"අශ්ව ක්ෂමතාව" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(Horse Power). වනාහි කාර්‍ය්‍ය කිරීමේ ශීඝ්‍රතාව මනින ම...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

09:49, 3 ජූලි 2024 වන විට නවතම සංශෝධනය

(Horse Power). වනාහි කාර්‍ය්‍ය කිරීමේ ශීඝ්‍රතාව මනින මිනුමකි. කාර්‍ය්‍ය කිරීමෙහි දී ශක්තිය එක් ආකාරයක සිට වෙනත් ආකාරයකට පරිවර්තනය වීමේ ශීඝ්‍රතාව දැනගැනීම, කෙරෙන්නා වූ මුළු කාර්‍ය්‍ය ප්‍රමාණය දැනගැනීම මෙන් ම වැදගත් වෙයි. නැතහොත් ඊටත් වඩා වැදගත් වෙයි. හුමාල ඇන්ජිමක් හෝ විදුලි මෝටරයක් (බ.) ගැන සලකා බලන විට යන්ත්‍රයේ ප්‍රයෝජනවත්කම රඳා පවත්නේ යාන්ත්‍රික ශක්තිය නිපදවීමේ ශීඝ්‍රතාව උඩ ය. කාර්ය කිරීමේ ශීඝ්‍රතාවට ක්ෂමතාව යැයි කියනු ලැබේ. ක්ෂමතාවේ ස්වාභාවික ඒකකය සෙන්ටිමීටර-ග්රෑම්-තත්පර (C.G.S.) ක්‍රමය අනුව තත්පරයට අර්ග (erg) එකකි. බ්‍රිතාන්‍ය ක්‍රමය අනුව නම් තත්පරයට අඩි-රාත්තල් (foot–pound) එකකි. මේ ඒකක ඉතා කුඩා බැවින් ප්‍රායෝගික වැඩට සුදුසු නොවේ. එහෙයින් ඒ සඳහා ඒවායේ ගුණාකාර භාවිත කරනු ලැබේ. බ්‍රිතාන්‍ය ක්‍රමය අනුව භාවිතයෙහි පවත්නා ඒකකය මිනිත්තුවට අඩි රාත්තල් 33,000කි. මේ ඒකක යට අශ්ව ක්ෂමතාවක් යැයි කියනු ලැබේ. එක් අශ්ව ක්ෂමතාවක් වොට් (බ.) 746.2ට සමාන ය.

අශ්ව ක්ෂමතාව නමැති පාරිභාෂික ශබ්දය ව්‍යවහාරයට ගෙන එහි අගය නිශ්චය කරන ලද්දේ ජේම්ස් වොට් (බ.) විසිනි. ඔහු විසින් එසේ කරන ලද්දේ ශක්තිමත් අශ්වයන්ගේ ඇදීමේ බලය පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමෙනි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අශ්ව_ක්ෂමතාව&oldid=5715" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි