"මහාකාල" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ශිවගේ අවතාර අතුරෙන් එකෙකි. උජ්ජයිනි නගරයේ ක්‍...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

11:39, 13 මැයි 2024 වන විට නවතම සංශෝධනය

ශිවගේ අවතාර අතුරෙන් එකෙකි. උජ්ජයිනි නගරයේ ක්‍ෂිප්‍රා (සිප්‍රා) නදී තීරයෙහි ඇති මහාකාල නම් තීර්‍ථ ස්ථානය මේ අවතාරයේ නිවාසභූමිය හැටියට සලකති. එය ද්වාදශ ජ්‍යොතිර්ලිඞගයන්ගෙන් එකක් හැටියට ද ප්‍රසිද්ධ ය. එහි උපලිංගය දුග්ධෙශ් නමින් හැඳින්වෙයි. මෙම අවතාරය මඟින් කරන ලද ගර්‍ජනයෙන් දූෂණ නම් වූ අසුරයකු භස්ම බවට පත් වූ බවට ශතරුදු සංහිතාවෙහි දැක්වේ. එපමණක් නොව බ්‍රහ්මයාගේ පස්වන ශීර්‍ෂය විනාශ කර දමන ලද්දේ ද මෙම අවතාරය විසිනැයි ස්කන්ධ පුරාණයේ පැවැසේ.

(කර්තෘ: ඩී.ආර්. සෙනෙවිරත්න)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=මහාකාල&oldid=5567" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි