"ආමන්ඩ් තෙල්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ආමන්ඩ් යනු බටහිර ආසියාවේ ද දකුණු යුරෝපයේ ද වැව...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

09:37, 11 ජූලි 2024 වන විට නවතම සංශෝධනය

ආමන්ඩ් යනු බටහිර ආසියාවේ ද දකුණු යුරෝපයේ ද වැවෙන්නාවූ, උද්භිද විද්‍යාවෙහි දී ප්රූනස් ඒමයිග්ඩාලිස් (Prunus amygdalis) නමින් හඳුන්වනු ලබන්නාවූ, කුඩා ගසකි. රෝසාසේ (බ.) කුලයට අයත් මෙහි මල් විශාලය, සුදට හෝ රෝස පාටට හෝ හුරුය. ආමන්ඩ් දෙවර්ගයක් තිබේ. එකක ගෙඩි පැණි රසය, කෑමට සුදුසුය. අනික් වර්ගය තික්තය. කෑමට නුසුදුසුය.

ආමන්ඩ් ගෙඩියේ මදය මිරිකීමෙන් කහ පාටට හුරු පැහැදිලි තෙලක් ලැබේ. වැඩි වශයෙන් ම මේ සඳහා භාවිත කරන්නේ තිත්ත ආමන්ඩ් මදයයි. ඇතැම් විට ආමන්ඩ් දෙවර්ගයේ මිශ්‍රණයක් ද භාවිත කරනු ලැබේ. ආමන්ඩ් තෙල් වැඩි වශයෙන් භාවිත කරන්නේ ඖෂධ වර්ග දිය කිරීම පිණිසය. මෙය තරමක් දුරට දුර්ලභ තෙලක් හෙයින් විකිණීමට පෙර සාමාන්‍යයෙන් බාල කරනු ලැබේ.

ආමන්ඩ් පුන්නක්කුවලට වතුර ගැසූ විට එහි ඇත්තාවූ එමල්සින් එන්සයිමය එහි ම තිබෙන ඒමයින්ඩාලින් නම් ග්ලුකොසයිඩය හා ප්‍රතික්‍රියා කිරීමෙන් ග්ලූකෝස් ද හයිඩ්රාසයනික් (ප්‍රසික්) අම්ලය ද ආමන්ඩ්වල ඇත්තා වූ සාරමය තෙල වන බෙන්සැල්ඩිහයිඩ් ද දෙයි. ප්‍රසික් අම්ලය ඉවත් කිරීමෙන් පසු එය කෑමවලට යොදන ස්වාද ද්‍රව්‍යයක් වශයෙන් භාවිත කරනු ලැබේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආමන්ඩ්_තෙල්&oldid=5806" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි