"අශෝකාරාමය-2" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('අනුරාධපුරයේ පංකුලියෙහි පිහිටා ඇති විහාරයක් අ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

09:11, 3 ජූලි 2024 තෙක් සංශෝධනය

අනුරාධපුරයේ පංකුලියෙහි පිහිටා ඇති විහාරයක් අශෝකාරාමය නමින් හඳුන්වනු ලැබේ. එහි පැරණි නම අවිනිශ්චිතය. ඉතිහාසයෙහි හෝ සාහිත්‍යයෙහි මෙ නම් විහාරයක් සඳහන් නොවේ. සාලි රාජකුමාරයා ස්වකීය භාර්යාව වූ අශෝකමාලාවගේ නමින් අශෝකාරාමය කරවන ලද්දේ යයි ද ඔවුන්ගේ ප්‍රේම වෘත්තාන්තය හා සම්බන්ධ මල් උයනෙහි එය පිහිටා ඇත්තේ යයි ද ජනප්‍රවාදයෙහි එයි. එහි ගල් අසුනක් මත දක්නා ලැබෙන බුදු පිළිමය විශිෂ්ට කලා කෘතියකි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අශෝකාරාමය-2&oldid=5713" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි