"අල් ෂාන්ෆාරා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('මහමත්තුමාගේ සමයට පෙර විසූ අරාබි ජාතික කවියෙක...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

12:55, 17 ජූලි 2024 වන විට නවතම සංශෝධනය

මහමත්තුමාගේ සමයට පෙර විසූ අරාබි ජාතික කවියෙකි. දාමරිකයෙකි. ළමා කල්හි දී ම බනු සලාමාන් නමැති නායකයකු විසින් සොරාගෙන යනු ලැබූ අල් ෂාන්ෆාරා ඇති දඩි වූයේ එම නායකයා යටතේය. පසුව තමා පිළිබඳ සියලු පුවත් දැනගත් හෙතෙමේ සෙබළුන් සියයක් මරා පළිගන්නා බවට දිවුරා සිය ජනයා කරා පලා ගියේය. කාව්‍ය ප්‍රබන්ධයෙහි ද දක්ෂ වූ ෂාන්ෆාරාගේ කෘති අතුරින් 'ලා මියියටු‘ල්’අරබ්' යන රචනය ඉතා ජනප්‍රියව පවතින්නකි. පසු කලෙක සිය සතුරාගෙන් පළිගැනීම සඳහා කළ සටනක දී සලාමාන්ගේ සෙබළුන් අනූනව දෙනකු විනාශ කළ පසු අල් ෂාන්ෆාරා ද මැරී වැටුණේය. ඉන් පසු ඔහුගේ හිස් කබලට පා පහර දුන් සතුරු සෙබළකු එයින් ලත් තුවාළවලින් මරුමුවට පත්වූයෙන් ඔහුගේ ප්‍රාර්ථනාව ඉටු වූ සේ සලකනු ලැබේ.

(සංස්කරණය: 1965)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අල්_ෂාන්ෆාරා&oldid=6025" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි