"අස්වැද්දුම්කාරයෝ" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ඇළ, වේලි, අමුණු ආදිය බඳවා එමගින් ජලය ගෙන ගොඩ ඉඩම...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
− | ඇළ, වේලි, අමුණු ආදිය බඳවා එමගින් ජලය ගෙන ගොඩ ඉඩම්, කුඹුරු බවට පත් කිරීම අස්වැද්දීමයි. මෙසේ ඉඩම් වගා කිරීමෙහි නියුක්ත අය අස්වැද්දුම්කාරයනැයි හඳුන්වති. අස්වැද්දුම සඳහා තෝරා ගන්නා ඉඩමෙහි පිහිටීම, පස, දිය බැස්ම ආදිය ගැන විශේෂයෙන් සලකා බැලීමට ඔවුනට සිදුවේ. නිසි වේලාවට වුවමනා පරිදි ජලය ලබාගැනීම, එම ජලය රඳවා ගැනීම පිණිස නියර හෝ වේලි බැඳීම, ලියදිවල ප්‍රමාණය සලකා බැලීම ආදී කරුණු ගැන විශේෂ අවබෝධයක් අස්වැද්දුම්කාරයා කෙරෙහි තිබිය යුතුය. “පළමු පටන් ඇළ අමුණු බඳවා අස්වැන්නක් නොවන වාගොල්ල කටුපත්ල ආදි තැන් මහත් වෙර වෑයමින්... දිය එලා වෙල් තනවා බොහෝ වැඩ කරමින්” යනුවෙන් විමලධර්මසූර්ය මහරජු ශක වර්ෂ 1677 දී දුන් සන්නසක සඳහන් වේ. අස්වැද්දුම යන වචනය කුඹුරු සඳහාම යෙදුණු බව "කෝන්ගහ ගාවා අස්වැද්දුම් | + | ඇළ, වේලි, අමුණු ආදිය බඳවා එමගින් ජලය ගෙන ගොඩ ඉඩම්, කුඹුරු බවට පත් කිරීම අස්වැද්දීමයි. මෙසේ ඉඩම් වගා කිරීමෙහි නියුක්ත අය අස්වැද්දුම්කාරයනැයි හඳුන්වති. අස්වැද්දුම සඳහා තෝරා ගන්නා ඉඩමෙහි පිහිටීම, පස, දිය බැස්ම ආදිය ගැන විශේෂයෙන් සලකා බැලීමට ඔවුනට සිදුවේ. නිසි වේලාවට වුවමනා පරිදි ජලය ලබාගැනීම, එම ජලය රඳවා ගැනීම පිණිස නියර හෝ වේලි බැඳීම, ලියදිවල ප්‍රමාණය සලකා බැලීම ආදී කරුණු ගැන විශේෂ අවබෝධයක් අස්වැද්දුම්කාරයා කෙරෙහි තිබිය යුතුය. “පළමු පටන් ඇළ අමුණු බඳවා අස්වැන්නක් නොවන වාගොල්ල කටුපත්ල ආදි තැන් මහත් වෙර වෑයමින්... දිය එලා වෙල් තනවා බොහෝ වැඩ කරමින්” යනුවෙන් විමලධර්මසූර්ය මහරජු ශක වර්ෂ 1677 දී දුන් සන්නසක සඳහන් වේ. අස්වැද්දුම යන වචනය කුඹුරු සඳහාම යෙදුණු බව "කෝන්ගහ ගාවා අස්වැද්දුම්" ආදී වශයෙන් කුඹුරු සඳහා ම යොදා ගොඩ ඕවිටි හේන් වතු වෙන වෙන ම සඳහන් කොට ඇති ශක වර්ෂ 1724 දෙන ලද ගම්පත්‍රයකින් ද දැක්වේ. |
අස්වැද්දුමෙහි ප්‍රවීණත්වයක් දැරූ පිරිසක් සිංහල රජ කාලයෙහි වුහ. අස්වැද්දුම්කාරයන් විසින් නින්දගම් හිමියාට ඒ (අස්වැද්දුම) වෙනුවෙන් සුළු බද්දක් ගෙවිය යුතු විය. අස්වැද්දුම්කාරයෙක් තමා වගා කළ ඉඩම් හෝ කුඹුරු කැබෙල්ල වෙනුවෙන් යම් මුදලක් නින්දගම් හිමියාට ගෙව්වේ නම් ඔහුට ඒ ඉඩම හෝ කුඹුර නින්දගම් හිමියාගෙන් නිදහස් කොට ගෙන රාජකාරි පංගුවක් වශයෙන් ලේකම් මිටියෙහි ලියවා ගැනීමට අවසර තිබුණි. බොහෝ විට එක් තැනැත්තකු විසින් කරනු ලැබූ අස්වැද්දුම (දළුපත) එතරම් සැලකිය යුතු භූමි ප්‍රමාණයක් වසා නොසිටියේය. | අස්වැද්දුමෙහි ප්‍රවීණත්වයක් දැරූ පිරිසක් සිංහල රජ කාලයෙහි වුහ. අස්වැද්දුම්කාරයන් විසින් නින්දගම් හිමියාට ඒ (අස්වැද්දුම) වෙනුවෙන් සුළු බද්දක් ගෙවිය යුතු විය. අස්වැද්දුම්කාරයෙක් තමා වගා කළ ඉඩම් හෝ කුඹුරු කැබෙල්ල වෙනුවෙන් යම් මුදලක් නින්දගම් හිමියාට ගෙව්වේ නම් ඔහුට ඒ ඉඩම හෝ කුඹුර නින්දගම් හිමියාගෙන් නිදහස් කොට ගෙන රාජකාරි පංගුවක් වශයෙන් ලේකම් මිටියෙහි ලියවා ගැනීමට අවසර තිබුණි. බොහෝ විට එක් තැනැත්තකු විසින් කරනු ලැබූ අස්වැද්දුම (දළුපත) එතරම් සැලකිය යුතු භූමි ප්‍රමාණයක් වසා නොසිටියේය. | ||
7 පේළිය: | 7 පේළිය: | ||
(සංස්කරණය: 1965) | (සංස්කරණය: 1965) | ||
− | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: සිංහල ආණ්ඩුව සහ නිලතල]] |
− | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: අ]] |
12:52, 29 පෙබරවාරි 2024 වන විට නවතම සංශෝධනය
ඇළ, වේලි, අමුණු ආදිය බඳවා එමගින් ජලය ගෙන ගොඩ ඉඩම්, කුඹුරු බවට පත් කිරීම අස්වැද්දීමයි. මෙසේ ඉඩම් වගා කිරීමෙහි නියුක්ත අය අස්වැද්දුම්කාරයනැයි හඳුන්වති. අස්වැද්දුම සඳහා තෝරා ගන්නා ඉඩමෙහි පිහිටීම, පස, දිය බැස්ම ආදිය ගැන විශේෂයෙන් සලකා බැලීමට ඔවුනට සිදුවේ. නිසි වේලාවට වුවමනා පරිදි ජලය ලබාගැනීම, එම ජලය රඳවා ගැනීම පිණිස නියර හෝ වේලි බැඳීම, ලියදිවල ප්‍රමාණය සලකා බැලීම ආදී කරුණු ගැන විශේෂ අවබෝධයක් අස්වැද්දුම්කාරයා කෙරෙහි තිබිය යුතුය. “පළමු පටන් ඇළ අමුණු බඳවා අස්වැන්නක් නොවන වාගොල්ල කටුපත්ල ආදි තැන් මහත් වෙර වෑයමින්... දිය එලා වෙල් තනවා බොහෝ වැඩ කරමින්” යනුවෙන් විමලධර්මසූර්ය මහරජු ශක වර්ෂ 1677 දී දුන් සන්නසක සඳහන් වේ. අස්වැද්දුම යන වචනය කුඹුරු සඳහාම යෙදුණු බව "කෝන්ගහ ගාවා අස්වැද්දුම්" ආදී වශයෙන් කුඹුරු සඳහා ම යොදා ගොඩ ඕවිටි හේන් වතු වෙන වෙන ම සඳහන් කොට ඇති ශක වර්ෂ 1724 දෙන ලද ගම්පත්‍රයකින් ද දැක්වේ.
අස්වැද්දුමෙහි ප්‍රවීණත්වයක් දැරූ පිරිසක් සිංහල රජ කාලයෙහි වුහ. අස්වැද්දුම්කාරයන් විසින් නින්දගම් හිමියාට ඒ (අස්වැද්දුම) වෙනුවෙන් සුළු බද්දක් ගෙවිය යුතු විය. අස්වැද්දුම්කාරයෙක් තමා වගා කළ ඉඩම් හෝ කුඹුරු කැබෙල්ල වෙනුවෙන් යම් මුදලක් නින්දගම් හිමියාට ගෙව්වේ නම් ඔහුට ඒ ඉඩම හෝ කුඹුර නින්දගම් හිමියාගෙන් නිදහස් කොට ගෙන රාජකාරි පංගුවක් වශයෙන් ලේකම් මිටියෙහි ලියවා ගැනීමට අවසර තිබුණි. බොහෝ විට එක් තැනැත්තකු විසින් කරනු ලැබූ අස්වැද්දුම (දළුපත) එතරම් සැලකිය යුතු භූමි ප්‍රමාණයක් වසා නොසිටියේය.
තවමත් අප රටේ ව්‍යවහාරවන අස්වැද්දුම, අස්වැද්දුමේ ගෙදර ආදි ස්ථාන නාමවලින් ද පෙර එනමින් පිරිසක් විසූ බව හැඟේ.
(සංස්කරණය: 1965)