහස් කරන බවට ජේතවනාරාම සංස්කෘත ශිලා ලේඛනයක් නිදසුන් දක්වයි. ගැල්නායක හා නැව් නායක යන අර්ථ දෙක නියාමක ශබ්දයෙන් විහාරස්ථානයක ප්‍රධාන කාර්ය සංවිධානයකයාට මේ නාමය යොදන ලද ද නැතහොත් නියම ශබ්දයෙන් සකසා ගත්තා දැයි සැක සහිත බව මැද උයන්ගොඩ විමලකිත්ති හිමියෝ අදහස් පහළ කරති. කෙසේ වුව ද නියම් ජෙටු යන්නෙන් විහාරයෙක පරිපාලන ප්‍රධානියා අදහස් කළ බව එකී නාමය යෙදී ඇති තැන් ගැන සලකන විට පැහැදිලි වේ.
මැද උයන්ගොඩ විමලකිත්ති හිමියන් දක්වන කරුණු අනුව පහත් සේවකයන්ට කටයුතු නියම කරන්නන්ගේ ප්‍රධානියා වූ මොහු ශ්‍රීපාද පාලනයේ ප්‍රධාන ගිහි මුලාදෑනියාට සමාන අයෙකි. අද පවා භික්ෂූන් වහන්සේ විශාල සංඛ්‍යාවක් සිටින පිරිවෙන් ස්ථානවල පරිපාලනය භාර වැඩිමහලු භික්ෂූන් වහන්සේලා සිටින බව පෙනේ. ඒ අනුව නියම් ජෙටු වූයේ භික්ෂූන්වහන්සේ කෙනකු යයි සිතා ගත හැකි ය. මිහින්තලා ලිපියේ සඳහන් වනුයේ මිහින්තලයේ අභයගිරි පක්ෂයේ කාර්යය සංවිධායකයා ය. ශ්‍රී පාද පාලනයේ මෙන් ම පැපිලියාන විහාර පාලනයේ නිලධාරී මණ්ඩලයේ ද ප්‍රධානියා විදානේ කෙනෙකු වූ හෙයින් මිහින්තලා ලිපියේ සඳහන් වන්නේ ද එකී විදානේ බව මැද උයන්ගොඩ විමලකිත්ති හිමියන් දක්වන මෑත අතීතයේ එසේ විදානේ නම් ගිහියකුට එකී තනතුර ලැබුණ නමුත් ඈත අතීතයේ භික්ෂුවකට එකී තනතුර නොලැබුණැයි ඇදහිය හැකි නොවේ.
ආශ්‍රිත ග්‍රන්ථ
සිංහල ආණ්ඩුව - මැද උයන්ගොඩ විමලකිත්ති හිමි
ශිලා ලේඛන සංග්‍රහය - මැද උයන්ගොඩ විමලකිත්ති හිමි
ශ්‍රී සුමංගල ශබ්දකෝෂය - පණ්ඩිත වැලිවිටියේ සෝරත හිමි
(කර්තෘ: පණ්ඩුල ඇඳගම)
(සංස්කරණය නොකළ)
නියම්ජෙටු
සිංහල ආණ්ඩුව ලංකාවේ පැවැති වකවානුවේ දී දේවාල ගම් පාලනය කළ රජයේ සේවය කළ නිලධාරියකු මේ නමින් හැඳින්වේ. මේ නිලය ඉතා පුරාණ යුගයේ සිට පැවැති බවට සාධක ඇත. ඊට උදාහරණයක් වශයෙන් පෙන්විය හැක්කේ මේ නිලය හා සම්බන්ධ තොරතුරු මිහින්තලාවේ අභයගිරි නිකායට අයත් වූ කොටසේ සඳහන් වූ ස්ථාන දක්නට ලැබෙන හෙයිනි. එහි ප්‍රධාන විදානේ යනුවෙන් නියම් ජෙටුවා දක්වා ඇත්තේ ය.
නොයෙක් අවස්ථාවන්හි දී පහත් සේවකයන්ට ඒ ඒ කටයුතු කිරීමෙහිලා අණදෙනු ලබන නියාමවරුන්ගේ ප්‍රධානියා නියම්ජෙටු වශයෙන් හඳුන්වා ඇත. මෙම නිලය ශ්‍රීපාද සිද්ධස්ථානය පාලනය කරන ලබන ගිහි නිලධාරියා වන විදානේ තැනගේ තත්ත්වයට සමානකම් දරන මුලාදෑනියකුගේ තත්ත්වයට සමාන විය. පදසාධක සත්‍යයෙහි අරනායක මේධංකර ස්වාමීන් වහන්සේ දඹදෙනියේ විජේසුන්දරාරාමයේ නියාමක ධූරය දැරූ බව ද සඳහන් වන්නේ ය.
මෙම නියම්ජෙටු යන නිලය ගැල් නායක හෝ නැව් නායක යනුවෙන් සලකා ඇතිවන නායක හෙවත් නියාමක යන්න අනුව විහාරයේ ප්‍රධාන කාර්යය කරන නිලධාරියා ද හැඳින්වීමට උපයෝගී කර ගන්නට ඇතැයි ඇතැම්හු කල්පනා කරති.
(කර්තෘ: ජී.එච්. ආරියසේන)
(සංස්කරණය නොකළ)
නියම්ජෙටු
පැරණි රජ සමයේ දී රාජකාරියේ යෙදුන පහත් පෙළේ සේවකයන්ට ඔවුන් කළ යුතු ඒ ඒ රාජකාරි නියම කරන ලද්දේ නියමවරු නම් වූ සේවකයන් කොටසකි. එම නියමවරු නම් වූ සේවක කොටස් ප්‍රධානියා නොහොත් ඔවුන්ගේ කටයුතු මෙහෙය වූ තැනැත්තා නියම්ජෙටු නම් විය.
මිහින්තලාවේ අභයගිරි පක්ෂයට අයත් යයි සැලකිය යුතු නාච්චාදූව නම් ගමෙන් සොයාගනු ලැබූ ලිපියක රජුගේ නියමවරුන් යනුවෙන් සඳහනක් දක්නට ලැබේ. ඒ අනුව සලකා බලන කල්හි නියමවරුන් වනාහි රජගෙයි කටයුතු විධානය කරන නිලධාරීන් කොටසක් වේ.
විහාරයෙහි ඒ ඒ කටයුතු සංවිධානය කළ ප්‍රධාන මුලාදෑනියා ද නියම් ජෙටුවා නම් විය. අම්බලන්තොට අසල වූ රම්බා විහාරයෙහි වැඩ විසූ පියදස්සී ස්වාමීන් වහන්සේ රචනා කළ පඤ්ඤසාදන සත්‍යයෙහි දඹදෙනියේ විජයසුන්දරාරාමයෙහි නියාමක ධූරය ආරණ්‍යක මේධංකර ස්වාමීන් වහන්සේ දැරූ බව සඳහන්ව ඇත්තේ ය.
නියම්ජෙටුගේ කාර්යයන් මේ අනුව බැලීමේදී පැහැදිලි වන්නේ ප්‍රධාන විදානේ කෙනෙකුගේ කාර්යයන්ට සමාන බව ය.
ශ්‍රී පාදයේ කටයුතු පාලනය කළ ගිහි ප්‍රධානියා විදානේ කෙනෙකු විය. එලෙසම පැපිළියානේ විහාරය පාලනය කළ නිලධාරී මඩුල්ලේ ප්‍රධානියා ද විදානේ කෙනෙකි. මේ අනුව මිහින්තලා ලිපියෙහි දැක්වෙන නියම්ජෙටු අභයගිරි පක්ෂයට අයත් අංශයේ ප්‍රධාන විදානේ තැන විය හැකි ය.
(කර්තෘ: ජී.එච්. ආරියසේන)
(සංස්කරණය නොකළ)