"දොළහ දෙවියෝ" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
57 පේළිය: | 57 පේළිය: | ||
පුරාණයෙහි සිටි ගුරුවරුන් දෙදෙනකුත් වූහයි සිතිය හැකි මොවුන් දෙන්නා ද දොළහ දෙවි ගණයෙහි ඇතුළත් වෙත්. ඔවුන් පිපාසයට පවා මත්පැන් බොන බවත් කංසා, මස් ප්‍රියකරන බවත් කෝල්මුරයකින් පැවැසේ. හිසෙහි පටියෙන් බැඳි මුංඩාසනත් නිකටේ දික් රවුළුත් අතෙහි සක්ගෙඩියත් ඔවුන් හඳුනා ගැනීමට තිබෙන ලකුණු ය. ඡන්ම භූමිය කාසිරට ය. | පුරාණයෙහි සිටි ගුරුවරුන් දෙදෙනකුත් වූහයි සිතිය හැකි මොවුන් දෙන්නා ද දොළහ දෙවි ගණයෙහි ඇතුළත් වෙත්. ඔවුන් පිපාසයට පවා මත්පැන් බොන බවත් කංසා, මස් ප්‍රියකරන බවත් කෝල්මුරයකින් පැවැසේ. හිසෙහි පටියෙන් බැඳි මුංඩාසනත් නිකටේ දික් රවුළුත් අතෙහි සක්ගෙඩියත් ඔවුන් හඳුනා ගැනීමට තිබෙන ලකුණු ය. ඡන්ම භූමිය කාසිරට ය. | ||
− | [[ | + | == [[කඩවර දේවතා]] == |
− | + | බ. | |
− | |||
(කර්තෘ: [[ඩී.සී. දිසානායක]]) | (කර්තෘ: [[ඩී.සී. දිසානායක]]) |
07:44, 11 මාර්තු 2024 තෙක් සංශෝධනය
කොහොඹා කංකාරිය නම් ශාන්ති කර්මයෙහි දී පුද පූජා ලබන දොළොස් දෙනෙකුගෙන් යුත් දෙවගණය මෙයින් අදහස් කෙරේ. සිංහල රාජ පරම්පරාවේ ආදීමයා වූ විජය තම භාර්යාව කොට ගත් කුවේණියට දිවුරුම් දී ඇගෙන් ලබාගත් සහායයෙන් ලංකාවට අධිපති ව සිටි යකුන් වනසා ලී ය. එයින් ලංකාවේ අධිපතිබවට පැමිණි ඔහු තම දිවුරුම කඩ කරමින් කුවේණිය පලවා හැරියේ ය. බලවත් සිත් වේදනාවක් ඇති වූ ඕ විජය සහ ඔහුගෙන් පසු ඇතිවන පරපුරෙන් පලිගැනීමක් වශයෙන් දිවි දොසක් බිහි කළා ය. ඊට පිළියමක් යොදා ගත වූයේ පඬුවස් දෙව් රජු කල ය. දඹදිවින් පැමිණි මළය රජුන් තිදෙනෙක් කළ ශාන්ති කර්‍මයකින් පඬුවස් රජහට ගුණ ලැබිණ. මතු ඇතිවන රජ සෙනවි ආදීන්ට ද දිවිදොස පැමිණිය හැකි යැයි සිතූ මළය නිරිඳුන් තිදෙන දිවිදොස පහවයන ශාන්ති කර්‍මය කිරීමට බල පුළුවන්කම් ඇති දොළොස් දෙනෙකුත් පත්කොට ගියහ. ඒ දේව ගණය දොළහ දෙවි වේ. “කොසඹා” නැමැත්තෙක් එහි නායකයා විය. එබැවින් ඔවුන් ප්‍රධානව සිට කළ ශාන්ති කර්‍මය කොහොඹා කංකාරිය නමින් හඳුන්වන්නට වූහ. දොළහ දෙවියෝ වෙන් වශයෙන් මෙසේ හැඳින්වෙති.
1. අලුත් කොසඹා දෙවි
2. පරණ කොසඹා දෙවි
3. මහා කොසඹා දෙවි
4. ඉරුගල් බංඩාර දෙවි
5. කන්දෙ බංඩාර දෙවි
6. වලියක් දෙවි
7. මෑණි මෑණියන්
8. කොටුවකු රාජොත්තම
9. කළුවැදි දේවතා
10. වීරමුංඩ දෙවි
11. මහාගුරු සහ කුඩාගුරු
12. කඩවර දේවතා
පටුන
කොසඹා දෙවි
1. අලුත් කොසඹා දෙවි 2. පරණ කොසඹා දෙවි 3. මහ කොසඹා දෙවියි තුන් කට්ටුවකි. කොහොඹා හෑල්ල ඔවුන්ගේ උපත මෙසේ දක්වන්නේ ය. ලංකාවේ ගජබා රජුන් නිසා ලෝකාය බුද්ධි නම් බිසව කුසින් කුමරෙක් උපන. ගම වැලිහෙල ය. කුමරා වනයක වසන්නට යන්නේ යයි ඔහුගේ අනාගතය විමැසූ දෙමවුපියනට ගණිතැදුරෝ කීහ. සත් මසින් බත් කවා කුමරුට කොසඹ යයි නම් තැබූ දෙමාපියන් විසින් හෙතම අබරණින් සරසා වඩන ලද්දේ ය. එසේ වැඩෙන ඔහු සත්හැවිරිදි වියෙහි ගණිතැදුරන්ගේ අනාවැකිය සැබෑ කෙරෙමින් අනාගත ජීවිතයක් ඇරඹී ය. එකල ඔහු කෙරෙහි ගුප්ත බලමහිමයෙක් ද පෙනිණ. හේ මහනෙල් මලකින් ද ඊතණ කෙන්දකින් ද කුමරුන් දෙදෙනකු මවාගත්තේ ය. එයින් කොසඹා දෙවි තුන් කට්ටුවක් වූයේ ය. පසුව මවා ගැනුණු දෙදෙනා පිළිවෙළින් පරණ කොසඹා, අලුත් කොසඹා යන නම් ලැබූහ. ප්‍රථමයා මහ කොසඹා විය. මේ කොහොඹා තුන් කට්ටුව ජනයාට නොයෙක් ලෙසින් සෙත සැලසූ බැවින් දෙවියන් ලෙස සැලකුණේ ය.
අනෙක් කතාවෙකින් කියැවෙන පරිදි මොවුනට කොසඹා නම ඇති වූයේ කොසඹ වනයෙක වාසය කළ බැවිනි. වැලිහෙල පියස වෙළෙඳ මාතාව කුසින් බහවැ වැඩුණු අලුත් කොසඹා පියරජ උදහස් වූයෙන් මරණ බියෙන් පලා අවුත් දොරගල්පායට පැමිණ එහි බලවතා බවට පැමිණියෙකි. මහ කොසඹා මළය රජුන්ගේ සේනාපතියා ය. හේ හන්තානේට වැඩ සියඹලාගල්පායෙහි නැවතී බල පුළුවන්කම් පෑවේ ය. මොහු තිදෙන යකුනට මහත් බිය එළවූයෝ ය.
ඉරුගල් බංඩාර
දොළහ දෙවියන්ගෙන් එක් දෙවියෙකි. කොහොඹා කංකාරියෙහි පුද පූජා ලබන්නේ ය. පායින්ගමුවේ ප්‍රභූකුලයෙක ඉපැද මහ බල පුළුවන්කම් පාමින් ජීවත්වූවකුගේ පුනරාත්මභාවය වශයෙන් හෙතෙමේ සැලකෙයි. යකුනට බිය එලවන ඔවුන් ඉර, හඳ දැපනේ ලා දන් දෙන්නකු බව ද දඩයමට සමතකු බව ද සඳහන් ය. ඔවුන් නමින් කළ දේවාලයක් ඇති හිඳගලත් පායන්ගමුවේත් ජනයා අතර මුල් බැසගත් ඉරුගල් බංඩාර විශ්වාසයක් තවමත් පවත්නා බව කියනු ඇසේ. ඉරුගල් බංඩාර දෙවියන්ගේ අනුහස ගැන කියන එක් වාර්‍තවෙක මෙසේ ද සඳහන් වෙයි: හන්තාන කන්දේ පලතුරු උයනක් තිබේ. එහි ගොස් ඒ පලතුරු හිත කට පුරා කෑමට කිසිවෙකුට බාධාවක් නැත්තේ ය. කරදරයක් ද නොපැමිණේ. එහෙත් ඉන් යම්තමින් හෝ ගෙන එන්නට සැරසුණ හොත් කාහට වුව ද පාර වැරදී යාම නියත ය. ඇඳුමින් පැළැඳුමින් ශ්‍රී විභූතිය පළකරන බරුගල් බංඩාර සුරතින් ඊදුනු ගෙන සිටීම ඔවුන් හඳුනා ගන්නට ඇති විශේෂ ලක්ෂණයෙකි.
කන්දේ බංඩාර දෙවි
කොහොඹා කන්කාරියෙහි පුද පූජා ලබන දොළහ දෙවියන්ගෙන් මොහු ද කෙනෙකි. කඳුවලට අධිපතියා ලෙස අදවන්නට වීම නිසා මොවුනට කන්දේ බංඩාර නම ලැබුණේ යයි සිතිය හැකි ය. මංගර බංඩාර නමින් ද හැඳින්වෙන බැවිනි. අකුල් කඩැ පාරට පෙරළා දැමීම, මීවල පැණි බහාලීම, බමර බැඳීම සම්බන්ධයෙන් බලපාන්නේ යයි කියන මෙම දෙවියන්ට බින්තැන්නෙහි වසන වැදිජනයා දක්වන සැලකිල්ල ඉමහති. එක් අතෙක කඩුවක් අනෙක් අතෙහි රන්පන්දමක් දක්වනු ලැබේ.
වලියක් දෙවි
තුන්දෙනෙකුගෙන් යුත් කට්ටුවෙකි. කොහොඹා කංකාරියට ඇතුළත් දොළහ දෙවියන් අතර මහා බලසම්පන්නය. (විස්තර කලින් ලිපියක ඇත.)
මෑණි මෑනියන්
මෙසේ කියනු ලබන්නේ පත්තිනි දේවිය මයි. දොළහ දෙවි ගණයෙහි ඇතුළත් එක ම දෙව්දුව ඕ තොමෝ ය.
කොටුවතු රාජොත්තම
කොහොඹා කන්කාරියෙහි පුද පූජා ලබමින් දොළහදෙවි ගණයෙයි සිටී. මේ දෙවිඳුන් පිළිබඳ කිසිදු තොරතුරක් අප්‍රකාශ ය, වැද්දන් තුන් දොළසක් පිරිවරා ගත්තු බව දේවාරාධනායෙහි දී කියැවේ.
කළුවැදි දේවතා
දොළහ දෙවියන්ට ඇතුළත් මොවුන් අසුවලා ම යැයි හරියට ම අඳුන්වා ලීම අසීරු ය. පැහැදිලි වාර්තාවක් නොලැබෙන බැවිනි. ඇතැම්මු යකුන් අතර සවි දැඩියෙක් වන කළුයකා ලෙසින් ද, ඇතැම්මු උඩුගම්පළ කළුකුමාර දෙවියා ලෙසින් ද කළුවැදි දේවතාවන් හඳුන්වත්. කළු දෑකඩ දෙවි නමින් හැඳින්වෙන්නේ කළුවැදිදේවතාවා බව තවත් කෙනෙකුගේ මතයයි. කළුදෑකඩ දෙවියන්ගේ තතු එක්තරා විත්තියක් පැවැසේ. අවුල් සහිත ඒ විත්තියෙන් ගොනු කරගත හැකි පරිදි කථාව මෙසේ ය: කළුදෑකඩ ගේ නිජ භූමිය මල්වර දේශයයි. මවුපිය දෙදෙන ද මල්වර නබු. පියා එරට රජ ය. ඔවුන් නිසා මල්වර බිසව එක්වරට ම කුමරුන් සත්දෙනෙකු වැදූහ. වියපත් ඒ කුමරු සත්දෙන සිංහල දේශයට එන්නට නැවක් සාදාගත්හ. මාර්ගෝපකරණත් පිරිවරත් ඇතිව එක් සුබ දිනෙක යාත්‍රාව ඇරඹූහ. කිරි, නිල්, ලේ, ගොළු, මහ විසින් වෙසසා දැක්වෙන මුහුදු තරණය කරමින් එහි මුතු කිමිද බලමින් ආ ඔවුනේගේ නැව මන්නාරම් තොට ඇල්ලී ය. මන්නාරමට ගොඩබට ඔවුනට කුඩ, කොඩි, මිහිඟු, පටා, බෙර ඇතිව පෙරහැර පැවැත්විණි. ඉන්පසු පිළිවෙලින් අනුරාධපුරය, මිහින්තලාව, රිටිගල කන්ද, විජය නුවර කන්ද, නුවරගල, ආඥාගල, ගල්ලිඳ කන්ද යන ස්ථාන පසු කළ ඔවුන් විසින් ඒ ඒ ස්ථානයන්ගෙන් ඇතැම් තැන මාළිග ද වැව් ද දේවාල ද කරවන ලද්දේ ය. යකුනට විධාන ද දෙවිණ. මින්නේරිය වැව සෑදීමට ද ඔවුන්ගේ සම්බන්ධයක් ඇති බව කියවෙයි. මෙසේ ය: ගල්ලිඳ කන්දේ වෙලක් විය. මිලදී ගත් ඒ කුඹුරෙහි කුමාරවරු මෙනේරි වැපුරූහ. එයින් ඒ වෙලට මින්නේරිය යන නම් වැටිණ. මහසෙන් රජු එහි වැවක් බැදීමට සෙනඟ යොදවාලීය. එහෙත් බඳින බඳින බැමි ගිලාබැස්සේ ය. කුමාරවරුන්ගේ බල පෑමෙකිනි. එය යකුන්ගේ මායමකින් සිදුවන්නෙකැයි සිතූ රජතුමා බිල්ලක් දී වැව බඳින්නට සූදානම් විය. අර කුමර සත්දෙනාගෙන් එකකු ප්‍රයෝගයෙන් කැඳවා ගෙන බැම්මට ඇතුළු කරවා පස්මේවර කරවී ය. එදා කුමරුන් සත්දෙන සිටි තැන මෙකල කුමාරතුඩුව නමින් හැඳින්වෙන්නේ ය. කුමාරයාට සිදුකළ කාර්‍ය්‍යය දැනගත් සෙසු කුමාරවරුන් විසින් කළුදෑවකු අල්ලා බැම්මට ඇතුළු කර බිලි ව සිටි කුමරා ගළවා ගන්නා ලද්දේ ය. ඉන්පසු ඉතා පහසුවෙන් ම වැව් කර්මාන්තය නිමාවට පැමිණිනි. කළුදෑවා බිලිකර ගළවා ගන්නා ලද කුමාරයා කළු දෑකඩ දෙවි නමින් හැඳින්වෙන්නට වන්නේ ය. මින්නේරිය දෙවියන්ගේ තෙද බල මැඬලීමෙහි සමත් ඔහුගේ අණසක ලෙඩ රෝග මුදවා සෙත සලස්සා දීමෙහි ද ආවෙශකරගෙන පේන කීමෙහි ද අතිප්‍රශස්තයයි කියති. ඔවුන්ගේ අණට අලි ඇත්හු ද කීකරු වෙත්ල. කළුදෑකඩ දෙවි සිංහාසනය නැගී කොන්තයකුන් රන්කඩුවකුත් ගෙන සිටින්නේ ය.
වීර මුණ්ඩ දෙවි
දොළහ දෙවි ගණයෙහි ඇතුළත් වූවෙකි. ඔහු තුන්කට්ටුවක් වෙති. හේන් ගොවිතැනේත් මදින්නන්ගේත් ආරක්ෂාව ඔවුන්ගෙන් සැලසෙන්නේ යයි කියනු ලැබේ. සුරා දඩමස් ප්‍රිය කරන්නේ ය. තුම්පනේ මාතලේ සහ වන්නියේ ජනයාගේ මහත් භක්තිපූජාවන්ට පාත්‍රව සිටිති.
මහා ගුරු සහ කුඩා ගුරු
පුරාණයෙහි සිටි ගුරුවරුන් දෙදෙනකුත් වූහයි සිතිය හැකි මොවුන් දෙන්නා ද දොළහ දෙවි ගණයෙහි ඇතුළත් වෙත්. ඔවුන් පිපාසයට පවා මත්පැන් බොන බවත් කංසා, මස් ප්‍රියකරන බවත් කෝල්මුරයකින් පැවැසේ. හිසෙහි පටියෙන් බැඳි මුංඩාසනත් නිකටේ දික් රවුළුත් අතෙහි සක්ගෙඩියත් ඔවුන් හඳුනා ගැනීමට තිබෙන ලකුණු ය. ඡන්ම භූමිය කාසිරට ය.
කඩවර දේවතා
බ.
(කර්තෘ: ඩී.සී. දිසානායක)
(සංස්කරණය නොකළ)