"ආගස්" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('ග්‍රීක දේව කථාවන්හි සඳහන් වන දැවැන්ත පුරුෂයෙ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
15:04, 4 ජූලි 2024 තෙක් සංශෝධනය
ග්‍රීක දේව කථාවන්හි සඳහන් වන දැවැන්ත පුරුෂයෙකි. ඇඟ පුරා ඇස් තිබුණු හෙයින් නොහොත් ඇස් සියයක් තුබුණු හෙයින් ඔහු පැනොටීස් (සියල්ල දකින්නා) යන නමින් ද හැඳින්විණ. ග්‍රීක දේවකථා අනුව හීරා (බ) දෙවඟන තම සැමියා වූ සෙයුස් සමඟ අනිසි සබඳකමක් පැවැත්වූ අයෝ නමැති පූජක ස්ත්‍රිය එළදෙනක බවට පමුණුවා ඇය රැක බලා ගැනීම ආගස්ට පැවරුවාය. එහෙත් සෙයුස්ගේ වුවමනාව පරිදි හර්මීස් (බ.) තම බටනළා සංගීතයෙන් ආගස් නිදිගන්වා ඔහුගේ හිස සිඳ ලිය. අනතුරුව හීරාතම ප්‍රියතම පක්ෂියා වූ මොනරාගේ පිල්වල ආගස්ගේ ඇස් බහා ලූවාය.
(සංස්කරණය: 1965)