"අල් ජවුහරි අබුනසර්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(? - 1002). අරාබි භාෂාවට උසස් සේවයක් කළ කෝෂ ග්‍රන්ථක...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

13:18, 13 ජූනි 2024 වන විට නවතම සංශෝධනය

(? - 1002). අරාබි භාෂාවට උසස් සේවයක් කළ කෝෂ ග්‍රන්ථකාරයෙකි.

තුර්කිස්ථාන් දේශසීමාවේ පරාබිහි උපන් මෙතෙමේ පරාබ් සහ බැග්ඩෑඩ් යන නගරවල දී සිය අධ්‍යාපනය ලැබීය.

'කිතාබ් උස් ෂහාහ් පිල් - ලුස' නම් අරාබි ශබ්දකෝෂය අල් ජවුහරිගේ විශිෂ්ටතම කෘතියයි. මේ කෘතිය අවසන් කිරීමට පෙර ඔහු මිය ගියෙන් එය නිමවන ලද්දේ ඔහුගේ ගෝලයකු වූ අබු ඉෂක් ඉබ්‍රාහීම් උල්වරාක් විසිනි.

(සංස්කරණය: 1965)