"දානශීල තෙර" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(ක්‍රි.ව.1150-1230). ජගද්දලා මහා විහාරයෙහි වැඩ වසමින්...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:55, 9 අප්‍රේල් 2024 තෙක් සංශෝධනය
(ක්‍රි.ව.1150-1230). ජගද්දලා මහා විහාරයෙහි වැඩ වසමින් තිබ්බතීය බුදුසමයට අමිල මෙහෙවරක් ඉටු කළ භාරතීය බෞද්ධාචාර්යවරයෙකි. තිබ්බතයට වැඩම කළ දානශීල තෙරණුවෝ බොහෝ බෞද්ධ ග්‍රන්ථ ටිබෙට් බසට නැගූහ. එම කාර්යයේ දී ජිනමිත්‍ර නම් තෙරනමක් සහාය වූ අතර ඇතැම් ග්‍රන්ථ ජිනමිත්‍ර තෙරණුවෝ තනිව ම ද ටිබෙට් බසට නැගූහ. උන්වහන්සේ විසින් පරිවර්තනය කරන ලද ග්‍රන්ථයන් අතර ශික්ෂා සමුච්චය, ආර්යා විකල්ප ප්‍රවේශ ධාරිණී ටීකා, කර්ම ප්‍රඥප්ති, අභිධර්මාවතාරටීකා සාරසමුච්චය, ආර්යාචලසාධන, ආර්යමඤ්ජු ශ්‍රී සාධන, මරිච්‍යා:සාධන, රතිප්‍රියසාධන, අභිසමයමඤ්ජරී, පෛශාචීකෘෂ්ණමුඛසාධන, රත්නාමාලා, ආර්යව්‍රජතාරාසාධන, යක්ෂනන්දිකරසාධන ආදී ග්‍රන්ථ වෙයි.
(කර්තෘ: දුණුකේදෙණියේ කුසලධම්ම හිමි)
(සංස්කරණය නොකළ)