"දිය පරඬනා" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('දිය කඩිති, දිය අගල් වැනි වේගයෙන් ජලය ගලා නොයන ප...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
07:18, 17 මාර්තු 2024 තෙක් සංශෝධනය
දිය කඩිති, දිය අගල් වැනි වේගයෙන් ජලය ගලා නොයන පොකුණු ඇති ජලාශයන්හි සෑදී දිය මතුපිට පාවෙන කඳක් ඇති පැලෑටියකි.
විද්‍යා නාමය PISTIA STRATO TES LINN ය. ඉංග්‍රීසියෙන් TROPICAL DUCKWEED ය. දෙමළ බසින් 'ආකාශ තිමරෙයි' ය. ආයුර්වේද වෙදකමේ බේතක් සේ වැඩි වශයෙන් නොගැනේ.
දිය පරඬලවල මකුණන් වද කරන ශක්තිය ඇතැයි කියති. ඒ ගැන අත්හදාබැලීම් කර ගුණය ඔප්පු වී තිබේ. කොළවල පවත්නා එක්තරා සුවඳකට ඇඳ එන මකුණන් එයින් මත් වී නැති වෙතැයි සඳහන් වේ.
සකු බසින් ජප කුම්හී, වාර්පර්ණී, කුම්භිකා නම් යෙදේ.
පැලය පුලුස්සා ගත් අලු ඇතැම් තුවාල සුව කිරීමේ බලාපොරොත්තුවෙන් යොදා ගුණ අත් දැක ඇති බව සඳහන් වේ.
(කර්තෘ: විලියම් අල්විස්)
(සංස්කරණය නොකළ)