"කුමාදීර් බින්ක් අම්ර් අල්ඛංසා" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('(?-645). අරාබි ජාතික ශ්‍රෙෂ්ඨ කිවිවරියකි. මෝ තොමෝ ශ...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
(වෙනසක් නොමැත)

08:31, 18 ජූලි 2024 වන විට නවතම සංශෝධනය

(?-645). අරාබි ජාතික ශ්‍රෙෂ්ඨ කිවිවරියකි. මෝ තොමෝ ශෝකගීත රචනයෙහි ලා අතිශයින් කීර්තිධරව සිටියාය.

ඇය විසින් පද්‍ය නිබන්ධය කරන ලද්දේ සිය පියා ද ගෝත්‍රික සටන්වලින් මිය ගිය සිය සහෝදරයන් දෙදෙනා ද වස්තුකොටගෙනය. එකල විසූ ශ්‍රෙෂ්ඨතම අරාබි කිවිවරිය වශයෙන් කීර්තියක් ලැබීමට ඇගේ මේ ශෝක ගීත හේතු විය.

පසු කලෙක සිය ගෝත්‍රිකයන් සමඟ ඉස්ලාම් ධර්මය වැලඳ ගත් නමුදු ඉස්ලාම් නීතිරීතිවලට පටහැණි වූ ශෝකලකුණු පැලඳීම අත්හිටවීමට ඈ නොකැමති වූවාය.

(සංස්කරණය: 1965)