"ධොනක" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මුන් වහන්සේ ගෞතම බුද්ධ සාසනයෙහි අසූ මහ සව්වන්...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

13:47, 19 මාර්තු 2024 වන විට නවතම සංශෝධනය

මුන් වහන්සේ ගෞතම බුද්ධ සාසනයෙහි අසූ මහ සව්වන් අතුරෙහි ලා සැලකෙති. බාවරී බ්‍රාහ්මණයාගේ ශිෂ්‍යයන් සොළොස් දෙනාගෙන් කෙනකු වූ මෙතෙමේ ද ඔහුගේ නියමය අනුව බුදුන්ගෙන් ප්‍රශ්න ඇසීමට ගියේ ය. ප්‍රශ්න විසර්ජනය අවසන් වෙත් ම දහසක් මානවකයන් සමඟ ධොනක රහත් ඵලයට පැමිණියේ ය. “ධොනක මානව ප්‍රච්ඡා”යෙහි මේ ප්‍රශ්න විසර්ජනය විස්තර ව එයි.

(කර්තෘ: අඥාතයි)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ධොනක&oldid=5286" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි