"අහමදු අහිජෝ" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(1922 - ). කැමරූන් සමූභාණ්ඩු රාජ්‍යයේ ජනාධිපතිවරයා...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

23:50, 12 ජූනි 2024 වන විට නවතම සංශෝධනය

(1922 - ). කැමරූන් සමූභාණ්ඩු රාජ්‍යයේ ජනාධිපතිවරයාය. උතුරු කැමරූන් ප්‍රදේශයේ ගැරූආ (Garoua) අගනුවර දී මොහුගේ උපත සිදුවිය. තරුණ මුසල්මාන් ව්‍යාපාරයේ (Jeunes Musulmars Movement) නායකයා වූ ඔහු උතුරු හා දකුණු පෙදෙස් අතර මිතුරුකම් ඇතිකිරීම ගැන විශේෂයෙන් ම සැලකිලිමත් විය.

අග්‍රාමාත්‍ය ම්බිඩා (Mbida) යටතේ උතුරු කැමරූන් ප්‍රදේශයේ පිහිටුවනු ලැබූ ප්‍රථම අප්‍රිකානු ජාතික ආණ්ඩුවේ උපඅගමැති හා අභ්‍යන්තර කටයුතු භාර ඇමති වශයෙන් ද හෙතෙම ක්‍රියා කෙළේය. තම රට භාරකාර තත්වයෙන් මුදා ගැනීම සඳහා ප්‍රංසය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ යෙදුණු සාකච්ඡාවලට හේ සහභාගි විය.

1958 පෙබරවාරියේ දී අර්බුදයක් ඇති වී අගමැති ම්බිඩාට ආණ්ඩු පක්ෂයේ සහ යෝගය නැතිවිය. විශේෂයෙන් ම ඔහු ප්‍රංස ජාතිකයන් සමඟ පමණට වඩා මිත්‍ර යයි බොහෝ සාමාජිකයෝ සිතූහ. මේ අවස්ථාවේදී අහිජෝ තමාගේ ම පක්ෂයෙන් (Union Cameruoruise) අලුත් ආණ්ඩුවක් පිහිටුවිය. 1960 ජනවාරි 1 වැනි දා රටට නිදහස ලැබුණේය. ජනාධිපතියකු යටතේ ආණ්ඩු ක්‍රමයක් පිහිටුවීමට ව්‍යවස්ථා පනතක් ඇති කරනු වස් ජන සම්මුතිය ලබාගැනීම සඳහා 1960 පෙබරවාරි මාසයේ ජනමතවිචාරණයක් පවත්වන ලදි. මෙහි දී අහිජෝට ලැබුණු වැඩි ඡන්දය ස්වල්ප විය. 1960 අප්‍රියෙල් ඡන්ද විමසීමේ දී අසුන් 100කින් 89ක් දිනාගත් අහිජෝ කැමරූන් සමූහාණ්ඩුවේ ජනාධිපතියා වශයෙන් පත්විය. අහිජෝ කැරලි මැඩපවත්වා ගැනීම සඳහා ප්‍රංස යුද්ධ භටයන් යොදවන හෙයින් උතුරු කැමරූන් සමූහාණ්ඩුව නියම නිදහස් රටක් වශයෙන් පිළිගැනීමට ගිනියාව හා ඝානාව ද මැළිවිය.

දකුණු කැමරූන් පෙදෙසත් උතුරු කැමරූන් පෙදෙසත් ඒකාබද්ධ කිරීම සඳහා අහිජෝ දකුණු කැමරූන්හි අග්‍රාමාත්‍ය ජෝන් ෆාන්වා සමඟ 1960 දී සාකච්ඡාවල යෙදුණේය. 1961 පෙබරවාරියේ දී ඡන්ද විමසීමක දී දකුණු කැමරූන් පෙදෙස කැමරූන් සමූහාණ්ඩු රාජ්‍යය සමඟ ඒකාබද්ධ වීමට දැඩි කැමැත්ත දැක්වීය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අහමදු_අහිජෝ&oldid=5625" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි