"මොරටු දෙවි" හි සංශෝධන අතර වෙනස්කම්
Senasinghe (කතාබහ | දායකත්ව) (' (:*) තෙමේ පෙදෙසි දෙවියෙකි. ජනයාට බිය එළවන්නකු වූ...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
Senasinghe (කතාබහ | දායකත්ව) |
||
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්) | |||
1 පේළිය: | 1 පේළිය: | ||
− | + | මෙතෙමේ පෙදෙසි දෙවියෙකි. ජනයාට බිය එළවන්නකු වූ බැවින් මොරටු යකා'යි ද ව්‍යවහාර කළ බව පෙනේ. හේ සාමාන්‍යයෙන් ගව පාලනය සහ ගොවිතැන කෙරෙහි ද, විශේෂයෙන් වසුපැටියන් කෙරෙහි ද බලපාන්නේ ය. මොහුගේ උත්පත්ති කථාව එන්නේ ජනප්‍රවාදයක් ලෙසිනි. | |
− | මොරටු පෙදෙස හවුරුදු සිය ගණනකට පෙර එලිමහන් නොවු ගම්ගොඩ කීපයකන් යුක්ත විය. එකල ගොවිතැනත් ගවපාලනයත් කරමින් සැහැසි කමින් ජීවත් වූ එක් පුරුෂයෙක් මොරටු පිටියෙහි ගොවිපැලක් කොට ගෙන හුදකලාව | + | |
− | ගම්වැසියනට අනුශාසනා කරමින් සිටි බැවින් යථෝක්ත කපටියා මළ පසු ඔහු වෙනුවෙන් පහන් දල්වා පින්පෙත් දෙන්නට අසල්වැස්සෝ පටන් ගත්හ. කල්යාමෙන් සෙස්සෝ ද එය අනුගමනය කරන්නට වූහ. මිනිස් අත්බැව්හි ලත් අභ්‍යාසය නිසා යක්ෂාත්මභාවයෙක ඉපැදී පැරණි සිරිතෙහි යෙදීමෙන්දෝ ඒ තැනැත්තා මළ පසුත් වස්සන් නැතිවීමාදිය කෙරෙන්නට වන. එයින් මොරටු දෙවියා ගැන විශ්වාසය තහවුරු | + | මොරටු පෙදෙස හවුරුදු සිය ගණනකට පෙර එලිමහන් නොවු ගම්ගොඩ කීපයකන් යුක්ත විය. එකල ගොවිතැනත් ගවපාලනයත් කරමින් සැහැසි කමින් ජීවත් වූ එක් පුරුෂයෙක් මොරටු පිටියෙහි ගොවිපැලක් කොට ගෙන හුදකලාව විසී ය. ඉඩ කඩ බලා අවට පෙදෙසින් වසුපැටවකු හෝ ළමයකු සොරා ගෙන ගොස් වනයේ සඟවා තබා එය නොදන්නකු මෙන් ඒ ගැන කතා කරන තැනට පැමිණ “මෙය මොරටු යකාගෙන් වන දෙයෙකි. ඔහුට පූජාවක් කළොත් නැතිවූවක් ලැබෙනු ඇත” කියා මිනිසුන් පූජාවට පොළඹවා ලීම යථෝක්ත පුරුෂයාගේ සිරිත විය. පූජාව සඳහා ගන්නට කියැවුණේ තමාට අවශ්‍ය දේ ය. මිනිස්සු ඒ අනුව පූජා පවත්වන්නට වූහ. පූජාව ගෙන ගොස් වනයේ තැබූ පසු වසුපැටියා හෝ දරුවා ගමට පමුණුවනු ලැබී ය. දෙපක්ෂයේ ම අභිමතාර්‍තය ඉන් සැලැසුණේ ය. |
− | ඇතැමුන් කියන්නේ මොරටු දෙවියා යකකු | + | |
− | අවුරුද්දකට වරක් ගමේ | + | ගම්වැසියනට අනුශාසනා කරමින් සිටි බැවින් යථෝක්ත කපටියා මළ පසු ඔහු වෙනුවෙන් පහන් දල්වා පින්පෙත් දෙන්නට අසල්වැස්සෝ පටන් ගත්හ. කල්යාමෙන් සෙස්සෝ ද එය අනුගමනය කරන්නට වූහ. මිනිස් අත්බැව්හි ලත් අභ්‍යාසය නිසා යක්ෂාත්මභාවයෙක ඉපැදී පැරණි සිරිතෙහි යෙදීමෙන්දෝ ඒ තැනැත්තා මළ පසුත් වස්සන් නැතිවීමාදිය කෙරෙන්නට වන. එයින් මොරටු දෙවියා ගැන විශ්වාසය තහවුරු වූයේ ය. |
− | පෙර අරක්කු පෙරීම ගැන මොරටුව ප්‍රධාන තැන ගත්තේ ය. ක්‍රි.ව. 1830 පමණේ දී ජනරල් බාර්න්ස් ආණ්ඩුකාර තුමාගේ නියෝගයකින් එහි අරක්කු පෙරීම නැවතුණු නමුදු පිට නගරයන්හි පෙරූ | + | |
− | + | ඇතැමුන් කියන්නේ මොරටු දෙවියා යකකු බව ය. ඔහුට බාරහාර දී යාතිකා කරන්නාට කපුරාළ යයි නොකියා යක්දෙස්සා යයි කීම ද ඊට එක් සාක්ෂ්‍යයෙක් වේ. ඒ කෙසේ වුව ද කාලාන්තරයක් පුරුදු වී කර කියා ආ දැය ජපවීම නිසාදෝ මොරටු දෙවියන්ගේ අනුහස් දැනුදු පවතින බව කියති. එබැවින් ඔහු ගැන විශ්වාස කරන්නෝ මොරටු දෙවියාට අක්යාළ වෙන් කොට තබා මිස අලුත්බත් නොකති. අන්‍ය බාරහාර ඇතොත් ඉන් මිදී මිස තෙල්වළන් ළිප නොතබත්. මොරටු පෙදෙසෙහි වසුපැටවකු හෝ දරුවකු හෝ උපන් විට මොරටු දෙවියන් නමට කරකප්පටයක් පඬුරක් බැඳ ගොක්කොළයක් ගැටගසා පොල්ගසක් වෙන් කිරීමෙන් මහත් ආරක්ෂාවක් සැලැසෙන බව කියති. ළදරුවනට ඇතිවන බාලගිරි දෝෂය මේ ලෙසින් ආරක්ෂා කරනු ලැබූ මොරටු දෙවි දරුවන් කිසිසේත් ස්පර්ශය නොකරන බව ද කියති. | |
− | + | ||
− | ඩී. සී. දිසානායක | + | අවුරුද්දකට වරක් ගමේ සියලුදෙනා ම එකතුව තම තමන්ගේ බාරහාරයන්ගෙන් මිදීම පිණිස මොරටු දෙවියන් නමට දෙන දානයක් ඇත්තේ ය. වෙන දෙවියන් උදෙසා පවතින සේ මෙම දෙවියන් උදෙසා ද කියන කන්නළවු, ස්තොත්‍ර, යාදිනි, කෝල්මුර පවතී. ඒවායෙහි සඳහන් වෙන්නේ සිද්ද මොරටුවේ උඩගේ රාළහාමි, සිද්ද මොරටුවේ උඩගේ මන්ත්‍රීශ්වරයාණන් වහන්සේ කියා ය. ඔහුට කැප කළ දෙවොලක් කඩුවෙල පළාතෙහි ඇතැයි පැවසේ. |
+ | |||
+ | පෙර අරක්කු පෙරීම ගැන මොරටුව ප්‍රධාන තැන ගත්තේ ය. ක්‍රි.ව. 1830 පමණේ දී ජනරල් බාර්න්ස් ආණ්ඩුකාර තුමාගේ නියෝගයකින් එහි අරක්කු පෙරීම නැවතුණු නමුදු පිට නගරයන්හි පෙරූ අරක්කුවලින් වැඩිහරිය අලෙවි වුණේ මොරටුවට ය. එය සැලැකීමෙන් අරක්කුවලට ද ව්‍යාජනාමයක් වශයෙන් මොරටු දෙයියෝ යයි ව්‍යවහාරව එයි. | ||
+ | |||
+ | (කර්තෘ: [[ඩී.සී. දිසානායක]]: 1957) | ||
+ | |||
+ | (සංස්කරණය නොකළ) | ||
+ | |||
+ | [[ප්‍රවර්ගය: මෙරට දෙවිදේවතාවුන් සහ යක්ෂයෝ]] | ||
+ | |||
+ | [[ප්‍රවර්ගය: මො]] |
18:51, 12 ජූලි 2024 වන විට නවතම සංශෝධනය
මෙතෙමේ පෙදෙසි දෙවියෙකි. ජනයාට බිය එළවන්නකු වූ බැවින් මොරටු යකා'යි ද ව්‍යවහාර කළ බව පෙනේ. හේ සාමාන්‍යයෙන් ගව පාලනය සහ ගොවිතැන කෙරෙහි ද, විශේෂයෙන් වසුපැටියන් කෙරෙහි ද බලපාන්නේ ය. මොහුගේ උත්පත්ති කථාව එන්නේ ජනප්‍රවාදයක් ලෙසිනි.
මොරටු පෙදෙස හවුරුදු සිය ගණනකට පෙර එලිමහන් නොවු ගම්ගොඩ කීපයකන් යුක්ත විය. එකල ගොවිතැනත් ගවපාලනයත් කරමින් සැහැසි කමින් ජීවත් වූ එක් පුරුෂයෙක් මොරටු පිටියෙහි ගොවිපැලක් කොට ගෙන හුදකලාව විසී ය. ඉඩ කඩ බලා අවට පෙදෙසින් වසුපැටවකු හෝ ළමයකු සොරා ගෙන ගොස් වනයේ සඟවා තබා එය නොදන්නකු මෙන් ඒ ගැන කතා කරන තැනට පැමිණ “මෙය මොරටු යකාගෙන් වන දෙයෙකි. ඔහුට පූජාවක් කළොත් නැතිවූවක් ලැබෙනු ඇත” කියා මිනිසුන් පූජාවට පොළඹවා ලීම යථෝක්ත පුරුෂයාගේ සිරිත විය. පූජාව සඳහා ගන්නට කියැවුණේ තමාට අවශ්‍ය දේ ය. මිනිස්සු ඒ අනුව පූජා පවත්වන්නට වූහ. පූජාව ගෙන ගොස් වනයේ තැබූ පසු වසුපැටියා හෝ දරුවා ගමට පමුණුවනු ලැබී ය. දෙපක්ෂයේ ම අභිමතාර්‍තය ඉන් සැලැසුණේ ය.
ගම්වැසියනට අනුශාසනා කරමින් සිටි බැවින් යථෝක්ත කපටියා මළ පසු ඔහු වෙනුවෙන් පහන් දල්වා පින්පෙත් දෙන්නට අසල්වැස්සෝ පටන් ගත්හ. කල්යාමෙන් සෙස්සෝ ද එය අනුගමනය කරන්නට වූහ. මිනිස් අත්බැව්හි ලත් අභ්‍යාසය නිසා යක්ෂාත්මභාවයෙක ඉපැදී පැරණි සිරිතෙහි යෙදීමෙන්දෝ ඒ තැනැත්තා මළ පසුත් වස්සන් නැතිවීමාදිය කෙරෙන්නට වන. එයින් මොරටු දෙවියා ගැන විශ්වාසය තහවුරු වූයේ ය.
ඇතැමුන් කියන්නේ මොරටු දෙවියා යකකු බව ය. ඔහුට බාරහාර දී යාතිකා කරන්නාට කපුරාළ යයි නොකියා යක්දෙස්සා යයි කීම ද ඊට එක් සාක්ෂ්‍යයෙක් වේ. ඒ කෙසේ වුව ද කාලාන්තරයක් පුරුදු වී කර කියා ආ දැය ජපවීම නිසාදෝ මොරටු දෙවියන්ගේ අනුහස් දැනුදු පවතින බව කියති. එබැවින් ඔහු ගැන විශ්වාස කරන්නෝ මොරටු දෙවියාට අක්යාළ වෙන් කොට තබා මිස අලුත්බත් නොකති. අන්‍ය බාරහාර ඇතොත් ඉන් මිදී මිස තෙල්වළන් ළිප නොතබත්. මොරටු පෙදෙසෙහි වසුපැටවකු හෝ දරුවකු හෝ උපන් විට මොරටු දෙවියන් නමට කරකප්පටයක් පඬුරක් බැඳ ගොක්කොළයක් ගැටගසා පොල්ගසක් වෙන් කිරීමෙන් මහත් ආරක්ෂාවක් සැලැසෙන බව කියති. ළදරුවනට ඇතිවන බාලගිරි දෝෂය මේ ලෙසින් ආරක්ෂා කරනු ලැබූ මොරටු දෙවි දරුවන් කිසිසේත් ස්පර්ශය නොකරන බව ද කියති.
අවුරුද්දකට වරක් ගමේ සියලුදෙනා ම එකතුව තම තමන්ගේ බාරහාරයන්ගෙන් මිදීම පිණිස මොරටු දෙවියන් නමට දෙන දානයක් ඇත්තේ ය. වෙන දෙවියන් උදෙසා පවතින සේ මෙම දෙවියන් උදෙසා ද කියන කන්නළවු, ස්තොත්‍ර, යාදිනි, කෝල්මුර පවතී. ඒවායෙහි සඳහන් වෙන්නේ සිද්ද මොරටුවේ උඩගේ රාළහාමි, සිද්ද මොරටුවේ උඩගේ මන්ත්‍රීශ්වරයාණන් වහන්සේ කියා ය. ඔහුට කැප කළ දෙවොලක් කඩුවෙල පළාතෙහි ඇතැයි පැවසේ.
පෙර අරක්කු පෙරීම ගැන මොරටුව ප්‍රධාන තැන ගත්තේ ය. ක්‍රි.ව. 1830 පමණේ දී ජනරල් බාර්න්ස් ආණ්ඩුකාර තුමාගේ නියෝගයකින් එහි අරක්කු පෙරීම නැවතුණු නමුදු පිට නගරයන්හි පෙරූ අරක්කුවලින් වැඩිහරිය අලෙවි වුණේ මොරටුවට ය. එය සැලැකීමෙන් අරක්කුවලට ද ව්‍යාජනාමයක් වශයෙන් මොරටු දෙයියෝ යයි ව්‍යවහාරව එයි.
(කර්තෘ: ඩී.සී. දිසානායක: 1957)
(සංස්කරණය නොකළ)