"ආටිමීසියා-1" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('කේරියාවේ මොසෝලස් රජුගේ සහෝදරිය ද බිසව ද වූ ආටි...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:41, 29 පෙබරවාරි 2024 වන විට නවතම සංශෝධනය
කේරියාවේ මොසෝලස් රජුගේ සහෝදරිය ද බිසව ද වූ ආටිමීසියා ඔහුගේ මරණයෙන් පසු කේරියාවේ රැජින වූවාය. ක්‍රි.පූ. 352–350 කාලය තුළ රාජ්‍යය කළ ඇය සිය සැමියා සිහිපත් කරනු වස් ලෝකයේ පුදුම හතෙන් එකක් වූ හැලිකානැසස්හි සොහොන්ගෙය ඉදිකරවූවාය. රාජ්‍ය පාලනයෙහි නිපුණ වූ ඇය රෝඩ්ස් දිවයින ද යටත් කර ගත්තාය.
ආටිමීසියා විසින් උද්භිද විද්‍යාවත් වෛද්‍ය ශාස්ත්‍රයත් පිළිබඳ පර්යේෂණ කරන ලදැයි කියනු ලැබේ. ආටිමීසියා නමින් හැඳින්වෙන පැළෑටි ගණය ඇය විසින් සොයා ගන්නා ලද්දකි.
ආටිමීසියා-මොසෝලස් දෙදෙනාගේ ප්‍රතිමා බ්‍රිතාන්‍ය කෞතුකාගාරයෙහි දක්නට ඇත.
(සංස්කරණය: 1965)