"ශ්‍රී රාමචන්ද්‍ර චන්ද්‍රභාරතී" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් අතරමැදි සංස්කරණ 2ක්) | |||
11 පේළිය: | 11 පේළිය: | ||
ශ්‍රී චන්ද්‍රභාරතී පඬිවරයා විසින් ලියන ලද භක්තිශතකය තරම් අගනා වෙනත් සංස්කෘත ග්‍රන්ථයක් අද දක්වා ලියැවී නැති බව කියැවේ. | ශ්‍රී චන්ද්‍රභාරතී පඬිවරයා විසින් ලියන ලද භක්තිශතකය තරම් අගනා වෙනත් සංස්කෘත ග්‍රන්ථයක් අද දක්වා ලියැවී නැති බව කියැවේ. | ||
− | (කර්තෘ: [[ | + | (කර්තෘ: [[සුමනා ඇල්ලේපොල]]: 2002) |
(සංස්කරණය නොකරන ලද) | (සංස්කරණය නොකරන ලද) | ||
− | |||
== ආශ්‍රිත ග්‍රන්ථ: == | == ආශ්‍රිත ග්‍රන්ථ: == |
14:25, 16 අප්‍රේල් 2024 වන විට නවතම සංශෝධනය
කෝට්ටේ යුගයේ රාජ්‍ය විචාල සිරි පැරකුම්බා රජු දවස ලංකාවේ සාහිත්‍ය උන්නතියක් සිදුවිය. සිංහල පමණක් නොව පාලි සහ සංස්කෘත භාෂාවලින් ද ග්‍රන්ථ ගණනාවක් ලියැවිණ. සාහිත්‍ය උන්නතියට මහත් සේ රුකුල්දුන් උතුරුමුල හා මහනෙත් පාමුළ ආයතන දෙකත් එකල ජීවත් වූ කීර්තිමත් සාහිත්‍යධරයන් වූ වීදාගම මෛත්‍රෙය, තොටගමුවේ ශ්‍රී රාහුල වැනි යතිවරුත් නිසා ශ්‍රී ලාංකිකයන් පමණක් නොව විදේශීය උගත්තු ද මෙහි පැමිණ ශිල්ප ශාස්ත්‍ර හදාරා මෙහි දී සාහිත්‍ය කෘතීන් බිහි කළහ. චන්ද්‍රභාරතී එවැනි පඬිවරයෙකි.
ශ්‍රී රාමචන්ද්‍ර භාරතී, ශ්‍රී රාමචන්ද්‍ර කවි භාරතී, ශ්‍රී රාමචන්ද්‍රක විභාරතී යන නම්වලින් ද හැඳින්වෙන මොහු ඉන්දියාවේ මගධයේ ගෞඩ දේශයේ උපන් බ්‍රාහ්මණයෙකි. තමා කෘත්‍යායන ගෝත්‍රයට අයත් අයකු බව ඔහුගේ ග්‍රන්ථවල දැක්වේ. 15 වැනි සියවසේ මැද භාගයේ ලංකාවට පැමිණ වීදාගම පන්සලේ දී බණදහම් උගත්තේ පසුව බෞද්ධයකු විය.
තොටගමුවේ ශ්‍රී රාහුල හිමිගෙන් පද සතර උගත් මොහු තර්ක, ව්‍යාකරණ, කාව්‍ය, නාටක ආදී ශාස්ත්‍රයන්හිත් සංස්කෘතික භාෂාවේත් පරතෙරට පැමිණි බව කියැවේ. කේදාරභට්ට පඬිවරයා විසින් ලියන ලද වෘත්තරත්නාකරයට විස්තර විවරණයක් හෙවත් වෘත්තරත්නාකර පඤ්චිකාව ඔහු අතින් ලියැවුණේ 1446 වර්ෂයේ දී ය. මෙහි මීට පෙර ඔහු විසින් ම ලියන ලද භක්තිශතකයේ ශ්ලෝක කිහිපයක් ද ඇත. භක්තිශතකය ශ්ලෝක 107කින් යුත් බුද්ධ ස්ත්‍රොත්‍ර ග්‍රන්ථයකි. පසුකලෙක වෘත්තමාලාව නම් ග්‍රන්ථයක් ද මොහු විසින් ලියන ලදි. ශ්ලෝක 52කින් යුත් මෙය මහනෙත් පාමුළ පදවිය දැරූ රම්මුංගොඩ හිමියන් වර්ණනා කිරීම සඳහා ලියන ලද්දකි.
චන්ද්‍රභාරතී පඬිවරයාගේ භක්තිශතකය එකල රටේ මහත් ජනප්‍රියභාවයට පත් වූ ග්‍රන්ථයක් විය. මෙය ලිවීම නිසා එකල රජකළ සිරි පැරකුම්බා රජු වෙතින් මොහුට 'බෞද්ධාගම චක්‍රවර්ති' පදවිය ලැබිණ. බෞද්ධ ශතකය තේරුම් ගැනීම පහසු කරවනු පිණිස මංගල නම් හිමි විසින් එයට සිංහල සන්නයක් ද ලියන ලදි.
චන්ද්‍රභාරතී පඬිවරයා පිළිබඳ කියැවෙන ජනප්‍රවාදයක් ද වේ. වීදාගම පන්සලෙන් සිය අධ්‍යාපනය ලබා පසුව සිය රට ගිය චන්ද්‍රභාරතී එහි දී බෞද්ධ ශතකය ලියා, එම ග්‍රන්ථය ද රන් ගුලියක් ද රැගෙන නැවත වීදාගම පිරිවෙණට ආවේලු. එකල එහි ඉතා හොඳ පොත් ගුලක් තිබුුණේලු. තමා ගෙන ආ පොත එම පොත් ගුලේ තිබේදැයි බැලීමට ලොකු හාමුදුරුවන්ට දුන් බවත් ඉඟියක් කළ එතුමා බෞද්ධ ශතකය පොතක් පොත් ගුලේ තිබේදැයි බලන ලෙස පොඩි හාමුදුරුවන්ට කීවේලු. ලොකු හාමුදුරුවන්ගේ ඉල්ලීම පරිදි චන්ද්‍රභාරතී තමා ගෙනා පොත ඇසෙන්නට කියූ අතර ඇතුළේ සිටි පොඩි හාමුදුරුවන් එය පිටපත් කොට, කළු මැද ගෙනැවිත් පෙන්නුවේලු. පසුව චන්ද්‍රභාරතී තමා ගෙන ආ පොත හා රන් ගුලිය නායක හිමියන්ට පූජා කළ අතර පසු කලෙක පෘතුගිසීන් විසින් ගිනිතබා වීදාගම පිරිවෙණ විනාශ කළ පසු නැතිවූ රන් ගුලිය පසු කලෙක යළිත් හමුවුණේලු. එයින් අඩක් දළදා මාළිගයට පූජා කරන ලද අතර ඉතිරි භාගයෙන් අඟල් 11,1/2ක් විශාල වූ රන් කරඬුවක් සාදන ලද්දේලු.
ශ්‍රී චන්ද්‍රභාරතී පඬිවරයා විසින් ලියන ලද භක්තිශතකය තරම් අගනා වෙනත් සංස්කෘත ග්‍රන්ථයක් අද දක්වා ලියැවී නැති බව කියැවේ.
(කර්තෘ: සුමනා ඇල්ලේපොල: 2002)
(සංස්කරණය නොකරන ලද)
ආශ්‍රිත ග්‍රන්ථ:
1. බෞද්ධශතකය, චන්ද්‍රභාරතී.
2. සිංහල සාහිත්‍යවංශය - පී.බී.සන්නස්ගල
3. සිංහල වෙහෙරවිහාර - ජේ.බී.දිසානායක
4. සද්ධම්ම සඞගහ - ගම්මැද්දේගොඩ පුඤ්ඤාසාර හිමි.