"දාරකාභිවෘද්ධිය" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ලොව මුල් කාලයේ දී දාරකාභිවෘද්ධිය එම පවුලට ම අය...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
1 පේළිය: | 1 පේළිය: | ||
− | ලොව මුල් කාලයේ දී දාරකාභිවෘද්ධිය එම පවුලට ම අයත් වූ කාර්යයක් වුව ද වර්‍තමාන සංකීර්ණ ලෝකයේ එය | + | (Child welfare). ලොව මුල් කාලයේ දී දාරකාභිවෘද්ධිය එම පවුලට ම අයත් වූ කාර්යයක් වුව ද වර්‍තමාන සංකීර්ණ ලෝකයේ එය මුළුමහත් ලෝක සමාජයට ම අයත් කටයුත්තක් වී තිබේ. 1945 වසරේ අවසන් වූ දෙවන ලෝක යුද්ධ සමයේ එකිනෙකා විසින් බෝම්බ දමා වනසන ලද යුද්ධයට සම්බන්ධ වූ ප්‍රධාන රටවල නගරවල විශාල ප්‍රමාණයක් දරුවෝ අනාථ වූහ. දෙමාපියන් මිය යාමෙන්, යුදයට බියේ ප්‍රදේශ හැර යාමේ දී අතරමං වීමෙන් අනාථ වූ දරුවන් ගණන ලක්ෂයට ආසන්න විය. යුද බියෙන්, සාංකාවෙන් මානසික වශයෙන් කැලඹුණු දරුවෝ මේ අතර වූහ. දරුවන්ගේ අභිවෘද්ධිය පිළිබඳ ප්‍රශ්නය සමාජමය ප්‍රශ්නයක් වූයේ මෙයින් පසුව ය. |
− | සරල සමාජයේ පැවැති මූලික අවශ්‍යතා සැපයීමෙන් පමණක් සෑහීමට පත් විය හැකි ප්‍රශ්නයක් නොවේ අද ලොව පවතින දාරකාභිවෘද්ධිය පිළිබඳ ගැටළුව | + | |
− | මුල් කාලයේ දී විශේෂයෙන් ම දිළිඳු, සාමාන්‍ය දෙමාපිය ආරක්ෂාව නොලබන දරුවන්ගේ භෞතික, සමාජයීයය හා මනෝ | + | සරල සමාජයේ පැවැති මූලික අවශ්‍යතා සැපයීමෙන් පමණක් සෑහීමට පත් විය හැකි ප්‍රශ්නයක් නොවේ, අද ලොව පවතින දාරකාභිවෘද්ධිය පිළිබඳ ගැටළුව. දරුවන්ට අභිවෘද්ධිය සැලසීමට රාජ්‍ය මට්ටමින් පමණක් නොව විවිධ පුණ්‍යායතන ආගමික සංවිධාන, පොදු සංවිධාන ඉදිරිපත් වී ඇත්තේ අද එහි සංකීර්ණ භාවය නිසාමයි. |
− | පවුල් සංස්ථාව ක්‍රමයෙන් දෙදරා යන නූතන සමාජයේ | + | |
− | ඇමෙරිකා එක්සත් ජනපදයේ දාරකාභිවෘද්ධිය හඳුන්වා දෙන ලද්දේ 1962 වර්ෂයේ සමාජ ආරක්ෂණ පනතිනි. මේ පනත යටතේ විවිධ අංශ යටතේ දාරකාභිවෘද්ධිය විස්තර කරන | + | මුල් කාලයේ දී විශේෂයෙන් ම දිළිඳු, සාමාන්‍ය දෙමාපිය ආරක්ෂාව නොලබන දරුවන්ගේ භෞතික, සමාජයීයය හා මනෝ විද්‍යාත්මක යහපත සැලසීම දාරකාභිවෘද්ධිය යනුවෙන් අදහස් කෙරිණ. විවිධ සේවා හා ආයතන මඟින් මෙය සැපයිණ. එහෙත් දියුණු රටවල, විශාල නාගරික පරිසරයන් තුළ සාමාන්‍ය අවශ්‍යතා සැපයීමට වඩා බෙහෙවින් සංකීර්ණ වූ සේවාවක් මේ යටතේ සැපයීමට සිදු වේ. දරුවන්ගේ භෞතික පැවැත්ම පමණක් නොව දරුවාගේ පෞරුෂය වර්ධනය කිරීම, අනාගතය සලකා වෘත්තීය මාර්ගෝපදේශ සේවා සැලසීම, විවේක කාලය සාර්ථක ලෙස ගත කිරීමේ ක්‍රම හඳුන්වා දීම වැනි අංශ ද මෙහි දී විමසා බැලේ. මේ අතර ප්‍රධාන වශයෙන් දියුණු වෙමින් පවතින රටවල යුද්ධ, ස්වභාවික විපත් හෝ අනෙකුත් සාමාජයීය ප්‍රශ්නවලට මුහුණ පෑ දරුවන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය හදිසි ආහාර සැපයීම්, නිවාස, සනීපාරක්ෂක කටයුතු සැපයීම ආදී මූලික සේවා පමණක් දාරකාභිවෘද්ධිය යනුවෙන් අදහස් කෙරේ. බොහෝ විට රටේ ආර්ථිකය මේ සේවාවේ හරය කෙරෙහි බලපායි. |
− | අනාරක්‍ෂිත දරුවන් පිළිබඳ ප්‍රශ්නය ද අද ලෝකයේ විශාල ප්‍රශ්නයක් බවට පත් වී තිබේ. දෙමාපියන්ගේ ආරක්ෂාව දරුවන්ට නොලැබීමට හේතු ගණනාවක් මූලික වන බව සොයා ගෙන තිබේ. අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම | + | පවුල් සංස්ථාව ක්‍රමයෙන් දෙදරා යන නූතන සමාජයේ අලුත් ප්‍රශ්න දාරකාභිවෘද්ධියට එක් වී තිබේ. නීත්‍යානුකූල නොවන දරුවන්ගේ අයිතිවාසිකම්, අවිවාහක මව්පියන්ගේ දරුවන්, අත් හරින ලද, නොසලකා හරින ලද හෝ දෙමාපිය-දරු සබඳතා බිඳවැටුණු දෙදරා ගිය පවුල්වල දරුවන්, ආපදාවලට ලක් වීමෙන් අනාථ වූ දරුවන් ආදීන්ගේ අභිවෘද්ධිය සැලසීම ද නව ප්‍රවණතා බවට පත් වී තිබේ. මෙවැනි ප්‍රශ්නවලට මුහුණු පාන්නේ දිළිඳු දරුවන් පමණක් නොවේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ දරුවන්ගෙන් 60%ක් කුමන හෝ කලක මෙවැනි යම් අංශයක් යටතේ සේවා ලබන බව හෙලි වී තිබේ. එහි දෙමාපියන් දරුවන් හා සමාජය ද මේ කටයුත්තේ කොටස්කරුවන් බවට පත් වි සිටිති. |
− | දියුණු රටවල අනාරක්ෂිත දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා | + | |
− | දරුකමට හදා ගැනිමට දීම ද අද ඉතා සාර්ථක වී තිබේ. දරුවා | + | ඇමෙරිකා එක්සත් ජනපදයේ දාරකාභිවෘද්ධිය හඳුන්වා දෙන ලද්දේ 1962 වර්ෂයේ සමාජ ආරක්ෂණ පනතිනි. මේ පනත යටතේ විවිධ අංශ යටතේ දාරකාභිවෘද්ධිය විස්තර කරන ලදි. ළමා අපයෝජනය, ශ්‍රම කොල්ලය හෝ ළමා අපරාධවලට මුල් වන හේතු සොයා ඒවා විසඳීම හෝ පිළියම් යෙදීම මෙහි එක් අංශයක් විය. මාවතේ දරුවන්, අනුන්ගෙන් යැපෙන හෝ නොසලකා හරින ලද දරුවන් රැක බලා ගැනීම හෝ ආරක්ෂා කිරීම ද මෙයට අයත් ය. රැකියාවල නියුතු මව්වරුන් නිවසින් බැහැර ව සිටින කාලය තුළ දී එම දරුවන් රැකබලාගෙන ඔවුන්ගේ යහපත සැලසීම ද දාරකාභිවෘද්ධියට ම අයත් වේ. විවිධ පීඩනවලට හසු වූ දරුවන්ගේ නිවාසවල තත්වය වඩා යහපත් බවට පත් කිරීමෙන් හෝ එවැනි දරුවන් දාරක නිවාසවල තබා හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල තබාගෙන ආරක්ෂා සහිත ව වර්ධනය කිරීම ද මේ යටතේ සිදුවන තවත් සේවාවකි. මෙහි දී දරුවාට සිය දෙමාපියන්ගේ ආරක්ෂාව හා අධීක්ෂණය කළ හැකි ආයතනයක් සපයාදීම වඩා වැදගත් කොට සැලකේ. එහෙත් හැකි සෑම අවස්ථාවක දී ම දරුවා සිය නිවසේ ම තබා සුරැකීම වඩා ප්‍රතිඵලදායක බව පිළිගැනීමයි. |
− | රැකියාවල යෙදෙන මව්පියන්ගේ කුඩා දරුවන් රැක බලා ගැනීමටත්, පෝෂණය කිරීමටත්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. මේවාගේ සේවය | + | |
+ | අනාරක්ෂිත දරුවන් පිළිබඳ ප්‍රශ්නය ද අද ලෝකයේ විශාල ප්‍රශ්නයක් බවට පත් වී තිබේ. දෙමාපියන්ගේ ආරක්ෂාව දරුවන්ට නොලැබීමට හේතු ගණනාවක් මූලික වන බව සොයා ගෙන තිබේ. අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, මානසික ප්‍රශ්න, දිළිඳුකම, හදිසියේ ඇති වන රැකියා වියුක්තිය වැනි හේතු නිසා බොහෝ දරුවන්ට දෙමාපිය ආරක්ෂාව නොලැබී යයි. මෙවැනි අවස්ථාවල දරුවාගේ පෞද්ගලිකත්වය ගැන සලකා ඔහුට සම්පූර්ණ හෝ අර්ධ වශයෙන් ආදේශක මවුපියන් සැපයීම මේ තත්ත්වය වෙනස් කිරීමට ගෙන ඇති එක් ක්‍රියා මාර්ගයකි. බොහෝවිට රජයේ මැදිහත් වීමෙන් මෙවැනි පවුල්වල ආරක්ෂාව සහ අවශ්‍යතා සැපයීමට තරම් දෙමාපියන් ශක්තිමත් කිරීම ද සිදු වේ. යුරෝපයේ හා ඇමෙරිකාවේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න ඇති දරුවන්ගෙන් 50%ක් ම ඇතිදැඩිවන්නේ සිය නිවසින් පිටයි. මෙවැනි දරුවන් රැක බලාගෙන ඔවුන් ඉච්ඡා භංගත්වයෙන් තොර පුරවැසියන් කිරීමේ අපේක්ෂාවෙන් විවිධ වර්ගයේ ආයතන රැසක් බිහි වී තිබේ. ළමා නිවාසයක, නේවාසිකාගාරයක, කණ්ඩායම් නිවසක හෝ වෙනත් පවුලක දරුවා තබා ඔහු හදා වඩා ගැනීම එක් ක්‍රමයකි. මෙහි දී දරුවා මෙවැනි ස්ථානයක තබා ගන්නේ කාලයකට පමණි. තම පවුලෙන් ලැබිය යුතු ආරක්ෂාව දරුවාට නොලැබීමට හේතු භූත වූ ප්‍රශ්නයට පිළියම් ලැබී සිය නිවසේ තත්ත්වය යහපත් වූ විට දරුවා නැවතත් සිය දෙමාපියන් වෙතට යවනු ලැබේ. මේ අතර මානසික පීඩනයට ලක් වූ දරුවන් සිටිත් නම් එයට සුදුසු උපදේශන සේවා ද පැවැත්වේ. | ||
+ | |||
+ | දියුණු රටවල අනාරක්ෂිත දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා කෘත්‍රිම පවුල් ඒකක ක්‍රමයක් ද පවත්වාගෙන යනු ලැබේ. ළදරු වයසේ සිටින දරුවන්ගේ සිට නව යොවුන් දරුවන් දක්වා වූ ළමයින් 8-16 අතර කණ්ඩායමක් එක අම්මා කෙනකුට භාර වේ. මේ සඳහා තෝරා ගත්, විශේෂයෙන් පුහුණු තරන ලද වැඩිහිටි කාන්තාවක් අම්මා වේ. මෙවැනි පවුලක සෑම දරුවෙක් ම තමාට අයත් යුතුකම්, වගකීම් ආදිය පිළිබඳ තේරුම් ගනිමින් එක පවුලක දරුවන් සේ වැඩෙති. පියකුගේ පෞරුෂය දරුවන්ට දැනෙන සේ ගමේ තාත්තා කෙනෙකු ද සපයා තිබේ. ඔස්ට්‍රියාවේ හර්මන් ස්මීනර් විසින් හඳුන්වා දෙන ලද මේ කෘත්‍රීම පවුල් ක්‍රමය අද ඊශ්‍රායලය, ඇමෙරිකාව හා යුරෝපා රටවල ද ජනප්‍රිය වී තිබේ. | ||
+ | |||
+ | දරුකමට හදා ගැනිමට දීම ද අද ඉතා සාර්ථක වී තිබේ. දරුවා භාරදීමට පෙර, අයදුම් කළ අයගේ ආර්ථික, මානසික, සාමාජයීය පරිසරය හොඳින් සොයා බලනු ලැබේ. මෙය දාරකාභිවෘද්ධිය පිළිබඳ හොඳ ස්ථිර ක්‍රමයක් ලෙසට අද පිළිගෙන තිබේ. දරුවා සිය භෞතික දෙමාපියන් සෙවනේ නොව නීතිමය දෙමාපියන් ළඟ වැඩෙයි. | ||
+ | |||
+ | රැකියාවල යෙදෙන මව්පියන්ගේ කුඩා දරුවන් රැක බලා ගැනීමටත්, පෝෂණය කිරීමටත්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. මේවාගේ සේවය කරන්නෝ ඒ සඳහා විශේෂ පුහුණුවක් ලද කාන්තාවෝ ය. මව මිය යාමෙන් හෝ තදබල ලෙස රෝගී වීමෙන් අසරණ වන දරුවන් සිය නිවෙස්වල සිටියදී ම රැක බලා ගැනීමට පුහුණු ආදේශක මවුවරුන්ගේ සේවය ලබා දීම ද දියුණු රටවල ජනප්‍රිය වී තිබේ. දරුවන් මෙහි දී වැඩෙන්නේ සිය නිවසේ සිය පියා සහ සහෝදර සහෝදරියන් සමඟ තමාට හුරුපුරුදු පරිසරයේ ම ය. ආදේශක මව දරුවාට ආදරය, ආරක්ෂාව, පරිසරය ලබා දෙයි. | ||
+ | |||
ඇමෙරිකාවේ ජාතික දාරකාභිවෘද්ධි ආයතන තිබේ. යම් නිවෙසක දරුවන් අතවර කිරීම්, දැඩි දඬුවමට හෝ නොසලකා හැරීමට භාජන වන බවට අසල් වැසියන්, පාසැල් ගුරුවරුන් හෝ ඒ පිළිබඳ සැලකිල්ලක් දක්වන්නන් පැමිණිලි කළහොත් මේ ආයතනවල සමාජ සේවකයෝ එම නිවෙස්වලට ගොස් පැමිණිල්ල ගැන සොයා බලා අවශ්‍ය පියවර ගනිති. | ඇමෙරිකාවේ ජාතික දාරකාභිවෘද්ධි ආයතන තිබේ. යම් නිවෙසක දරුවන් අතවර කිරීම්, දැඩි දඬුවමට හෝ නොසලකා හැරීමට භාජන වන බවට අසල් වැසියන්, පාසැල් ගුරුවරුන් හෝ ඒ පිළිබඳ සැලකිල්ලක් දක්වන්නන් පැමිණිලි කළහොත් මේ ආයතනවල සමාජ සේවකයෝ එම නිවෙස්වලට ගොස් පැමිණිල්ල ගැන සොයා බලා අවශ්‍ය පියවර ගනිති. | ||
− | දියුණු රටවල තදබල මානසික ප්‍රශ්න ඇති දරුවෝ බොහෝ වෙති. සිය නිවසේ දී ම නොසලකා හරින ලද, අපයෝජනයට ලක් වූ, මව්පියන්ගේ අඩ දබර නිසා මානසික පීඩනයට ලක් වූ මෙවැනි දරුවන් එම තත්ත්වයෙන් මුදවා ගැනීමට දීර්ඝ කාලීන සේවා සපයන රජයේ හෝ රජයේ නොවන ආයතන තිබේ. දරුවන්ගේ නැති වී ගිය ආත්ම විශ්වාසය යළි ඇති කොට, | + | |
− | උපතින් ම ශාරීරික හෝ මානසික දුර්වලතාවලින් යුත් දරුවන්ට අනාගතයට | + | දියුණු රටවල තදබල මානසික ප්‍රශ්න ඇති දරුවෝ බොහෝ වෙති. සිය නිවසේ දී ම නොසලකා හරින ලද, අපයෝජනයට ලක් වූ, මව්පියන්ගේ අඩ දබර නිසා මානසික පීඩනයට ලක් වූ මෙවැනි දරුවන් එම තත්ත්වයෙන් මුදවා ගැනීමට දීර්ඝ කාලීන සේවා සපයන රජයේ හෝ රජයේ නොවන ආයතන තිබේ. දරුවන්ගේ නැති වී ගිය ආත්ම විශ්වාසය යළි ඇති කොට, ඔවුන් පීඩනයෙන් මුදවා, සමාජ විරෝධී ආකල්ප දුරුකරවීම සඳහා විශේෂයෙන් පුහුණු අය, අත්හදා බැලීමෙන් සාර්ථක වූ ක්‍රම සහ විධි අනුගමනය කිරීම මෙවැනි අවස්ථාවල දී සිදු වේ. |
− | ලොව සිදුවන | + | |
− | නීත්‍යානුකූල නොවන දරුවන්ගේ අයිතිවාසිකම් රැක දීම, බාල වයස්වල දී මව්පියන් බවට | + | උපතින් ම ශාරීරික හෝ මානසික දුර්වලතාවලින් යුත් දරුවන්ට අනාගතයට මුහුණදීමට අවශ්‍ය කුශලතා වර්ධනය කර දීමට, ඔවුන් සමාජයේ පිළිගැනීමක් ලබන අයවලුන් බවට පත්කිරීමට, ඔවුන් තුළ සැඟවී ඇති යම් හැකියාවක් වේ නම්, එය වර්ධනය කර ගැනීමට අවස්ථාව සලසන අටියෙන් විශේෂඥ උපකාර ලබා දීම ද සිදු කෙරේ. ඔවුන්ගේ ජීවිතයට යම් ආලෝකයක් සැපයීම මෙහි පරමාර්ථය වී තිබේ. |
− | දාරකාභිවෘද්ධිය නම් වු සංකීර්ණ ක්‍රියාවලිය සඳහා ම කැප වූ විවිධ ආයතන ලොව පවතී. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මින් ප්‍රධාන තැනක් ගනී. හදිසි ආපදාවලට මුහුණ දීමට සිදුවීමෙන් අතරමං වූ දරුවන්ගේ | + | |
− | ලංකාවේ දාරකාභිවෘද්ධිය | + | ලොව සිදුවන සියලු අපචාරවලට දරුවන් යොදා ගැනීම මහත් ප්‍රශ්නයක් වී තිබේ. දරුවන් මත්ද්‍රව්‍ය වෙළෙඳාමට යොදා ගැනීම, ගැහැණු පිරිමි දෙපක්ෂයේ ම දරුවන් ගණිකා වෘත්තියේ යෙදවීම, යුද පවතින ප්‍රදේශවල අඩු වයස් දරුවන් හමුදා කාර්යයෙහි යෙදවීම, අවි ආයුධ ප්‍රවාහනයේ සහ ඔත්තු බැලීමේ යෙදවීම, දරුවන් රැකියාවන්හි සහ මෙහෙකාරකමෙහි යෙදවීම වැනි ක්‍රියා නිසා ලොව ඇතැම් ප්‍රදේශයන්හි දරුවන්ගේ අයිතිවාසිකම් දරුණු ලෙස පැහැර ගැනීමට ලක් ව තිබේ. මෙය මර්දනය කොට දරුවන්ගේ ළමා කාලය සාර්ථක ව ගත කිරීමට ලබා දෙන බලපෑම් කළ හැකි ජාත්‍යන්තර සංවිධාන අද බිහි වී ඇත. |
− | ලංකාවේ දාරකාභිවෘද්ධි කටයුතු කෙරෙහි රජය යොමු වූයේ 1944 වසරේ දී ය. | + | |
− | සරල ලාංකීය සමාජයේ දාරකාභිවෘද්ධි කටයුතු ද සරල වූ නමුත් ක්‍රමයෙන් රටේ ජනගහණය | + | නීත්‍යානුකූල නොවන දරුවන්ගේ අයිතිවාසිකම් රැක දීම, බාල වයස්වල දී මව්පියන් බවට පත්වූවන්ගේ මානසික පීඩනය අවම කොට ඔවුන්ට උපදේශන සේවා සැපයීම, විසිරුණු පවුල්වල, යුද අනාථයන් බවට පත් වූ හෝ නොසලකා හරින ලද දරුවන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සේවා සැපයීමට ද අද සිදු කෙරේ. |
− | රජයේ හා | + | |
− | ශාරීරික හෝ මානසික දුබලතා හේතුවෙන් සමාජයේ | + | දාරකාභිවෘද්ධිය නම් වු සංකීර්ණ ක්‍රියාවලිය සඳහා ම කැප වූ විවිධ ආයතන ලොව පවතී. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මින් ප්‍රධාන තැනක් ගනී. හදිසි ආපදාවලට මුහුණ දීමට සිදුවීමෙන් අතරමං වූ දරුවන්ගේ ආහාරපාන, ඇඳුම්, බෙහෙත්, හිසට වහලක්, මෙන් ම වසංගත රෝග පැතිර යාම වැළැක්වීම සඳහා ද මෙය හදිසි ආධාර සපයයි. ලොව සියලු දරුවන්ගේ අභිවෘද්ධියට හේතු වන වැඩ පිළිවෙළක් අනුගමනය කිරීමට එය සිය සාමාජිකත්වයට බල කරයි. මේ හැර ‘දරුවන් රැක ගන්න’ (SAVE THE CHILDREN FUND) සංවිධානය ආගමික හා ආගමික නොවන ආයතන ලොව පුරා දාරකාභිවෘද්ධිය අපේක්ෂාවෙන් විවිධ සංවිධාන පිහිටුවා ගෙන පර්යේෂණාත්මක මට්ටමේ උපකාරක සේවා පවත්වති. 'මාරාන්තික ඒඩ්ස් වසංගතයෙන් දරුවන් බේරා ගැනීමට’ ආසාදිත දරුවන්ගේ ජීවිතය පහසු කිරීමට හා සමාජය දැනුවත් කිරීම සඳහා මහත් වෙහෙසක් ගන්නා සංවිධාන ද අද පිහිටුවා තිබේ. දරුවන් අපේ අනාගතය බවත් ඔවුනට සිය ළමා කාලය උපරිම වශයෙන් ගෙවීමට ඇති අයිතිය තහවුරු කිරීම වැඩිහිටි පරපුරේ වගකීම බවත් සලකා, දරුවන්ට හිමි විය යුතු ආදරය සහ ආරක්ෂාව සැලසේ නම් සියලු දාරකාභිවාද්ධි වැඩපිළිවලින් බලාපොරොත්තු වන්නේ එයයි. |
− | දාරකාභිවෘද්ධි කටයුතු මෙහෙයවීමටත් අධීක්ෂණයටත් ළමා ආරක්ෂණ | + | |
+ | == ලංකාවේ දාරකාභිවෘද්ධිය == | ||
+ | ලංකාවේ දාරකාභිවෘද්ධි කටයුතු කෙරෙහි රජය යොමු වූයේ 1944 වසරේ දී ය. අත්හරින ලද දරුවන් හෝ වීදි දරුවන්, බන්ධනාගාරගත වූ දෙමව්පියන්ගේ දරුවන්ගේ සුරක්ෂිතතාව පතා එම වසරේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ම කොටසක් ලෙස පරිවාස හා ළමා ආරක්ෂක අංශයක් පිහිටුවන ලදි. 1956 වසරේ දී විශේෂ ළමාරක්ෂක කොටසක් මෙයට එක් කරන ලදි. පසු කලක මෙය සමාජ ශුභසාධන හා පුනරුත්ථාපන අමාත්‍යංශය යටතට පත් කරන ලදි. මේ යටතේ වෘත්තීය අධ්‍යාපන ආයතන, රජයේ භාර ගැනීමේ ළමා නිවාස, ස්වේච්ඡා ළමා නිවාස, මන්දපෝෂිත දරුවන්ට ප්‍රතිකාර හා පෝෂණය ලබාදීමේ වැඩ පිළිවෙළ ආදිය ක්‍රිියාත්මක කරන ලදි. | ||
+ | |||
+ | සරල ලාංකීය සමාජයේ දාරකාභිවෘද්ධි කටයුතු ද සරල වූ නමුත් ක්‍රමයෙන් රටේ ජනගහණය වැඩිවීම, මවුවරුන් රැකියාවල යෙදීම, පියවරුන් මතට ඇබ්බැහිවීම, ස්වභාවික ආපදා, දෙමාපිය රැකියා වියුක්තිය හා යුද්ධය නිසා මේ ප්‍රශ්න වඩාත් සංකීර්ණ විය. නිවස තුළදී ම අපයෝජනයට හා වද හිංසාවලට දරුවන් ලක්වීම, බාල වයස් දරුවන් මෙහෙකාරකමෙහි හා වෙනත් මුදල් ඉපයීමේ කටයුතුවල යෙදවීම, මන්ද පෝෂණය, දෙමාපියන් නොසලකා හැරීම නිසා අනාථභාවයට පත්වීම, දෙමාපියන් විදේශ රැකියාවලට යාම නිසා දරුවන් අනාරක්ෂිත තත්වයට පත්වීම, දරුවන් බලහත්කාරයෙන් යුද කටයුතුවලට යොදවා ගැනීම, බාල වයස්කාර දැරියන් ගණිකා වෘත්තියෙහි යෙදවීම, දරුවන් ඒඩ්ස් වසංගතයට ගොදුරු වීම වැනි බරපතල ප්‍රශ්න ක්‍රමයෙන් උග්‍ර වීම නිසා දාරකාභිවෘද්ධිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමට රජයටත් මුළු සමාජයටමත් සිදු විය. | ||
+ | |||
+ | රජයේ හා රාජ්‍ය නොවන සංවිධාන මඟින් අනත් දරු නිවාස පවත්වා එම දරුවන් යහපත් පුරවැසියන් කරවීම සඳහා මුල සිට ම ක්‍රියා කරන ලදි. මන්ද පෝෂණය දුරුකරලීම සඳහා මාතෘ හා ළමා සායනන පවත්වා මව්වරුන් දැනුවත් කිරීමත්, අවශ්‍ය පෝෂ්‍ය වර්ග ලබා දීම හා පාසැල් දරුවන්ට දිවා ආහාර වේලක් ලබා දීමේ ක්‍රියා පිළිවෙල පවත්වාගෙන යන ලදි. පවුලේ ආර්ථිකය අනුව දරුවන් ගණන සීමා කර ගැනීමේ අවශ්‍යතාව සමාජයට ඒත්තු ගන්වා ඒ සඳහා අවශය පහසුකම් හඳුන්වා දෙන ලදි. නව නීති සම්පාදනය කොට දරුවන් අපයෝජනයෙන්, කෲරකමින් වලක්වාලීමේ වැඩ පිළිවෙළ දියත් කෙරිණ. වයස 5-14 අතර දරුවන්ට අනිවාර්ය අධ්‍යාපනයක් ලබා දීමේ කාර්යය සාර්ථක කර ගැනීම සඳහා නව අණපනත් හා දැනුවත් කිරීම් සිදු කෙරේ. මෙහිදී වීදි දරුවන්ට, උප්පැන්න සහතික නැති දරුවන්ට හා දෙමාපියන්ගේ අන්ත දිළිඳුකම නිසා දරුවන් පාසැලට යැවීමේ හැකියාවක් නැතිකමින් පාසැල් නොයන දරුවන්ට අධ්‍යාපනය ලබා දී අසාක්ෂරතා අනුපාතය අඩුකිරීම සඳහා විවිධ ක්‍රියා පිළිවෙළ ආරම්භ කර තිබේ. වයස 14ට අඩු දරුවන් මෙහෙකාරකමේ හෝ රැකියාවන්වල යෙදවීම නැවැත්වීම සඳහා නීති හඳුන්වා දී ඇත. රැකියාවල යෙදෙන මව්වරුන්ගේ දරුවන් රැක බලා ගැනීම සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමෙන් දරුවන්ට ආරක්ෂාවත් සමාජ හුරුවත් ලැබේ. දිළිඳු මව්පියන්ගේ දරුවන් සිය නිවසේ සිටියදී ම ඔවුන්ගේ යහපත් වර්ධනය සඳහා අත දිය හැකි කැපකරු දෙමාපිය ක්‍රමයක් හඳුන්වා දීමෙන් එවැනි දහස් ගණනක් දරුවන්ගේ ජීවිතවලට ආලෝකය ලැබී ඇත. නීත්‍යානුකූල ව දරුකමට හදා ගැනීමට දීම තුළින් මෙරට සහ විදේශීය පවුල්වල සාමාජිකයන් සේ වැඩීමට විශාල සංඛ්‍යාවක් දරුවන්ට ඉඩ ලැබිණ. දඩබ්බර ළමයින් පරිවාස අධිකාරිය යටතේ යහපත් පුරවැසියන් කිරීමේ වැඩ පිළිවෙළ මුල සිට ම පැවතිණ. | ||
+ | |||
+ | ශාරීරික හෝ මානසික දුබලතා හේතුවෙන් සමාජයේ කොන්වීමට දරුවන්ට ඉඩ නොදී ඔවුන් සිය ජීවිතයේ එදිනෙදා කටයුතු කර ගැනීමට තරම් පුහුණු කිරීමත් ඔවුන්ගේ ජීවිතවලට ආලෝකයක් ලබා දීමටත් යම් යම් කාර්යයන්හි අත හුරු කරවීමටත් විශේෂ ආයතන රැසක් පිහිටුවා තිබේ. | ||
+ | |||
+ | දාරකාභිවෘද්ධි කටයුතු මෙහෙයවීමටත් අධීක්ෂණයටත් ළමා ආරක්ෂණ අධිකාරිය පිහිටුවා තිබේ. ලංකාව ද එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තිය පිළිගෙන ඇති බැවින් ඒ මඟින් කෙරෙන නිර්දේශ මෙරට ක්‍රියාත්මක කිරීමට උත්සුක වෙයි. දරිද්‍රතාව හා නොදැනුවත්කම සහ මාතෘ මර්න්‍යතාව අඩුකිරීම සඳහා රට පුරා දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළ දියත් කොට තිබේ. ළදරු උයන් පවත්වාගෙන යාම සහ ප්‍රාථමික අධ්‍යාපන ආයතන පවත්වාගෙන යනු ලැබේ. | ||
− | (කර්තෘ: | + | (කර්තෘ: අඥාතයි) |
(සංස්කරණය නොකළ) | (සංස්කරණය නොකළ) | ||
− | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: සමාජ විද්‍යාව]] |
− | [[ප්‍රවර්ගය:]] | + | [[ප්‍රවර්ගය: ද]] |
− | |||
− |
11:50, 10 අප්‍රේල් 2024 වන විට නවතම සංශෝධනය
(Child welfare). ලොව මුල් කාලයේ දී දාරකාභිවෘද්ධිය එම පවුලට ම අයත් වූ කාර්යයක් වුව ද වර්‍තමාන සංකීර්ණ ලෝකයේ එය මුළුමහත් ලෝක සමාජයට ම අයත් කටයුත්තක් වී තිබේ. 1945 වසරේ අවසන් වූ දෙවන ලෝක යුද්ධ සමයේ එකිනෙකා විසින් බෝම්බ දමා වනසන ලද යුද්ධයට සම්බන්ධ වූ ප්‍රධාන රටවල නගරවල විශාල ප්‍රමාණයක් දරුවෝ අනාථ වූහ. දෙමාපියන් මිය යාමෙන්, යුදයට බියේ ප්‍රදේශ හැර යාමේ දී අතරමං වීමෙන් අනාථ වූ දරුවන් ගණන ලක්ෂයට ආසන්න විය. යුද බියෙන්, සාංකාවෙන් මානසික වශයෙන් කැලඹුණු දරුවෝ මේ අතර වූහ. දරුවන්ගේ අභිවෘද්ධිය පිළිබඳ ප්‍රශ්නය සමාජමය ප්‍රශ්නයක් වූයේ මෙයින් පසුව ය.
සරල සමාජයේ පැවැති මූලික අවශ්‍යතා සැපයීමෙන් පමණක් සෑහීමට පත් විය හැකි ප්‍රශ්නයක් නොවේ, අද ලොව පවතින දාරකාභිවෘද්ධිය පිළිබඳ ගැටළුව. දරුවන්ට අභිවෘද්ධිය සැලසීමට රාජ්‍ය මට්ටමින් පමණක් නොව විවිධ පුණ්‍යායතන ආගමික සංවිධාන, පොදු සංවිධාන ඉදිරිපත් වී ඇත්තේ අද එහි සංකීර්ණ භාවය නිසාමයි.
මුල් කාලයේ දී විශේෂයෙන් ම දිළිඳු, සාමාන්‍ය දෙමාපිය ආරක්ෂාව නොලබන දරුවන්ගේ භෞතික, සමාජයීයය හා මනෝ විද්‍යාත්මක යහපත සැලසීම දාරකාභිවෘද්ධිය යනුවෙන් අදහස් කෙරිණ. විවිධ සේවා හා ආයතන මඟින් මෙය සැපයිණ. එහෙත් දියුණු රටවල, විශාල නාගරික පරිසරයන් තුළ සාමාන්‍ය අවශ්‍යතා සැපයීමට වඩා බෙහෙවින් සංකීර්ණ වූ සේවාවක් මේ යටතේ සැපයීමට සිදු වේ. දරුවන්ගේ භෞතික පැවැත්ම පමණක් නොව දරුවාගේ පෞරුෂය වර්ධනය කිරීම, අනාගතය සලකා වෘත්තීය මාර්ගෝපදේශ සේවා සැලසීම, විවේක කාලය සාර්ථක ලෙස ගත කිරීමේ ක්‍රම හඳුන්වා දීම වැනි අංශ ද මෙහි දී විමසා බැලේ. මේ අතර ප්‍රධාන වශයෙන් දියුණු වෙමින් පවතින රටවල යුද්ධ, ස්වභාවික විපත් හෝ අනෙකුත් සාමාජයීය ප්‍රශ්නවලට මුහුණ පෑ දරුවන්ගේ පැවැත්ම සඳහා අවශ්‍ය හදිසි ආහාර සැපයීම්, නිවාස, සනීපාරක්ෂක කටයුතු සැපයීම ආදී මූලික සේවා පමණක් දාරකාභිවෘද්ධිය යනුවෙන් අදහස් කෙරේ. බොහෝ විට රටේ ආර්ථිකය මේ සේවාවේ හරය කෙරෙහි බලපායි. පවුල් සංස්ථාව ක්‍රමයෙන් දෙදරා යන නූතන සමාජයේ අලුත් ප්‍රශ්න දාරකාභිවෘද්ධියට එක් වී තිබේ. නීත්‍යානුකූල නොවන දරුවන්ගේ අයිතිවාසිකම්, අවිවාහක මව්පියන්ගේ දරුවන්, අත් හරින ලද, නොසලකා හරින ලද හෝ දෙමාපිය-දරු සබඳතා බිඳවැටුණු දෙදරා ගිය පවුල්වල දරුවන්, ආපදාවලට ලක් වීමෙන් අනාථ වූ දරුවන් ආදීන්ගේ අභිවෘද්ධිය සැලසීම ද නව ප්‍රවණතා බවට පත් වී තිබේ. මෙවැනි ප්‍රශ්නවලට මුහුණු පාන්නේ දිළිඳු දරුවන් පමණක් නොවේ. ඇමෙරිකා එක්සත් ජනපදයේ දරුවන්ගෙන් 60%ක් කුමන හෝ කලක මෙවැනි යම් අංශයක් යටතේ සේවා ලබන බව හෙලි වී තිබේ. එහි දෙමාපියන් දරුවන් හා සමාජය ද මේ කටයුත්තේ කොටස්කරුවන් බවට පත් වි සිටිති.
ඇමෙරිකා එක්සත් ජනපදයේ දාරකාභිවෘද්ධිය හඳුන්වා දෙන ලද්දේ 1962 වර්ෂයේ සමාජ ආරක්ෂණ පනතිනි. මේ පනත යටතේ විවිධ අංශ යටතේ දාරකාභිවෘද්ධිය විස්තර කරන ලදි. ළමා අපයෝජනය, ශ්‍රම කොල්ලය හෝ ළමා අපරාධවලට මුල් වන හේතු සොයා ඒවා විසඳීම හෝ පිළියම් යෙදීම මෙහි එක් අංශයක් විය. මාවතේ දරුවන්, අනුන්ගෙන් යැපෙන හෝ නොසලකා හරින ලද දරුවන් රැක බලා ගැනීම හෝ ආරක්ෂා කිරීම ද මෙයට අයත් ය. රැකියාවල නියුතු මව්වරුන් නිවසින් බැහැර ව සිටින කාලය තුළ දී එම දරුවන් රැකබලාගෙන ඔවුන්ගේ යහපත සැලසීම ද දාරකාභිවෘද්ධියට ම අයත් වේ. විවිධ පීඩනවලට හසු වූ දරුවන්ගේ නිවාසවල තත්වය වඩා යහපත් බවට පත් කිරීමෙන් හෝ එවැනි දරුවන් දාරක නිවාසවල තබා හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානවල තබාගෙන ආරක්ෂා සහිත ව වර්ධනය කිරීම ද මේ යටතේ සිදුවන තවත් සේවාවකි. මෙහි දී දරුවාට සිය දෙමාපියන්ගේ ආරක්ෂාව හා අධීක්ෂණය කළ හැකි ආයතනයක් සපයාදීම වඩා වැදගත් කොට සැලකේ. එහෙත් හැකි සෑම අවස්ථාවක දී ම දරුවා සිය නිවසේ ම තබා සුරැකීම වඩා ප්‍රතිඵලදායක බව පිළිගැනීමයි.
අනාරක්‍ෂිත දරුවන් පිළිබඳ ප්‍රශ්නය ද අද ලෝකයේ විශාල ප්‍රශ්නයක් බවට පත් වී තිබේ. දෙමාපියන්ගේ ආරක්ෂාව දරුවන්ට නොලැබීමට හේතු ගණනාවක් මූලික වන බව සොයා ගෙන තිබේ. අධික ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම, මානසික ප්‍රශ්න, දිළිඳුකම, හදිසියේ ඇති වන රැකියා වියුක්තිය වැනි හේතු නිසා බොහෝ දරුවන්ට දෙමාපිය ආරක්ෂාව නොලැබී යයි. මෙවැනි අවස්ථාවල දරුවාගේ පෞද්ගලිකත්වය ගැන සලකා ඔහුට සම්පූර්ණ හෝ අර්ධ වශයෙන් ආදේශක මවුපියන් සැපයීම මේ තත්ත්වය වෙනස් කිරීමට ගෙන ඇති එක් ක්‍රියා මාර්ගයකි. බොහෝවිට රජයේ මැදිහත් වීමෙන් මෙවැනි පවුල්වල ආරක්ෂාව සහ අවශ්‍යතා සැපයීමට තරම් දෙමාපියන් ශක්තිමත් කිරීම ද සිදු වේ. යුරෝපයේ හා ඇමෙරිකාවේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න ඇති දරුවන්ගෙන් 50%ක් ම ඇතිදැඩිවන්නේ සිය නිවසින් පිටයි. මෙවැනි දරුවන් රැක බලාගෙන ඔවුන් ඉච්ඡා භංගත්වයෙන් තොර පුරවැසියන් කිරීමේ අපේක්ෂාවෙන් විවිධ වර්ගයේ ආයතන රැසක් බිහි වී තිබේ. ළමා නිවාසයක, නේවාසිකාගාරයක, කණ්ඩායම් නිවසක හෝ වෙනත් පවුලක දරුවා තබා ඔහු හදා වඩා ගැනීම එක් ක්‍රමයකි. මෙහි දී දරුවා මෙවැනි ස්ථානයක තබා ගන්නේ කාලයකට පමණි. තම පවුලෙන් ලැබිය යුතු ආරක්ෂාව දරුවාට නොලැබීමට හේතු භූත වූ ප්‍රශ්නයට පිළියම් ලැබී සිය නිවසේ තත්ත්වය යහපත් වූ විට දරුවා නැවතත් සිය දෙමාපියන් වෙතට යවනු ලැබේ. මේ අතර මානසික පීඩනයට ලක් වූ දරුවන් සිටිත් නම් එයට සුදුසු උපදේශන සේවා ද පැවැත්වේ.
දියුණු රටවල අනාරක්ෂිත දරුවන්ගේ අභිවෘද්ධිය සඳහා කෘත්‍රිම පවුල් ඒකක ක්‍රමයක් ද පවත්වාගෙන යනු ලැබේ. ළදරු වයසේ සිටින දරුවන්ගේ සිට නව යොවුන් දරුවන් දක්වා වූ ළමයින් 8-16 අතර කණ්ඩායමක් එක අම්මා කෙනකුට භාර වේ. මේ සඳහා තෝරා ගත්, විශේෂයෙන් පුහුණු තරන ලද වැඩිහිටි කාන්තාවක් අම්මා වේ. මෙවැනි පවුලක සෑම දරුවෙක් ම තමාට අයත් යුතුකම්, වගකීම් ආදිය පිළිබඳ තේරුම් ගනිමින් එක පවුලක දරුවන් සේ වැඩෙති. පියකුගේ පෞරුෂය දරුවන්ට දැනෙන සේ ගමේ තාත්තා කෙනෙකු ද සපයා තිබේ. ඔස්ට්‍රියාවේ හර්මන් ස්මීනර් විසින් හඳුන්වා දෙන ලද මේ කෘත්‍රීම පවුල් ක්‍රමය අද ඊශ්‍රායලය, ඇමෙරිකාව හා යුරෝපා රටවල ද ජනප්‍රිය වී තිබේ.
දරුකමට හදා ගැනිමට දීම ද අද ඉතා සාර්ථක වී තිබේ. දරුවා භාරදීමට පෙර, අයදුම් කළ අයගේ ආර්ථික, මානසික, සාමාජයීය පරිසරය හොඳින් සොයා බලනු ලැබේ. මෙය දාරකාභිවෘද්ධිය පිළිබඳ හොඳ ස්ථිර ක්‍රමයක් ලෙසට අද පිළිගෙන තිබේ. දරුවා සිය භෞතික දෙමාපියන් සෙවනේ නොව නීතිමය දෙමාපියන් ළඟ වැඩෙයි.
රැකියාවල යෙදෙන මව්පියන්ගේ කුඩා දරුවන් රැක බලා ගැනීමටත්, පෝෂණය කිරීමටත්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවා තිබේ. මේවාගේ සේවය කරන්නෝ ඒ සඳහා විශේෂ පුහුණුවක් ලද කාන්තාවෝ ය. මව මිය යාමෙන් හෝ තදබල ලෙස රෝගී වීමෙන් අසරණ වන දරුවන් සිය නිවෙස්වල සිටියදී ම රැක බලා ගැනීමට පුහුණු ආදේශක මවුවරුන්ගේ සේවය ලබා දීම ද දියුණු රටවල ජනප්‍රිය වී තිබේ. දරුවන් මෙහි දී වැඩෙන්නේ සිය නිවසේ සිය පියා සහ සහෝදර සහෝදරියන් සමඟ තමාට හුරුපුරුදු පරිසරයේ ම ය. ආදේශක මව දරුවාට ආදරය, ආරක්ෂාව, පරිසරය ලබා දෙයි.
ඇමෙරිකාවේ ජාතික දාරකාභිවෘද්ධි ආයතන තිබේ. යම් නිවෙසක දරුවන් අතවර කිරීම්, දැඩි දඬුවමට හෝ නොසලකා හැරීමට භාජන වන බවට අසල් වැසියන්, පාසැල් ගුරුවරුන් හෝ ඒ පිළිබඳ සැලකිල්ලක් දක්වන්නන් පැමිණිලි කළහොත් මේ ආයතනවල සමාජ සේවකයෝ එම නිවෙස්වලට ගොස් පැමිණිල්ල ගැන සොයා බලා අවශ්‍ය පියවර ගනිති.
දියුණු රටවල තදබල මානසික ප්‍රශ්න ඇති දරුවෝ බොහෝ වෙති. සිය නිවසේ දී ම නොසලකා හරින ලද, අපයෝජනයට ලක් වූ, මව්පියන්ගේ අඩ දබර නිසා මානසික පීඩනයට ලක් වූ මෙවැනි දරුවන් එම තත්ත්වයෙන් මුදවා ගැනීමට දීර්ඝ කාලීන සේවා සපයන රජයේ හෝ රජයේ නොවන ආයතන තිබේ. දරුවන්ගේ නැති වී ගිය ආත්ම විශ්වාසය යළි ඇති කොට, ඔවුන් පීඩනයෙන් මුදවා, සමාජ විරෝධී ආකල්ප දුරුකරවීම සඳහා විශේෂයෙන් පුහුණු අය, අත්හදා බැලීමෙන් සාර්ථක වූ ක්‍රම සහ විධි අනුගමනය කිරීම මෙවැනි අවස්ථාවල දී සිදු වේ.
උපතින් ම ශාරීරික හෝ මානසික දුර්වලතාවලින් යුත් දරුවන්ට අනාගතයට මුහුණදීමට අවශ්‍ය කුශලතා වර්ධනය කර දීමට, ඔවුන් සමාජයේ පිළිගැනීමක් ලබන අයවලුන් බවට පත්කිරීමට, ඔවුන් තුළ සැඟවී ඇති යම් හැකියාවක් වේ නම්, එය වර්ධනය කර ගැනීමට අවස්ථාව සලසන අටියෙන් විශේෂඥ උපකාර ලබා දීම ද සිදු කෙරේ. ඔවුන්ගේ ජීවිතයට යම් ආලෝකයක් සැපයීම මෙහි පරමාර්ථය වී තිබේ.
ලොව සිදුවන සියලු අපචාරවලට දරුවන් යොදා ගැනීම මහත් ප්‍රශ්නයක් වී තිබේ. දරුවන් මත්ද්‍රව්‍ය වෙළෙඳාමට යොදා ගැනීම, ගැහැණු පිරිමි දෙපක්ෂයේ ම දරුවන් ගණිකා වෘත්තියේ යෙදවීම, යුද පවතින ප්‍රදේශවල අඩු වයස් දරුවන් හමුදා කාර්යයෙහි යෙදවීම, අවි ආයුධ ප්‍රවාහනයේ සහ ඔත්තු බැලීමේ යෙදවීම, දරුවන් රැකියාවන්හි සහ මෙහෙකාරකමෙහි යෙදවීම වැනි ක්‍රියා නිසා ලොව ඇතැම් ප්‍රදේශයන්හි දරුවන්ගේ අයිතිවාසිකම් දරුණු ලෙස පැහැර ගැනීමට ලක් ව තිබේ. මෙය මර්දනය කොට දරුවන්ගේ ළමා කාලය සාර්ථක ව ගත කිරීමට ලබා දෙන බලපෑම් කළ හැකි ජාත්‍යන්තර සංවිධාන අද බිහි වී ඇත.
නීත්‍යානුකූල නොවන දරුවන්ගේ අයිතිවාසිකම් රැක දීම, බාල වයස්වල දී මව්පියන් බවට පත්වූවන්ගේ මානසික පීඩනය අවම කොට ඔවුන්ට උපදේශන සේවා සැපයීම, විසිරුණු පවුල්වල, යුද අනාථයන් බවට පත් වූ හෝ නොසලකා හරින ලද දරුවන්ගේ අනාගතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය සේවා සැපයීමට ද අද සිදු කෙරේ.
දාරකාභිවෘද්ධිය නම් වු සංකීර්ණ ක්‍රියාවලිය සඳහා ම කැප වූ විවිධ ආයතන ලොව පවතී. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල මින් ප්‍රධාන තැනක් ගනී. හදිසි ආපදාවලට මුහුණ දීමට සිදුවීමෙන් අතරමං වූ දරුවන්ගේ ආහාරපාන, ඇඳුම්, බෙහෙත්, හිසට වහලක්, මෙන් ම වසංගත රෝග පැතිර යාම වැළැක්වීම සඳහා ද මෙය හදිසි ආධාර සපයයි. ලොව සියලු දරුවන්ගේ අභිවෘද්ධියට හේතු වන වැඩ පිළිවෙළක් අනුගමනය කිරීමට එය සිය සාමාජිකත්වයට බල කරයි. මේ හැර ‘දරුවන් රැක ගන්න’ (SAVE THE CHILDREN FUND) සංවිධානය ආගමික හා ආගමික නොවන ආයතන ලොව පුරා දාරකාභිවෘද්ධිය අපේක්ෂාවෙන් විවිධ සංවිධාන පිහිටුවා ගෙන පර්යේෂණාත්මක මට්ටමේ උපකාරක සේවා පවත්වති. 'මාරාන්තික ඒඩ්ස් වසංගතයෙන් දරුවන් බේරා ගැනීමට’ ආසාදිත දරුවන්ගේ ජීවිතය පහසු කිරීමට හා සමාජය දැනුවත් කිරීම සඳහා මහත් වෙහෙසක් ගන්නා සංවිධාන ද අද පිහිටුවා තිබේ. දරුවන් අපේ අනාගතය බවත් ඔවුනට සිය ළමා කාලය උපරිම වශයෙන් ගෙවීමට ඇති අයිතිය තහවුරු කිරීම වැඩිහිටි පරපුරේ වගකීම බවත් සලකා, දරුවන්ට හිමි විය යුතු ආදරය සහ ආරක්ෂාව සැලසේ නම් සියලු දාරකාභිවාද්ධි වැඩපිළිවලින් බලාපොරොත්තු වන්නේ එයයි.
ලංකාවේ දාරකාභිවෘද්ධිය
ලංකාවේ දාරකාභිවෘද්ධි කටයුතු කෙරෙහි රජය යොමු වූයේ 1944 වසරේ දී ය. අත්හරින ලද දරුවන් හෝ වීදි දරුවන්, බන්ධනාගාරගත වූ දෙමව්පියන්ගේ දරුවන්ගේ සුරක්ෂිතතාව පතා එම වසරේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ම කොටසක් ලෙස පරිවාස හා ළමා ආරක්ෂක අංශයක් පිහිටුවන ලදි. 1956 වසරේ දී විශේෂ ළමාරක්ෂක කොටසක් මෙයට එක් කරන ලදි. පසු කලක මෙය සමාජ ශුභසාධන හා පුනරුත්ථාපන අමාත්‍යංශය යටතට පත් කරන ලදි. මේ යටතේ වෘත්තීය අධ්‍යාපන ආයතන, රජයේ භාර ගැනීමේ ළමා නිවාස, ස්වේච්ඡා ළමා නිවාස, මන්දපෝෂිත දරුවන්ට ප්‍රතිකාර හා පෝෂණය ලබාදීමේ වැඩ පිළිවෙළ ආදිය ක්‍රිියාත්මක කරන ලදි.
සරල ලාංකීය සමාජයේ දාරකාභිවෘද්ධි කටයුතු ද සරල වූ නමුත් ක්‍රමයෙන් රටේ ජනගහණය වැඩිවීම, මවුවරුන් රැකියාවල යෙදීම, පියවරුන් මතට ඇබ්බැහිවීම, ස්වභාවික ආපදා, දෙමාපිය රැකියා වියුක්තිය හා යුද්ධය නිසා මේ ප්‍රශ්න වඩාත් සංකීර්ණ විය. නිවස තුළදී ම අපයෝජනයට හා වද හිංසාවලට දරුවන් ලක්වීම, බාල වයස් දරුවන් මෙහෙකාරකමෙහි හා වෙනත් මුදල් ඉපයීමේ කටයුතුවල යෙදවීම, මන්ද පෝෂණය, දෙමාපියන් නොසලකා හැරීම නිසා අනාථභාවයට පත්වීම, දෙමාපියන් විදේශ රැකියාවලට යාම නිසා දරුවන් අනාරක්ෂිත තත්වයට පත්වීම, දරුවන් බලහත්කාරයෙන් යුද කටයුතුවලට යොදවා ගැනීම, බාල වයස්කාර දැරියන් ගණිකා වෘත්තියෙහි යෙදවීම, දරුවන් ඒඩ්ස් වසංගතයට ගොදුරු වීම වැනි බරපතල ප්‍රශ්න ක්‍රමයෙන් උග්‍ර වීම නිසා දාරකාභිවෘද්ධිය පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමට රජයටත් මුළු සමාජයටමත් සිදු විය.
රජයේ හා රාජ්‍ය නොවන සංවිධාන මඟින් අනත් දරු නිවාස පවත්වා එම දරුවන් යහපත් පුරවැසියන් කරවීම සඳහා මුල සිට ම ක්‍රියා කරන ලදි. මන්ද පෝෂණය දුරුකරලීම සඳහා මාතෘ හා ළමා සායනන පවත්වා මව්වරුන් දැනුවත් කිරීමත්, අවශ්‍ය පෝෂ්‍ය වර්ග ලබා දීම හා පාසැල් දරුවන්ට දිවා ආහාර වේලක් ලබා දීමේ ක්‍රියා පිළිවෙල පවත්වාගෙන යන ලදි. පවුලේ ආර්ථිකය අනුව දරුවන් ගණන සීමා කර ගැනීමේ අවශ්‍යතාව සමාජයට ඒත්තු ගන්වා ඒ සඳහා අවශය පහසුකම් හඳුන්වා දෙන ලදි. නව නීති සම්පාදනය කොට දරුවන් අපයෝජනයෙන්, කෲරකමින් වලක්වාලීමේ වැඩ පිළිවෙළ දියත් කෙරිණ. වයස 5-14 අතර දරුවන්ට අනිවාර්ය අධ්‍යාපනයක් ලබා දීමේ කාර්යය සාර්ථක කර ගැනීම සඳහා නව අණපනත් හා දැනුවත් කිරීම් සිදු කෙරේ. මෙහිදී වීදි දරුවන්ට, උප්පැන්න සහතික නැති දරුවන්ට හා දෙමාපියන්ගේ අන්ත දිළිඳුකම නිසා දරුවන් පාසැලට යැවීමේ හැකියාවක් නැතිකමින් පාසැල් නොයන දරුවන්ට අධ්‍යාපනය ලබා දී අසාක්ෂරතා අනුපාතය අඩුකිරීම සඳහා විවිධ ක්‍රියා පිළිවෙළ ආරම්භ කර තිබේ. වයස 14ට අඩු දරුවන් මෙහෙකාරකමේ හෝ රැකියාවන්වල යෙදවීම නැවැත්වීම සඳහා නීති හඳුන්වා දී ඇත. රැකියාවල යෙදෙන මව්වරුන්ගේ දරුවන් රැක බලා ගැනීම සඳහා දිවා සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවීමෙන් දරුවන්ට ආරක්ෂාවත් සමාජ හුරුවත් ලැබේ. දිළිඳු මව්පියන්ගේ දරුවන් සිය නිවසේ සිටියදී ම ඔවුන්ගේ යහපත් වර්ධනය සඳහා අත දිය හැකි කැපකරු දෙමාපිය ක්‍රමයක් හඳුන්වා දීමෙන් එවැනි දහස් ගණනක් දරුවන්ගේ ජීවිතවලට ආලෝකය ලැබී ඇත. නීත්‍යානුකූල ව දරුකමට හදා ගැනීමට දීම තුළින් මෙරට සහ විදේශීය පවුල්වල සාමාජිකයන් සේ වැඩීමට විශාල සංඛ්‍යාවක් දරුවන්ට ඉඩ ලැබිණ. දඩබ්බර ළමයින් පරිවාස අධිකාරිය යටතේ යහපත් පුරවැසියන් කිරීමේ වැඩ පිළිවෙළ මුල සිට ම පැවතිණ.
ශාරීරික හෝ මානසික දුබලතා හේතුවෙන් සමාජයේ කොන්වීමට දරුවන්ට ඉඩ නොදී ඔවුන් සිය ජීවිතයේ එදිනෙදා කටයුතු කර ගැනීමට තරම් පුහුණු කිරීමත් ඔවුන්ගේ ජීවිතවලට ආලෝකයක් ලබා දීමටත් යම් යම් කාර්යයන්හි අත හුරු කරවීමටත් විශේෂ ආයතන රැසක් පිහිටුවා තිබේ.
දාරකාභිවෘද්ධි කටයුතු මෙහෙයවීමටත් අධීක්ෂණයටත් ළමා ආරක්ෂණ අධිකාරිය පිහිටුවා තිබේ. ලංකාව ද එක්සත් ජාතීන්ගේ ළමා ප්‍රඥප්තිය පිළිගෙන ඇති බැවින් ඒ මඟින් කෙරෙන නිර්දේශ මෙරට ක්‍රියාත්මක කිරීමට උත්සුක වෙයි. දරිද්‍රතාව හා නොදැනුවත්කම සහ මාතෘ මර්න්‍යතාව අඩුකිරීම සඳහා රට පුරා දැනුවත් කිරීමේ වැඩ පිළිවෙළ දියත් කොට තිබේ. ළදරු උයන් පවත්වාගෙන යාම සහ ප්‍රාථමික අධ්‍යාපන ආයතන පවත්වාගෙන යනු ලැබේ.
(කර්තෘ: අඥාතයි)
(සංස්කරණය නොකළ)