"දේව නීති විසර්ජනය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ලොකාවසානයෙහි ක්‍රිස්තු ස්වාමි දරුවාණන් කරන්...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

12:59, 7 මාර්තු 2024 තෙක් සංශෝධනය

ලොකාවසානයෙහි ක්‍රිස්තු ස්වාමි දරුවාණන් කරන්නේ යැයි කියන සමස්ථ ලොක යුක්ති විසදීම විස්තර කරලීම වශයෙන් රචිත ග්‍රන්ථයකි. ගoH රචනයක් වුවද දෘශ්‍ය කාව්‍යය රචනයක ස්වභාවය ගෙන සිටින මෙය කොටස් තුනකින් යුක්ත ය. ප්‍රථම කොටසින් ලොක සංහාරය, විනිශ්චය කැඳවීම, විනිශ්චය කාරයාණන් මොක්‍ෂවාසීන් පිරිවරා නඩුවට පැමිණිම වැනි කරුණු ද දෙවෙනි කොටසින් දේව පනතින් කැරෙන පැමිණිල්ල, ධම්මෂ්ඨයනි ඉදිරිපත් කරන පැමිණිල්ල ශරීරයෙන් කියැවෙන පැමිණිල්ල යන කරුණු ද තුන්වන කොටසින් අන්‍යාගමිකයන් හා නිරප්‍රමාදුකාරයන් නරක කතෝලිකයන් පිළිබඳ විනිශ්චය ද දක්වා ඇත්තේ ය. යමක ලක්ෂණයට අනුප්‍රාස රසයට බර රචනා විලාශයක් ගෙන සිටින මෙහි බොහෝ තැන් දෙබස් රචනයක ස්වභාවයක් උසුලයි.

“දිරා යන ලොක සපෙතතිය තිර යයි කියා මැරී යන කය අමරජීවිත යැයි සිතා - ප්‍රඥංකාර වූ සත්වයෝ සසර සුවයෙහිම සිත ඇලී - පව් දඟෙහි බැදී - නිරයෙහි ගිනිමුඛයට ගොදුරු වී යන්නාහ” යන මේ වැකිය දේව නීති විසර්ජනයෙහි ලක්ෂණ සලකා ගැනීමට ප්‍රමාණ ය. කර්තෘ ගොන්සාල්වෙස් පියතුමා ය. කාලය ක්‍රි.ව. 1715ත් ක්‍රි.ව. 1742ත් අතර ය. මේ පොතින් අන්‍ය ලබ්ධිකයන් පරිහාසයට ලක් කර තිබීම විශේෂයෙන් සඳහන් කළ යුත්තෙයි.

(කර්තෘ: ඩී.සී. දිසානායක)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දේව_නීති_විසර්ජනය&oldid=5033" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි