"අළුබෝ" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(සිසිගියුම් මකුල් - Syzygium makul Gaertn,) මෙය මිර්ටාසේ (Myrtaceae)...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

01:27, 13 ජූනි 2024 වන විට නවතම සංශෝධනය

(සිසිගියුම් මකුල් - Syzygium makul Gaertn,) මෙය මිර්ටාසේ (Myrtaceae) හෙවත් ජම්බු කුලයට අයත් ලොකු ගසකි. එහි පොත්ත සිනිඳුය; අළු පාටය. කොළ අඟල් 3 සිට 5 දක්වා දිගය. අප්‍රේල් සිට ජූනි දක්වා ඝන පොකුරු වශයෙන් සුදු පාට කුඩා මල් පිපේ. පුෂ්පමංජරිය අග්‍රස්ථ බහු අක්ෂයකි (cyme). ඵලය තද දම් පාටය, අඟල් ½ක් පමණ දිගය.

ලංකාව ජන්ම භූමි කොට ඇති මේ ශාකය මුහුදු මට්ටමේ සිට අඩි 3,000ක් පමණ උස ඇති තෙත් ප්‍රදේශවල තරමක් බහුලය. අළුබෝ ලීය රත් පැහැයට හුරු අළු පාටකින් යුක්තය; සිනිඳුය; කල් පවතිනසුලුය.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අළුබෝ&oldid=5635" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි