"අල් නාබිඝ" හි සංශෝධන අතර වෙනස්කම්
සිංහල විශ්වකෝෂය වෙතින්
Senasinghe (කතාබහ | දායකත්ව) ('(535-604?). මහමත්තුමා පහළ වීමට පෙර විසූ අරාබි කවියෙක...' යොදමින් නව පිටුවක් තනන ලදි) |
(වෙනසක් නොමැත)
|
11:36, 17 ජූලි 2024 වන විට නවතම සංශෝධනය
(535-604?). මහමත්තුමා පහළ වීමට පෙර විසූ අරාබි කවියෙකි. අල් හීරා නුවර නුමාන් රාජ සභාව හෙබවූ ඔහුට සතුරන්ගේ කූට ප්‍රයෝග නිසා එනුවරින් පලා යෑමට සිදුවිය. ඉක්බිති ඔහු අමිර් භාරිත් නම් රජුගේ අනුග්‍රහයෙන් ඝසාන්හි වෙසෙමින් අනගි ප්‍රශස්ති කාව්‍ය රචනා කෙළේය. එහෙත් අල් හීරා පුරයෙන් ඉවත්වීමේ ශෝකය දරාගත නුහුණු හෙතෙම ස්වකීය නිර්දෝෂත්වය ප්‍රකාශ කොට එහි රජු වෙත කාව්‍ය රචනා යැවීම පුරුද්දක් කර ගත්තේය. එහි ප්‍රතිඵලයක් වශයෙන් නුමාන් රාජ සභාවට යළිත් පිවිසීමට ඔහුට ඉඩ ලැබිණ. ඝසානියන් රජකු වූ කිස් රා පර්විශ්ගේ නියමය පරිදි නුමාන් රජු මැරීම ගැන ශෝකයට පත් හෙතෙමේ රාජ සභාව හැර සගෝත්‍රිකයන් කරා ගියේය.
සිරියාවේ සහ ඉරාකයේ බොහෝ කලක් විසූ ඔහු තුළ ක්‍රිස්තු ධර්මය පිළිබඳව ද මනා අවබෝධයක් තුබුණු බව කියති.
(සංස්කරණය: 1965)