"දෙතිස් කුණප සින්දුව" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('දෙතිස් තුණප වරුණ ග්‍රන්ථයෙහි ම දෙවැනි කොටස හැ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
7 පේළිය: 7 පේළිය:
 
(සංස්කරණය නොකළ)
 
(සංස්කරණය නොකළ)
  
[[ප්‍රවර්ගය:]]  
+
[[ප්‍රවර්ගය: සිංහල සාහිත්‍යය]]  
  
[[ප්‍රවර්ගය:]]
+
[[ප්‍රවර්ගය: ]]

11:47, 7 මාර්තු 2024 වන විට නවතම සංශෝධනය

දෙතිස් තුණප වරුණ ග්‍රන්ථයෙහි ම දෙවැනි කොටස හැටියට හෝ උඩුමල්වත්තේ කළුවාගේ අනිත් කෘතියක් සැටියට හෝ පෙනෙන මේ රචනාව අතිශයින් චමත්කාරජනක ය. මෙහි පද්‍ය සූවිස්ස උතුසඳසෙහි වසත් විරිතින් බැඳුනු සිවුපද දොළසක් හා ඒ පද්‍යයන් අතරින් අතරට වැටුණු ඌනපාද විරිතින් බැඳුණු සිවුපද දොළසක් ද වෙයි. දෙතිස් කුණපයන් හා සිරුරෙහි අනිත්‍යභාවය ද ඇරපාන මේ නිබන්ධය මධුර වූ වෘත්තයෙන් හා කෝමලපදයෙන් ද යුක්ත ය.

පන්තේරු උඩැක්කි ආදී උඩරට කලාකරුවන්ගේ වාදනය සමඟ යෙදුණු විට රසවතුන්ට පවා මෙයින් ලැබිය හැකි ආස්වාදය මහත් වෙයි. මීයෙහි ගලා වළඳවන කුළු බෙහෙදක් සෙයින් විනෝදයත් සමඟ ම විරාගයට ද උපදෙස් දෙන මේ නිබන්ධය අවිශේෂයෙන් සියලු දෙනාට ම පත්‍ය වන්නේ ය. මුගලන් රජුගේ ධර්‍ම කාව්‍යයන්ට ඉඟි පාන කළුවා කිවිඳාගේ මේ කාව්‍යයෙහි අගය පමණ කළ නොහැකි බව වැටහෙනුයේ මිනිස් සිත අනුරාගයෙන් කුල්මත් කරන නෘත්‍යාදි කලා විෂයෙහි පවා දහම් සේයාව ඇදී යන සේ මෙය පිළියෙල වී ඇති සැටි සිතන විට ය. සිංහල ජාතික සංස්කෘතික ගැන උනන්දු වන සත්පුරුෂයන්ගේ විචාරාක්ෂිය මෙවැනි රචනාවන් දෙසට ද යොමුවිය යුතු ය.

(කර්තෘ: ලබුගම ලංකානන්ද හිමි: 1956)

(සංස්කරණය නොකළ)