"ආට්‍රාටෝ" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('දකුණු අමෙරිකාවේ කොලම්බියා ජනපදයේ ගංගාවකි. ඇන...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

12:25, 11 ජූලි 2024 වන විට නවතම සංශෝධනය

දකුණු අමෙරිකාවේ කොලම්බියා ජනපදයේ ගංගාවකි. ඇන්ඩීස් කඳුවැටියේ බටහිර බෑවුමෙන් පටන් ගන්නා මෙය ඩේරියන් හෙවත් ඌරාබා (ඌරාවා) බොක්ක දක්වා උතුර බලා ගලා බසී. සැතැපුම් 400ක් පමණ දික් වූ මෙයින් වැඩි හරියක ම යාත්‍රා ගමනාගමනය කරන නමුත් මෝය අසල ඇති වැලි වැටී නිසා මුහුදු යාත්‍රාවලට මීට ඇතුළු විය නොහැකිය. මේ ගංගා පත්ලෙන් මැණික් ගරා ගනු ලැබේ. පැනමා ඇළ කැණීමට (1879) පෙර ආට්‍රාටෝ ගංගාව අත්ලන්තික් සාගරයත් ශාන්තිකර සාගරයත් සම්බන්ධ කළ හැකි ගංගා මාර්ගයක් වශයෙන් වශයෙන් විශේෂ සැලකිල්ලට භාජන වී තිබිණි.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ආට්‍රාටෝ&oldid=5835" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි