"ආමොස්" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('ක්‍රි.පූ. අටවැනි සියවසේ විසූ යුදෙව් ජාතික අනාග...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
9 පේළිය: 9 පේළිය:
 
(සංස්කරණය: 1965)
 
(සංස්කරණය: 1965)
  
[[ප්‍රවර්ගය: යුදෙව් ආගම]]  
+
[[ප්‍රවර්ගය: පුද්ගල චරිත - යුදෙව් ආගම]]  
  
 
[[ප්‍රවර්ගය: ආ]]
 
[[ප්‍රවර්ගය: ආ]]

10:13, 11 ජූලි 2024 වන විට නවතම සංශෝධනය

ක්‍රි.පූ. අටවැනි සියවසේ විසූ යුදෙව් ජාතික අනාගත වක්තෘවරයෙකි. ඊශ්‍රායෙලයේ දෙවැනි යෙරොබෝවම් සහ යුදාහි උශ්ශියා යන රජුන් කල යෙරුසලම් පුරයට දකුණින් පිහිටි තෙකොවා නම් ගමෙහි විසූ ඔහු ජීවිකාව සපයා ගත්තේ එඬේරකු ලෙසිනි.

මහත් ධනය නිසා දූෂිතව හුන් පොහොසතුන්ගෙන් ද ඔවුන් අතින් බොහෝ පීඩා අසරණ දුගියන්ගෙන් ද සැදුණු සමකාලීන යුදෙව් සමාජය ඔහුගේ ප්‍රබල විවේචනයට ලක් විය. දුගියන්ගේ යහපත පිණිස කොහෙත් ම නොවෙහෙසුණු ආත්මාර්ථකාමී රජුට බෙතෙල්හි පිහිටි රාජකීය දේවස්ථානයෙහි දී ශාප කළ හෙතෙම මනුෂ්‍ය සමාජය කෙරෙහි යුක්තිය "ජලධාරාවක් මෙන් ද ධර්මිෂ්ඨකම බලවත් දියපාරක් මෙන් ද ගලාවා"යි ප්‍රාර්ථනා කරයි. "බලාත්කාරය හා කොල්ලය ඔවුන්ගේ මාළිගාවල රැස් කරන" අයටත් "ධර්මිෂ්ඨයා රිදී වලටත් දිළිඳා වහන් සඟලකටත් විකුණන" අයටත් "දිළිඳුන් ගිලගන්නා වූ ද දේශයේ දුප්පතුන් වැටෙන්ට සලස්වන්නා වූ ද" අයටත් රැවටිලිකමේ තරාදියෙන් බොරුවට කිරමින් ධාන්‍ය විකුණන කවදා වුවත් බිහිසුණු දඬුවම් ලැබෙනු නියත බවට ඔහු අනාවැකි කියයි.

දෙවියන්වහන්සේ වූකලි ඊශ්‍රායෙල්වරුන්ගේ පමණක් නොව මුළු මනුෂ්‍ය සංහතියේ ම දෙවි මහෝත්තමයා ලෙස හඳුන්වා දෙමින් ඒක දේවවාදය ප්‍රථමවරට ඉගැන්වූ අනාගතවක්තෘවරයා ආමොස් යයි කිව හැකිය.

ඔහුගේ අදහස් අන්තර්ගත 'ආමොස්ගේ පොත' ශුද්ධ බයිබලයේ පරණ තෙස්තමේන්තුවට අයිති සුළු අනාගතවක්තෘවරයන්ගේ පොත් අතුරින් තුන්වැන්නයි. ආමොස්ගේ මරණයෙන් බොහෝ කලකට පසුව ලියන ලද්දේ වුව ද පැරැණිතම යුදෙව් ජාතික අනාගතවක්තෘවරයකුගේ කියමන් අන්තර්ගත ග්‍රන්ථය එය වේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආමොස්&oldid=5820" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි