"අල් බවාරීස්මි" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Al-Khwarizmi). (780–850). ක්‍රි.ව. 9 වන සියවසෙහි විසූ පර්සියාන...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

10:18, 13 ජූනි 2024 වන විට නවතම සංශෝධනය

(Al-Khwarizmi). (780–850). ක්‍රි.ව. 9 වන සියවසෙහි විසූ පර්සියානු ගණිත විද්‍යාඥයෙකි. මොහු උපන්නේ කැස්පියන් මුහුදට නැගෙනහිරින් පිහිටි ඩ්වාරිස්මි නම් පෙදෙසෙහිය. එය අද බීවා නමින් හැඳින්වේ.

ගණිතය පිළිබඳව අරාබියේ පළ කැරුණු ග්‍රන්ථවලින් ඉතා ම උසස් ලෙස සැලකෙන්නේ මොහුගේ 'අංක ගණිතය' නමැති ග්‍රන්ථයයි. එහි භාවිත කරන ලද අරාබි අංක නමින් හැඳින්වෙන අංකන ක්‍රමය ඔහු විසින් ඉන්දියාවෙන් ලබාගන්නා ලදි. නක්ෂත්‍ර විද්‍යාඥයකු ද වූ ඔහු සිය නක්ෂත්‍ර ගණිතචක්‍රවල හා ලිත්වල ද ඉන්දියානු අංක භාවිත කෙළේය. ඔහුගේ නක්ෂත්‍ර ලිත් මුස්ලිම්-ස්පාඤ්ඤයේ සංශෝධනය කරනු ලැබ ශතවර්ෂ ගණනක්ම පෙර අපර දෙදිග භාවිත විය. පැරණි ම ත්‍රිකෝණමිති (Trigonometry) චක්‍ර පිළියෙල කිරීමේ ගෞරවය ද ඔහුට හිමි වේ. සුප්‍රසිද්ධ කාලිප්වරයකු වූ අල් මාමුන්ගේ ආරාධනයෙන් සම්පාදිත භූගෝලවිද්‍යා විශ්වකෝෂයේ කර්තෘවරුන් 70 දෙනා අතර ඔහු ද කෙනෙකි. දහසයවන සියවස තෙක් යුරෝපීය විශ්වවිද්‍යාලයන්හි භාවිත කරන ලද 'අනුකූලනයේ හා සමීකරණයේ ගණනය' (Calculation of Integration and Equation) නම් ග්‍රන්ථය ඔහුගේ කෘතියක පරිවර්තනයකි. වීජගණිතවාචී 'ඇල්ජිබ්රා' යන වචනය බටහිරට ලැබුණේ ද මොහුගෙනි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අල්_බවාරීස්මි&oldid=5642" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි