"මුංකොටුවේ අබේසිංහ රාළ" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('== මුංකොටුවේ අබේසිංහ රාළ == සිංහල කවීන් හිටිවන ක...' යොදමින් නව පිටුවක් තනන ලදි)
(වෙනසක් නොමැත)

23:15, 12 ජූලි 2024 තෙක් සංශෝධනය

මුංකොටුවේ අබේසිංහ රාළ

සිංහල කවීන් හිටිවන කවි කීමේ තරඟයට මෙහෙයවා ඔවුන්ගේ සමත්කම් බලා ප්‍රීති වන පිණිස සිංහල රජුන් පැවැත් වූ කවිකාර මඩුවෙහි කීර්‍තති ශ්‍රී මහ වාසල සමයෙහි සිටි විරුදු හා පරොහු කීමෙහි සමත් කවියෙකි. හේවාහටු මුංකොටුව ඔහුගේ නිජ භූමිය වූ හෙයින් හේ මුංකොටුවේ රාළ නමින් හැඳින්විණ. පරම්පරා නාමය වශයෙන් ව්‍යවහාර කළේ 'අබේසිංහ' යනුයි. මොරතොට මාහිමි චරිතය පැවැසෙන මොරතොට වතත් සඟරාජ වතත් මොහුගේ සාහිත්‍ය කෘතීහු වෙති.

"මහණ වෙලා ගෙන් ගෙට බත් සඟවා

එහෙම කරල අඹු දරුවන් තැනුවා

ඔහොම නිඟා කර දෙලොව රැවටුවා

කොහොම කීද මුංකොටු හීරලුවා"

යන කවිකාර මඩුවෙහි විරුදුව ඔහු මහණ වි සිට සිවුරු හැර ගිහි දිවිපෙවෙතට බට කෙනකු බව කියයි. මීට වඩා මොහු ගැන තොරතුරක් සොයා ගැනීමට නැති.

(කර්තෘ: ඩී.සී. දිසානායක: 1958)

(සංස්කරණය නොකළ)