"මෙත්තගු මහ තෙර" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මුන්වහන්සේ ගෞතම බුද්ධ ශාසනයෙහි අසූමහා ශ්‍රාව...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

13:18, 12 ජූලි 2024 වන විට නවතම සංශෝධනය

මුන්වහන්සේ ගෞතම බුද්ධ ශාසනයෙහි අසූමහා ශ්‍රාවකයන් අතුරෙහි ලා සැලකෙත්.

බාවරි තාපසයන්ගේ සොළොස් ශිෂ්‍යයන්ගෙන් කෙනකු වූ මෙතෙම දහසක් පිරිවර සමඟ ගොස් බුදුන්ගෙන් ප්‍රශ්න විචාළේ ය. බුදුන් ප්‍රශ්න විසඳා අවසන් වෙත් ම පිරිවර ජනයාත් සමඟ හේ අර්‍හත්වයට පැමිණියේ ය. ඔහුගේ ප්‍රශ්නය වූයේ ලෝකයේ විවිධ රෝග හටගන්නේ කෙසේද යන්න ය. උපධි කරණ කොට ගෙනැයි බුදුහු පිළිතුරු දුන්හ. අනික් පසලොස් දෙනා ද මෙසේ ම පිරිවර සමඟ රහත් වූහ.

(කර්තෘ: අඥාතයි)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=මෙත්තගු_මහ_තෙර&oldid=5879" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි