"මා නැකත" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) ('මෙය සත්විසි නැකත්වලින් දස වැන්න ය. මා නැකත නඟු...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
08:40, 13 මැයි 2024 වන විට නවතම සංශෝධනය
මෙය සත්විසි නැකත්වලින් දස වැන්න ය. මා නැකත නඟුලක ආකාර ඇති කාලවර්ණ තරු පසකින් යුක්ත ය. එය ගෙයක නොහොත් ඉදෝලියක ආකාර ඇතැයි ඇතැම් මතයි. මේ නැකත් රාක්ෂ ගණයි, මූෂික යොනියි, නුග වෘක්ෂයි, පිංගල පක්ෂීයි, ආපො භූතයි, වශිෂ්ට ගෝත්රයි, ශුද්‍ර වර්ණයි, පුරුෂ ලිංගයි, අන්ත්‍ය නාඩියි, පාද රජ්ජුයි, අධොමුඛයි, මධ්‍ය ලොචනයි. අග්නි මණ්ඩලයට අයත් මේ නැකතට පීතෘ දේවතාවා අධිපති ය. රාශිචක්රයේ මධ්‍යම මාර්ගය වූ වෘෂභ විථියෙන් කොටසක් මේ නැකතට අසුවේ. මෙය උදාවී ඝටිකා තිහක් ගත වූ තැන ඝටිකා සතරක් විෂ බැවින් ඒ කාලය ගමනෙහි අශුභයි. නැකත ආරම්භ වී ඝටිතා දෙකක් ගත වූවාට පසු තලමිශ්ර ආහාර අනුභව කොට උතුරු බටහිර දිශාවන්ට යෑමෙන් ශුභඵල ගෙන දේ. මේ නැකතින් උණ රෝගය වැළදුනහොත් ප්රාණභය ඇති වේ. නොහොත් දින විස්සක් ගත වනතුරු අරිටුවේ. එකල පීතෘ දේවතා ප්‍රතිමාවක් තනා කළු අගිල්, සපුමල්, ගිතෙල් මිශ්‍ර ගුගුල් දුම්, පූප වර්ග, තල, සහල් ආදියෙන් කළ ආහාර, ගිතෙල් ආදිය නියමිත මන්ත්‍රවලින් ජපකර උතුරු දිග බලිතැබීමෙන් දින විසිඑකකින් සුව වේ. කළුපාට ගවදෙනක් ද පිදිය යුතුයි. මේ නැකත ඉරු දිනක යෙදුනහොත් අවයොගයි. සඳු දිනයෙහි අවයොගයි. කුජ දිනයෙහි අවයොගයි. බුධ දිනයෙහි ශුභ යොගයි. ගුරු දිනයෙහි අවයොගයි. කිවි දිනයෙහි කාණ යොගයි. ශනි දිනයෙහි ශුභ යොගයි. රක්තා තිටියක් සමඟ යෙදුණ විට නිර්ජීව යොගයි. විසේනිය සමඟ යෙදුණ විට ප්වාලාමුඛ යොගයි. බෙරණ නැකතෙහි ක්‍රෑර ග්‍රහයෙක් සිටින විට මහාශුල යොගයි. ඉල් මාසයෙහි ශුන්‍ය දොසයි. මේ නැකතින් උත්පාත දර්ශනයක් වී නම් දුර්භික්ෂ හා අග්නි භය ඇති වේ. මා නැකතින් මල්වර වූ කන්‍යාතොමෝ ශොක ඇත්තියක් වන්නී ය. ඉතිහාස, ප්රවෘජ්යාදිය පිළිබඳ ඉගෙනීමෙහි ද මන්ත්‍ර ප්‍රයෝග, විවාහ, වැව් ලිං පොකුණු කරවීම, භූමාරම්භ, වනාරම්භ, දූකෙළි, කන්විදීම් ආදියෙහි ද මේ නැකත ශුභයි. මා නැකතින් උපන් තැනැත්තේ අනුන් වසඟ කිරීමෙහි සමර්ථ, වහා කිපෙන ස්වභාවය, ස්වකීය භාර්ය්යවට ප්‍රිය කිරීම, කාමුක ගතිය, ශිල්ප කර්මයන්හි ඇලීම, අල්ප බුද්ධිය, නෑයන්ට උපකාර කරන ගතිය, සියලු කාර්‍ය්‍යයන්හි නිපුණ බව, නිතර රෝගයෙන් පෙලීම, ශරීරයෙහි අධොභාගයෙහි තිලක හා මත්ස්‍ය ලකුණු ඇති වීම, ඇස් රතු පැහැයෙන් යුක්ත වීම, මනා හික්මීම යන මේවායින් යුත් ධනවතෙක් වේ. මේ නැකතේ ප්‍රථම පාදය කුජට හිමි ය. එහි උපන්නේ රතු පැහැයෙන් යුත් සිරුර, මුහුණ හා ලොම් ඇත්තා වූ පිඟුවන් නේත්‍ර සහිත උත්සාහවත් වූද මහත් කොට ගන්නාසුලු වූද තැනැත්තෙක් වේ. දෙවන පාදය කිවිට හිමි ය. එහි උපන්නේ අර්ශස් රෝග, නොහික්මුණ ස්වභාව, වට ඇස් හා සෙම් රෝග සහිත නිෂ්ඵල සිතිවිලි හා අභ්‍යාස ඇත්තෙක් වේ. තුන්වන පාදය බුධට අයිති ය. එහි උපන්නේ යහපත් බුද්ධියක් ඇති ශාස්ත්‍රයෙහි නිපුණ ඥානවන්තයෙක් වේ. සතරවන පාදය සඳුට හිමි ය. එහි උපන් තැනැත්තේ ස්ත්‍රීන් කෙරෙහි ප්‍රිය වූ, කථාවෙහි දක්ෂ, දත් රෝග ඇති, කාමයෙහි ලොල් වූ අලසයෙක් වේ. මා නැකතින් උපන් ජන්මයාට පළමුවෙන් ඇති වන්නේ කේතුගේ නක්ෂත්ර මහාදශාව ය. මේ නැකතේ පාද හතරට මා, මි, මූ, මෙ යන අකුරු සතර හිමි වේ. නම්තැබීමේ දී උපන් නැකත් පාදයට වැටෙන අකුර මුල්කර ගැනීම මෙහි ප්‍රයෝජනයි. අර්ජුන කුමාරයාගේ උත්පත්තිය සිදු වූයේ ද මා නැකතිනි.
(කර්තෘ: ඩී.ආර්. සෙනෙවිරත්න: 1956)
(සංස්කරණය නොකළ)