"ආජීවාෂ්ටමකශීලය" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('සම්‍යක් ආජීවය හෙවත් දැහැමි දිවිපැවැත්ම අටවැන...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

18:17, 9 ජූලි 2024 තෙක් සංශෝධනය

සම්‍යක් ආජීවය හෙවත් දැහැමි දිවිපැවැත්ම අටවැනි කොට ඇති ශීලය ආජීවාෂ්ටමක ශීල නම් වේ. ප්‍රාණඝාත, අදත්තාදාන, කාමමිථ්‍යාචාර (අබ්‍රහ්මචර්යා) යන මේ පව් තුනින් වැළකීම කායික සංවරයයි. බොරු කීමෙන්, කේළාම් කීමෙන්, රළු වචන කීමෙන්, හිස් වචන කීමෙන් වැළකීම වාචසික සංවරයයි. මේ සිල්පද හතට ආජීවය හෙවත් මිථ්‍යා ආජීවයෙන් වැළක ධාර්මික ආජීවයෙහි යෙදීම නමැති අටවන ශික්ෂා පදය ඇතුළු වීමෙන් ආජීවාෂ්ටමක ශීලය සම්පූර්ණ වේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආජීවාෂ්ටමකශීලය&oldid=5784" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි