"තිරක්වා අහමද් ජාන්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('නව භාරතයේ විශිෂ්ටතම තබ්ලා වාදකයන් අතුරෙහි ලා...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

18:26, 11 ජූනි 2024 වන විට නවතම සංශෝධනය

නව භාරතයේ විශිෂ්ටතම තබ්ලා වාදකයන් අතුරෙහි ලා ගැණෙන මොහු නිදහස් ඉන්දියානු සමූහාණ්ඩුවෙන් සංගීත ඥානයට පිරිනැමෙන ජනාධිපති ත්‍යාගය ලැබූවෙකි.

රාම්පුර්හි උපන් තිරක්වා ස්වකීය ජීවිතය ආරම්භ කෙළේ බාල ගන්ධර්ව විසින් සංවිධානය කරන ලද නාටක මණ්ඩලයට බැඳී කටයුතු කිරීමෙනි. අවුරුදු පසළොසකට නොඅඩු කාලයක් තබ්ලා වාදනයෙහි පුහුණු වූ මොහු පසු කලෙක රාම්පූර්හි රාජකීය සංගීතඥයා වශයෙන් පත් කර ගනු ලැබීය. "දිල්ලි භාජ්" නම් ඝරාණාවට හෙවත් ගුරුකුලයට අයත් වන තිරක්වා, උස්තාද් යන සම්මාන නාමයෙන් හඳුන්වනු ලැබේ. විශිෂ්ටතම සහාය වාදකයකු සහ එකලා වාදකයකු වශයෙන් කීර්තියට පත් මොහුගේ තබ්ලා වාදනශෛලිය අතිශයින් ශ්‍රේෂ්ඨය. මොහු විසින් පුහුණු කරනු ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව විශාලය.

(සංස්කරණය: 1965)