"නාල පණුවා" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('පොදු වහරේ නාල පණුවා යන්නේ හැඳින්වෙන්නේ Annelida වං...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
09:22, 28 පෙබරවාරි 2024 වන විට නවතම සංශෝධනය
පොදු වහරේ නාල පණුවා යන්නේ හැඳින්වෙන්නේ Annelida වංශයට අයත් Polychaeta වර්‍ගයේ ගණයක් වන Nereis ය. (පත්තෑ පණුවා) (නාල පණුවා)
මොවුන් සත්‍ය වශයෙන් ම හොඳින් සමඛණ්ඩනය පෙන්නුම් කරයි. දේහය පුරා දැඩි කෙඳි දක්නට ලැබේ. මෙම දැඩි කෙඳි ඔවුන්ගේ දේහ බිත්තියේ නෙරුම් ලෙස ඇති වන අංශ පාද මත දක්නට ලැබේ. අංශ පාද ද පෘෂ්ඨියව ඇති අංශය පෘෂ්ඨපාදිකා ලෙස ද උදරීය ව ඇති පාද කොටස උදර පාදිකා ලෙස ද හැඳින්වේ. දැඩි කෙඳි ඉතා ඝණ වන අතර බහිෂ්චර්මීය ශ්‍රාවයන් මඟින් නිපදවේ. පෝලිපීනොල්වලින් පදම්වුණු කයිටීන්වලින් මෙම දැඩි කෙඳි සමන්විත වේ. ජලයේ පිහිනීමට ද මෙම අංශපාද උදව් වන අතර ඒවා හබල් ලෙස එවිට ක්‍රියා කරයි.
හොඳින් විකසනය වුණු හිසක් දක්නට ලැබෙන අතර උපාංග දරයි. එම උපාංගවලට අමතරව jaws සහ සංවේදී අවයව දරයි.
නාල පණුවා විලෝපික සහ මාංශභක්ෂක වන අතර මේ ක්‍රියාවලිය සඳහා ඔවුන්ගේ හොඳින් වර්ධනය වුණු jaws සහ ශුණ්ඩාවත් සංවේදී අවයවත් උපකාරී වේ.
භැරුසි විශේෂයට අයත් පණුවන් සාමාන්‍යයෙන් කලපුවල සහ මුහුදුබඩ වෙරළෙත් වෙසෙති. (රූප සටහන)
(කර්තෘ: යූ.එන්. අමරසිංහ)
(සංස්කරණය නොකළ)