"දසරජදම්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('රාජ්‍ය විචාරණයෙහි නියුක්ත වූවක්හු විසින් ජනර...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

14:39, 13 මාර්තු 2024 වන විට නවතම සංශෝධනය

රාජ්‍ය විචාරණයෙහි නියුක්ත වූවක්හු විසින් ජනරඤනය සඳහා පිහිටා සිටිය යුතු වූ ගුණදම් දසය දසරජදම් නම් වේ. ඔහු නම්,

"දානං සීලං පරිච්චායං

අජ්ජවං මද්දවං තපං

අකෙකාධො අවිහිංසා ච

ඛන්ති ච අවිරොධතා" යනුවෙන් දන්වන ලද

1. ශ්‍රමණ බ්‍රාහ්මණ කපණද්ධිකවතිබ්බකාදීන් කෙරෙහි උප භොග පරිභොග වස්තු දීම ය,

2. පඤ්චසීලාදී ගෘහස්ථ ශීලයෙහි පිහිටා සිටීම ය,

3. දෙයධර්‍ම පරිත්‍යාගයෙහි පරිත්‍යාග චේතනාව ය,

4. අකුටිලභාව සංඛ්‍යාත ඍජු බව ය,

5. අකර්කශභාව සංඛ්‍යාත මෘදු බව ය,

6. උපෝසථ සංඛ්‍යාත තපසයි,

7. මෛත්‍රී පූර්‍වභාග වූ අක්‍රෝධය ක්‍රෝධ නොකිරීම ය,

8. කරුණා පූර්‍වභාග යයි කියන ලද අවිහිංසාව ය,

9. සුවදුක් හා පරුෂ වචනාදිය අධි වාසනා කරන ක්‍ෂාන්තිය,

10. අවිරුද්ධභාවය යන මොහුයි.

යම් රජෙක් මේ දශධර්‍මයෙහි පිහිටා රාජ්‍යය කෙරේ නම් ඔහුගේ ජනපදය ධන ධාන්‍යයෙන් සමෘද්ධ වූයේ උපභෝග පරිභෝග භාණ්ඩයෙන් පිරීගියේ සුඛිත මුදිත වූ නරනාරී සමූහයා විසින් ගැවැසී ගත්තේ වේ.

(කර්තෘ: ලබුගම ලංකානන්ද හිමි)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දසරජදම්&oldid=5170" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි